Thursday, June 5, 2025
HomeBiz NewsSLT-MOBITEL, අඛණ්ඩ හා කාර්යක්ෂම ජාල සම්බන්ධතා සහ Smart නිවාස පහසුකම් සැපයීමට Capitol...

SLT-MOBITEL, අඛණ්ඩ හා කාර්යක්ෂම ජාල සම්බන්ධතා සහ Smart නිවාස පහසුකම් සැපයීමට Capitol Developers ‘TwinPeaks’හා අත්වැල් බැඳගනී..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘TwinPeaks’ සුඛෝපභෝගී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා SLT-MOBITEL ෆයිබර් සබඳතා සහ Smart-නිවාස සේවා සැපයීමට, Sanken සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවෙකු සහ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියාවන Capitol Developers සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම, SLT-MOBITEL පාරිභෝගික ව්‍යාපාර අංශයේ ප්‍රධානී, ඉමන්ත විජේකෝන් සහ සීමාසහිත Capitol Towers සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ වන්නිගම මහතා අතර පසුගියදා අත්සන් කෙරිණි. එම අවස්ථාවට SLT-MOBITEL සහ Capitol Developers හි තවත් නියෝජිතයෝ කිහිප දෙනෙක්ද සහභාගී වුහ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව, SLT-MOBITEL විසින්, TwinPeaks සෑම මහල් නිවාස ඒකකයක් සඳහාම සිය නවීනතම ෆයිබර් සබඳතා සපයනු ඇත. මෙම ෆයිබර් සබඳතා මගින්, TwinPeaks නිවැසියන්ට ඔවුන්ගේ සියලුම ඩිජිටල් අවශ්‍යතා සඳහා අධිවේගී, විශ්වාසදායක සහ අඛණ්ඩ අන්තර්ජාල සබඳතාවයකට ප්‍රවේශය සහතික කරනු ඇත.

මීට අමතරව, නිවාස සංකීර්ණයේ පළමු කුළුණෙහි 12 වන මට්ටමේ ඇති ප්‍රදර්ශනය සඳහා නිමවා ඇති A3 මහල් නිවාසය, අති නවීන තාක්ෂණය මඟින් ලබා දෙන වැඩි දියුණු කළ ආරක්ෂාව, පහසුව සහ සමස්තයක් ලෙසින් ඉහළ මට්ටමේ ජීවන තත්ත්වය, මෙම නිවාස සංකීර්ණය Smart නිවාස සේවාවන්ගෙන් සන්නද්ධ කරනු ඇත. SLT-MOBITEL Smart තාක්ෂණ සමගින්, නිවැසියන්ට තම ජංගම උපාංගයක ස්ථාපනය කෙරෙන තනි යෙදුමක් හරහා, ආලෝක තත්වය, ආරක්ෂක පද්ධතීන් සහ විනෝදාස්වාද පහසුකම් ඇතුළු තම නිවසේ විවිධ අංග පාලනය කිරීමට ඉඩ ලැබෙනු ඇත.

කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම Capitol TwinPeaks සංකීර්ණය, මහල් 50 ක් උසැති ද්විත්ව කුළුණු පද්ධතියක පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස 475 කින් සමන්විත වේ. එය පදිංචිකරුවන්ට නවීනත්වයේ පහසුව සමඟ අහස උසට නැඟුණු නිවාස සංකීර්ණයක ඇති සුඛෝපභෝගී ජීවන රටාවක් මුසු කොට ගත්, පෞද්ගලිකත්වය සහ සුවපහසුව එක් තැන් වූ අත්දැකීමක් සහතික කරයි.

