Friday, June 6, 2025
HomeBiz Newsසීමාසහිත ලෝ(ර්)ඩ්ස් මා(ර්)ක් ඉන්ඩස්ට්‍රීස් එහි ජෛව රසායන ප්‍රතික්‍රියාකාරක සඳහා පේටන්ට් බලපත්‍රය...

සීමාසහිත ලෝ(ර්)ඩ්ස් මා(ර්)ක් ඉන්ඩස්ට්‍රීස් එහි ජෛව රසායන ප්‍රතික්‍රියාකාරක සඳහා පේටන්ට් බලපත්‍රය ගොනු කරයි …

  • 7% ක නිරවද්‍යතාවය, ඉහළම මට්ටමේ සංවේදීතාව සහ මාස 24ක කල්තබා ගැනීමේ හැකියාව සහිතව වෙළඳ පොළට පැමිණේ
  • අලෙවිකරුවන් 300කට අධික සංඛ්‍යාවකින් සමන්විත එහි Pan-India බෙදාහැරීමේ ජාලය ප්‍රයෝජනයට ගැනීමට
  • සාර්ක් (SAARC), අප්‍රිකානු සහ නැගෙනහිර යුරෝපයේ රටවලට අපනයනය කිරීමට සැලසුම් කරයි

Lords Mark Industries Ltd. හි ගෝලීය සෞඛ්‍යය අංශය වන LordsMed විසින් ට්‍රයිග්ලිසරයිඩ්, යූරික් අම්ලය, ක්ෂාරීය පොස්පටේස්, බිලිරුබින්, කැල්සියම් (අර්සෙනාසෝ III), ක්‍රියැටිනීන්, ග්ලුකෝස්, සීරම් ග්ලූටැමික් ඔක්සැලෝඇසිටික් ට්‍රාන්ස්-ඇමිනේස් (SGOT)/ඇස්පාටේට් ඇමයිනෝට්‍රාන්ස්ෆරේස්, සීරම් ග්ලූටැමික් පයිරුවික් ට්‍රාන්ස්-ඇමිනේස් (SGPT), ඇලනයින් ඇමයිනෝට්‍රාන්ස්ෆරේස් (ALT) සහ සම්පූර්ණ ප්‍රෝටීන් සඳහා ලෝක මට්ටමේ ප්‍රතික්‍රියාකාරක 10ක කට්ටලයක් දියත් කර ඇත. මෙම ප්‍රතික්‍රියාකාරක 99.7% ක නිරවද්‍යතාවය, ඉහළම මට්ටමේ සංවේදීතාව, මාස 24ක කල්තබා ගැනීමේ හැකියාව, අද්විතීය ඇසුරුම්කරණය සහ තරඟකාරී මිල ලකුණු සමග වෙළඳ පොළට පැමිණේ. බරපතළ රෝග ඇතිවීම වැළැක්වීමේ සෞඛ්‍යය සේවා යාන්ත්‍රණය ශක්තිමත් කරන මෙම ප්‍රතික්‍රියාකාරක සඳහා සමාගම ඉන්දියානු පේටන්ට් බලපත්‍ර ගොනු කර ඇත.

LordsMed විසින් මෙම ප්‍රතික්‍රියාකාරක මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එහි නිෂ්පාදන මධ්‍යස්ථානයේ දී නිෂ්පාදනය කරනු ඇති අතර 300කට අධික අලෙවි නියෝජිතයන්ගෙන් සමන්විත සිය Pan-India බෙදාහැරීමේ ජාලය හරහා ව්‍යාධි විද්‍යාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වෙත මෙම ප්‍රතික්‍රියාකාරක ලබා දෙනු ඇත. LordsMed විසින් එහි ව්‍යාධි විද්‍යාගාර ජාලයේ ද ප්‍රතික්‍රියාකාරක භාවිත කරනු ඇත. ප්‍රධාන ගෝලීය වෙලඳ පොළවල් වලට ප්‍රතික්‍රියාකාරක අපනයනය කිරීමට සමාගම සැලසුම් කර ඇත. LordsMed මෙම ප්‍රතික්‍රියාකාරක වසර කිහිපයක් ඇතුළත Pan-India සහ සාර්ක්(SAARC), අප්‍රිකානු සහ නැගෙනහිර යුරෝපීය රටවල් වැනි ගෝලීය වෙලඳ පොළවල් වලට සැපයීමෙන් ආදායම් ඉපයීමට සැලසුම් කරයි.

 මෙය දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Lord’s Mark Industries Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සචිදානන්ද් උපාධ්‍යායි මහතා, “නිදන්ගත හා බෝවන රෝග පැතිරීම, රෝග විනිශ්චය කිරීමේ වැදගත්කම සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍යය සේවාවේ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත්භාවය වර්ධනය වීමත් සමග ඉන්දියාවේ සාධාරණ මිලකින් යුත් ගුණාත්මක ප්‍රතික්‍රියාකාරක සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. අසමසම නිරවද්‍යතාවය, සංවේදීතාව සහ කල් තබා ගැනීමේ හැකියාව සහිත අපගේ ප්‍රතික්‍රියාකාරකය බරපතළ රෝග සඳහා පූර්ව රෝග විනිශ්චය කිරීමේ රාමුවට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. ඉන්දියානු පේටන්ට් බලපත්‍ර ගෝලීය වශයෙන් පිළිගෙන ඇති බැවින්, ගෝලීය වෙළෙඳ පොළ තුළ පහසුවෙන් පිළිගැනීමක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව අපගේ ප්‍රතික්‍රියාකාරක සඳහා ඉන්දියානු පේටන්ට් බලපත්‍ර ගොනු කර ඇත. අපගේ ශක්තිමත් නිෂ්පාදන ධාරිතාව මෙන්ම දේශීය හා ගෝලීය බෙදාහැරීමේ ජාලය සමගින්, කලාප හරහා ගුණාත්මක ප්‍රතික්‍රියාකාරක සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.” යනුවෙන් පැවසීය.

LordsMed හි නිෂ්පාදනාගාරය වසයි ප්‍රදේශයේ පිහිටා ඇති අතර සමාගම මේ වන විට පිළිවෙළින් ලක්නව්, උත්තර් ප්‍රදේශය සහ සිල්වස්සා, ඩැද්‍රා සහ නගර් හවේලිහි යූනියන් වසම යන ප්‍රදේශවල දෙවන සහ තෙවන නිෂ්පාදනාගාර ස්ථාපනය කිරීමේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් පවතී. නිෂ්පාදන ධාරිතාවේ සහ තත්ත්ව ප්‍රමිතීන්වල ආසියාවේ නව පිටුවක් පෙරළීමට මෙම නිෂ්පාදනාගාර සූදානම් වේ.

Lords Mark Industries විසින් IIT Bombay, Bhabha Atomic Research Center (BARC) සහ අනෙකුත් ප්‍රමුඛතම ආයතන සමග ලෝක මට්ටමේ පේටන්ට් නිෂ්පාදන නිපදවීම සඳහා තාක්‍ෂණික සම්බන්ධතා වර්ධනය කර ගෙන ඇති අතර එමගින් රෝග විනිශ්චය කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්තමාන මුහුණුවර වෙනස් කෙරෙනු ඇත. Lords Mark Industries මගින් දෑකැති සෛල, මුඛ පිළිකා සහ ක්ෂය රෝගය වැනි බරපතළ රෝග සඳහා ඉහළම නිරවද්‍යතා මට්ටමකින් හා සාධාරණ මිලකින් යුත් ප්‍රතික්‍රියාකාරක නිපදවීමට කටයුතු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..