Friday, June 6, 2025
HomeBiz Newsඅදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම...

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම ආරම්භ කරයි ..

දකුණු ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) සමාගම මෙන්ම ලෝකයේ දෙවන විශාලතම සූර්ය PV සංවර්ධකයා වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL),) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හී ඉදිකරන ලද පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 551 MW පමණ සූර්ය ධාරිතාවක් ක්‍රියාත්මක කර තිබේ.

මාර්ග ඇතුළු අනෙකුත් මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ස්වයං තිරසාර සමාජ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම මඟින් මාස 12ක් ඇතුළත අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මෙම ඛාවඩා  පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. එමෙන්ම Run of Kutch හී පිහිටා තිබූ නිසරු භූමි ප්‍රදේශයක් 8,000ක පමණ සවිමත් ශ්‍රමබලකායක් සඳහා වාසය කිරීමට සුදුසු පරිසරයක් බවට පරිවර්තනය  කිරීමේ අභියෝගය ද අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සාර්ථකව ජයගෙන තිබේ.

ඉදිරි වසර 05 තුළදී මෙම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ බලශක්ති ධාරිතාව 30 GW දක්වා ඉහළ නැංවීමට අදානි සමාගම සැලසුම් කර ඇති අතර එමඟින් එය  ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උත්පාදන උද්‍යානය බවට පත් වනු ඇත.

සෑම වසරකම නිවාස මිලියන 16.1ක් වෙත මෙම ඛාවඩා පුනර්ජනනීය බලශක්ති උද්‍යානය මඟින් බලශක්තිය සැපයීමට හැකිය. එමෙන්ම මෙමඟින් වාර්ෂික කාබන් විමෝචනයෙන් ටොන් මිලියන 58ක් පමණ වළක්වා ගැනීමට හැකිවීමද පාරිසරික වශයෙන් ඉතා වැදගත් කරුණක් වනු ඇත. අදානි සමාගම සතු මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ ප්‍රවීණත්වය, ශක්තිමත් සැපයුම්  ජාලය සහ තාක්‍ෂණික නිපුණතාවය  සමඟ ලොව පිරිසිදු බලශක්ති අංශයේ GW පරිමාණ බලාගාර ගොඩනැගීමේ අසමසම සන්ධිස්ථානයක් වෙත ප්‍රවේශ වීමට ඔවුන් සමත් වී තිබේ.

මෙම පුනර්ජනනීය බලශක්ති උද්‍යානය සුළං සහ සූර්ය සම්පත් බහුල ප්‍රදේශයක ස්ථාපිත කර ඇති අතර එම පිහිටීම GW පරිමාණ පුනර්ජනනීය බලශක්ති  සංවර්ධනය සඳහා වඩාත් සුදුසු වේ. පුළුල් අධ්‍යයනයක් සහිතව අදානි සමාගම විසින් සිය නවතම බලශක්ති උත්පාදන උද්‍යානයේ සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කර තිබෙන අතර එය ක්‍රියාවලිය තුළ දේශීය සහ තිරසාර සැපයුම් දාමයක් සංවර්ධනය කිරීමට මනා දායකත්වයක් සපයනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් මෙසේ සඳහන් කළේය. “අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඔස්සේ සූර්ය බලය සහ සුළං බලය  උපයෝගි කරගනිමින් ලොව විශාලතම  පුනර්ජනනීය බලශක්ති පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා. ඛාවඩා  පුනර්ජනනීය බලශක්ති උද්‍යානය වැනි අභියෝගාත්මක සහ නව්‍ය ව්‍යාපෘති තුළින් ලෝකයේ බලශක්ති සැලසුම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිතීන් පිළිබඳව නව අර්ථකථනයක් ඉදිරිපත් කිරීමටත්, ඉහළ ගෝලීය මිණුමක් සනිටුහන්  කිරීමටත් අපිට හැකියාව ලැබෙනවා. 2030 වසර වන විට කාබන් මධ්‍යස්ථභාවයක් සහිත 500GW පමණ පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් වෙත ඉන්දියාවේ පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කිරීමේ අභිලාෂයන් අදානි සමාගමේ මෙම වැඩපිලිවෙළ තුළින් සාක්ෂාත් වන අතර ඒ මඟින් අදානි සමූහ ව්‍යාපාරයේ කැපවීම සහ ප්‍රමුඛතාවය මැනවින් තහවුරු වෙනවා.”

මෙම බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර භූ තාක්ෂණය ,භූ කම්පන, කේන්ද්‍රාපසාරී පරීක්ෂණ,සම්පත් තක්සේරු කිරීම,භූමි අධ්‍යයනය, පාරිසරික සහ සමාජ බලපෑම් තක්සේරුව, පාරිසරික හා සමාජීය ප්‍රයත්නයන් සහ සවිස්තරාත්මක ශක්‍යතා ආදි  අංශයන් පිළිබඳ  බහුවිධ අධ්‍යයනයක් පසුගිය වසර 5 තුළ අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සිදුකරන ලදී. ඛාවඩා  ව්‍යාපෘතිය සඳහා නව්‍ය විසඳුම් රැසක් අදානි සමාගම විසින් යොදාගෙන ඇති අතර එමඟින් ලොව පුරා GW පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සඳහා පරිමාණය කළ හැකි සැලැස්මක් සපයනු ඇත. ‘මෙම බලශක්ති උද්‍යානය සකස් කිරීමේදී එහි පාංශු ශක්තිය ඉහළ නැංවීම සඳහා මෙහි තිබෙන පාංශු ස්ථරයට ගැළපෙන පරිදි අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් භූගත ගල් කුළුණු සකස් කර තිබීම’ ඒ සඳහා කදිම නිදසුනකි.

5.2 MW ධාරිතාවයකින් යුත් ඉන්දියාවේ විශාලතම වෙරළ සුළං ටර්බයින උත්පාදක යන්ත්‍රය, ද්විපාර්ශ්වික සූර්ය PV මොඩියුල සහ තිරස් තනි-අක්ෂ (single-axis) ට්‍රැක්ටර් පද්ධති සමාගම මේ වෙනුවෙන් යොදවා තිබේ. එමෙන්ම එය AI/ML ඒකාබද්ධතාවය සමඟ එහි නවීන බලශක්ති ජාල මෙහෙයුම් මධ්‍යස්ථාන (ENOC) වේදිකාව සජීවීව සක්‍රීය කරනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න: www.adanigreenenergy.com

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..