Sunday, June 8, 2025
HomeBiz NewslINSEE සිමෙන්ති,  පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය EPD සහතිකය  ලබා ගත් ශ්‍රී ලංකාවේ...

lINSEE සිමෙන්ති,  පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය EPD සහතිකය  ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වෙයි…

මෙරට සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන INSEE සිමෙන්ති සිය පුළුල් නිෂ්පාදන කළඹ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය (Environmental Product Declarations) හෙවත් EPD සහතිකය ලබා ගැනීමට සමත් විය. එමෙන් ම INSEE සිමෙන්ති සමාගම මෙම  සහතිකය හිමි කර ගත්  ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත් වෙමින් ඉතිහාස ගත වීම ද සුවිශේෂී ජයග්‍රහණයකි.

ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති ප්‍රමිති සහතිකයක් වන EPD සහතිකය පිරිනැමීමේ දී යම් නිෂ්පාදනයක සමස්ත ජීවන චක්‍රය තුළ පාරිසරික ක්‍රියාකාරීත්වය හා පරිසර හිතකාමී බව  පිළිබඳ තෙවන පාරිශ්වීය සමීක්ෂණයක් ඔස්සේ සවිස්තරාත්මක සහ ප්‍රමිතිගත වාර්තාවක් ඉදිරිපත් කිරීම විශේෂිත ය. INSEE සිමෙන්ති මගින් ගෙන එන විවිධාංගීකරණය වූ සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන කළඹ,  තිරසාර නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කරමින් දැඩි තක්සේරු ක්‍රියාවලියකට සහ විවිධ පර්යේෂණයන්ට ලක් වී ඇත.

මේ පිළිබඳ ව අදහස් දක්වමින්  INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා ප්‍රකාශ කළේ, ” අපගේ පරිසරයට හානියක් වීමෙන් තොර ව ඉදි කිරීම් කටයුතු සිදු කිරීමට හැකි වන පරිදි මේ රටේ ඉදි කිරීම් ක්ෂේත්‍රයක් ගොඩ නැංවීමට  INSEE සිමෙන්ති සමාගම නිරන්තරයෙන් කැප වෙනවා.  අප ලබා ගත්  EPD සහතිකය මේ සඳහා හොඳ ම සාක්ෂියක්. අපගේ ඉලක්කය වන්නේ  ගනුදෙනුකරුවන් වෙත උසස් තත්ත්වයේ, පරිසර හිතකාමී ඉදි කිරීම් විසඳුම් අඛණ්ඩව ලබා දීම යි. ඒ නිසා ම තිරසාර භාවිතයන් වෙනුවෙන් අපි අඛණ්ඩ ව ආයෝජනය කරමින්, නවෝත්පාදන අංශය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.” යනුවෙනි.

EPD සහතිකය යනු  පාරිසරික සහ මානව සෞඛ්‍ය සඳහා යම් නිෂ්පාදනයක බලපෑම තක්සේරු කරනු ලබන ප්‍රමිති ගත ලේඛනයක් වන අතර, එය ISO 14025 ප්‍රමිතියෙන් සහ විද්‍යාත්මක පිය සටහන් (Scientific foot printing)   මත පදනම් වූ ජීවන චක්‍ර ඇගයීම් (Life Cycle Assessment) ක්‍රමවේදයෙන් සමන්විත වේ.

සිය නිෂ්පාදනවල පාරිසරික බලපෑම පිළිබඳ විනිවිද පෙනෙන පර්යේෂණ ක්‍රමවේදයක් තුළින් මෙම  EPD සහතිකය ලබා ගැනීම හරහා  INSEE සිමෙන්ති හරිත මෙන් ම වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන්  මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින් වෙත සහයෝගය ලබා දීමට අරමුණු කරයි.

EPD සහතිකය ලබා දීමේ ක්‍රියාවලිය,  ස්වීඩනයේ ලියාපදිංචි සීමිත සමාගමක් වන EPD International AB මගින් ක්‍රියාත්මක කෙරෙන අතර,  එමගින් ජාත්‍යන්තර EPD පද්ධතියේ පරිපාලනය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත වගකීම දරයි.  EPD International AB ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙබස්තියන් ස්ටිලර් මහතා INSEE සිමෙන්ති සමාගම ලබා ගත් මෙම  ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දැක්වුවේ මේ අයුරිණි.  “ සාමාන්‍යයෙන්, සමාගම් තම නිෂ්පාදනවල පරිසර හිතකාමී බව විනිවිදභාවයෙන් යුතුව ප්‍රකාශ කිරීමට, හරිත අනාගතයක් ගොඩ නැංවීම වෙනුවෙන් සිය කැප වීම හා දායකත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා EPD සහතිකය ලබා ගැනීමට උනන්දුවක් දක්වනවා. EPD සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම INSEE සිමෙන්ති සමාගම බවට පත් වීම් එම සමාගමට වගේ ම රටටත් විශාල ආඩම්බරයක්.”

INSEE සිමෙන්ති සිය පාරිභෝගික ජනතාවගේ ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලීම මෙන් ම, කාබන් විමෝචනය අවම කිරීමෙන් සහ  ස්වාභාවික  සම්පත් වගකීමෙන් යුතු ව භාවිත කිරීම ප්‍රවර්ධනය කරන නවීනතම, තිරසාර ගොඩනැගිලි විසඳුම් රැසක් ඉදිරිපත් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..