“TwinPeaks නිවාස සංකීර්ණය, උසස් මට්ටමේ SLT-MOBITEL ෆයිබර් සබඳතාවයන්ගෙන් සන්නද්ධ කිරීම සඳහා Capitol Developers සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වෙනවා. අපගේ පාරිභෝගිකයින්ගේ ඩිජිටල් ජීවන රටාව උසස් මට්ටමකට ගෙන ඒම සඳහා නව්‍යෝත්පාදන විසඳුම් ලබාදීමට SLT-MOBITEL ඇප කැප වෙනවා. මෙම TwinPeaks නිවැසියන්ගේ දොරකඩට අතිනවීන තාක්ෂණය ගෙන එමින්,
අඛණ්ඩ හා කාර්යක්ෂම අන්තර්ජාල සබඳතා හා නිවැසියන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතාවයන් සපුරාලිය හැකි Smart නිවාස සේවා පහසුකම් සමඟින්,  ඔවුන්ගෙ ජීවන අත්දැකීම වඩාත් උසස් කිරීමට අපට මෙම හවුල්කාරීත්වය ඔස්සේ අවස්ථාව උදාවෙනවා” යනුවෙන් SLT-MOBITEL පාරිභෝගික ව්‍යාපාර අංශයේ ප්‍රධානී,ඉමන්ත විජේකෝන් මහතා පවසා සිටී.

එසේම, Capitol Towers සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ වන්නිගම මහතා මෙසේ අදහස් පළ කළේය. “Capitol TwinPeaks යනු හුදු තවත් එක් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් නොව සුඛෝපභෝගී සහ නවීන ජීවන රටාවක් පිළිබිඹු කරනා සංකේතයක්. මෙහි නිවැසියන්ට පළමු පන්තියේ පහසුකම් හිමිවිය යුතුයි. අති නවීන අන්තර්ජාල සබැඳියා සහ Smart නිවාස සේවා ඒකාබද්ධ කිරීම ඔස්සේ, Capitol TwinPeaks වෙතට තාක්‍ෂණික දියුණුව අතින් ඉදිරියෙන්ම සිටින්නට හැකියාව ලැබෙන බව අපි සහතික කරනවා. SLT-MOBITEL සමඟවන මෙම හවුල්කාරීත්වය සමඟින්, අපගේ නිවැසියන්ට බලාපොරොත්තුවන ප්‍රමාණයටත් වඩා ඔබ්බෙන්වන ජීවන රටාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙනු ඇති.”

SLT-MOBITEL සහ Capitol Developers අතරවන මෙම හවුල්කාරිත්වය මඟින්, කොළඹ නගරයට මායිම් වූ සුඛෝපභෝගී ජීවිතයක් සඳහා නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට නියමිතය. නවීන තාක්‍ෂණයේ බලසම්පන්න භාවය උකහා ගැනීමෙන්, මෙම නිවැසියන් හට සැනසිලිදායක, සුවපහසු නාගරික ජිවන අත්දැකීමක් භුක්ති විඳිය හැකි වනු ඇති අතරම, ඒ ඔස්සේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තවත් ශීඝ්‍රතාවයට පත් කරනා සන්ධිස්ථානයක් බවටද පත් වනු ඇත.

සියලු නාගරික පහසුකම්වලින් වලට ඇවිද යා හැකි දුරක් ඇති ලෙසින් පිහිටා ඇති Capitol TwinPeaks, සුවපහසුව, ආකර්ෂණීයභාවය සහ ආරක්ෂාව වෙත අවධානය යොමු කරමින් නිර්මාණය වූ නිවාස ඒකක හරහා, Capitol TwinPeaks නිවැසියන්ට කොළඹ පිහිටි පෞද්ගලිකත්වය ආරක්ෂා වූ, සුරක්ෂිත ජීවන අවකාශයක් සපයා දේ. මෙම ව්‍යාපෘතිය, ගුණාත්මකභාවය සහ සැලසුම් විශිෂ්ටත්වය සම්බන්ධයෙන් කීර්තිමත් නාමයකට හිමිකම් කියන Capitol Developers, Sanken Construction සහ ගෘහ නිර්මාණ ශිල්පීන්වන P&T Group Singapore අතර සහයෝගිතාවයෙන් නිමැවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..