Friday, June 6, 2025
HomeBiz Newsනිදහසට අරුතක් එක්කරමින් Sun Match සමාගම සිය නිර්මාතෘ අනුස්‌මරණය පිණිස 'නැවත ඇවිදිමු'...

නිදහසට අරුතක් එක්කරමින් Sun Match සමාගම සිය නිර්මාතෘ අනුස්‌මරණය පිණිස ‘නැවත ඇවිදිමු’ වැඩසටහන ක්‍රියාත්මක කරයි ..

සූර්යා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකූරු නිපදවූ සමාගම මෙන්ම හඳුන්කූරු, ඉටිපන්දම් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් වෙළඳපොළට හඳුන්වා දී ඇති Sun Match සමාගමේ නිර්මාතෘ ටී. ආර්. ආර්. රාජන් මහතා අභාවප්‍රාප්ත වී වසර 21 ක් පිරීම නිමිත්තෙන්, 2024 ජනවාරි මස 31 වන දින එම සමාගම විසින් තවත් ප්‍රජා සත්කාරයක් සිදුකරන ලදී. ‘නැවත ඇවිදිමු’ යන තේමාව යටතේ ක්‍රියාවට නංවනු ලබන මෙම ප්‍රජා සත්කාර මාලාව දශක දෙකකට අධික කාලයක සිට සිදුකෙරේ.

පාද අහිමි වූ අඩු ආදායම්ලාභීන්ට කෘත්‍රීම පාද පරිත්‍යාග කිරීම ‘නැවත ඇවිදිමු’ ප්‍රජා සත්කාර වැඩසටහනේ අරමුණයි. එමෙන්ම තම ජීවිත ගොඩනගාගනිමින් සමාජයට වැඩදායී පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය මගපෙන්වීමද මෙමගින් ඔවුන්ට ලබාදෙනු ලැබේ. මේ යටතේ පසුගියදා පැවැත්වුණු වැඩසටහනට සූර්යා සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම මහත්මිය, Sun Match සමාගමේ සභාපති දේශමාන්‍ය සූරී රාජන් මහතා සහ සමාගමේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

“’නැවත ඇවිදිමු’ යනු ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් අප දක්වන කැපවීම නැවත නැවතත් තහවුරුකරන වැඩසටහනක්. Sun Match සමාගමේ නිර්මාතෘ ටී. ආර්. ආර්. රාජන් මහතා අභාවප්‍රාප්ත වී වසර 21 ක් පිරීම නිමිත්තෙන් අප සිදුකළ මේ ප්‍රජා සත්කාරය, එතුමන් ආරම්භ කළ මෙහෙවර ඉදිරියට ගෙන යාමක්වන අතරම, ආබාධිත වූවන්ට නව බලාපොරොත්තුවක් ඇතිකරවන මහඟු මෙහෙවරක් ලෙසද හැඳින්විය හැකියි. ‘නැවත ඇවිදිමු’ ඔස්සේ, තම ශක්තියෙන් නැගී සිටීමට වෙර දරන, සමාජයට ආදර්ශයක්වන අයගේ ජීවිත සවිබල ගැන්වීමේ සහ පරිවර්තනය කිරීමේ මෙහෙවර තුළ දිගින් දිගටම පෙරමුණ ගැනීමට අප බලාපොරොත්තු වනවා.” Sun Match සමාගමේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන අලෙවි නිලධාරිනී ගෞරි රාජන් මහත්මිය පැවසුවා ය.

කුණ්ඩසාලේ පිහිටි විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ නිවහන පුනර්ජීවනය උදෙසා දිවංගත ටී. ආර්. ආර්. රාජන් මහතා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකළේ ය. රජයේ අනුමත පුණ්‍ය ආයතනයක්වන මෙම මධ්‍යස්ථානය, මෙරට ආබාධ සහිත පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් කෘත්‍රීම පාද නිෂ්පාදනය කරමින්, ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් එක්කිරීමට දීර්ඝ කාලයක පටන් කටයුතු කර තිබේ. ටී. ආර්. ආර්. රාජන් මහතා එම මධ්‍යස්ථානයේ සභාපති ලෙස කටයුතු කළ කාලයේදී ශ්‍රී ලංකා රජය හා රොටරි සමාජය මෙන්ම USAID සහ NORAD වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව කටයුතු කරමින්, ආබාධ සහිත පුද්ගලයන්ට ජාති ආගම් භේදයකින් තොරව කෘත්‍රීම පාද පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය.

ආර්ථික හා ව්‍යාපාරික අභියෝග හමුවේ පවා අඛණ්ඩව වසර 21 ක් පුරා මෙම වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමාගම සමත් වී ඇත. මෙම කාණ්ඩයේ සමාගම් අතරින් මෙවැනි පරිමාණයේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාවට නංවන එකම සමාගම Sun Match වීම විශේෂත්වයකි.

දිගින් දිගටම ආයතනික ප්‍රජා සත්කාර මෙහෙවර වෙනුවෙන් කැපවෙමින්, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇතිකිරීම Sun Match සමාගමේ අරමුණ වී තිබේ. ආබාධවලට ලක් වූ පුද්ගලයන්ට නැවත ඇවිදීමට අවස්ථාව සලසා දෙමින්, ඔවුන්ට ශ්‍රම බලකායට එක් වී ශක්තිමත්, ගෞරවණීය හා ස්වාධීන ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දෙන ‘නැවත ඇවිදිමු’ ප්‍රජා සත්කාරය එම අරමුණ ඉටුකරගැනීමේ ප්‍රයත්නයෙහි අනිවාර්ය අංගයක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..