Wednesday, June 4, 2025
HomeBiz Newsසෙලාන් බැංකුව නිල බැංකු සහකරු වශයෙන් Wedding Show 2024 සමග අත්වැල් බැඳගනී...

සෙලාන් බැංකුව නිල බැංකු සහකරු වශයෙන් Wedding Show 2024 සමග අත්වැල් බැඳගනී …

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, වසරේ දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකුකරණ සහකරු බවට පත්ව සිටී. විවාහ මංගලෝත්සව ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණකරුවන්, ඡායාරූප ශිල්පීන්, හෝටල්, උත්සව කළමනාකරණ සමාගම් සහ අනෙකුත් සේවා සපයන්නන් සතු වෙළඳ කුටි 250 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වනු ඇත. 2024 පෙබරවාරි 16 දින සිට 18 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට ඒ සුවිශේෂී දිනයට අවශ්‍ය වන සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු නිසැක ය.

Wedding Show 2024 වෙත පැමිණෙන සියලුම දෙනාට, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව ඉහළම තලයේ බැංකු සේවාවන් සැපයීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී. ඉතුරුම් ගිණුම් වෙනුවෙන් ලබාදෙන ‘Mega Rewards’ දීමනාවල සිට විවාහය, දරු උපත සහ විවාහ සංවත්සර වැනි සුවිශේෂී සන්ධිස්ථානවලදී ලබාදෙන මුදල් ත්‍යාග දක්වා සිය ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ පිරිනැමීමට සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කරයි. එමෙන්ම Wedding Show 2024 වෙත පැමිණෙන නරඹන්නන්ට ක්‍රෙඩිට් කාඩ්පත් දීමනා සහ පෞද්ගලික ණය පහසුකම්ද එම ප්‍රදර්ශන පරිශ්‍රයේදී ලබාගත හැක.

“Wedding Show 2024 සමග එක්වීමට ලැබීම අපට මහත් සතුටක්. මෙමගින් අපට ළඟදීම විවාහ වීමට සිටින යුවළවලටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සුවිශේෂී සේවාවන් රැසක් පිරිනැමීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම පුළුල් පරාසයක පැතිරුණු මුල්‍ය විසඳුම් සමග Mega Rewards වැනි වැඩසටහන් ඔස්සේ, සෑම කෙනෙකුටම ජීවිතයේ සදානුස්මරණීය මතක නිර්මාණය කරගැනීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි. Wedding Show 2024 ප්‍රදර්ශනයේදී අපගේ කුටිය වෙත පැමිණෙන සියලුම දෙනා සාදරයෙන් පිළිගනිමින්, ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට අප අපේක්ෂා කරනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

Wedding Show 2024 ප්‍රදර්ශනයේදී සෙලාන් බැංකුව පිරිනමන සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර 011-200 88 88 අමතන්න.

RELATED ARTICLES

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..