Saturday, June 7, 2025
HomeBiz NewsSLT-MOBITEL ‘The Directory’ 2023/24 ජාතික ව්‍යාපාරික නාමාවලිය නව මුහුණුවරකින් දියත් කෙරේ..

SLT-MOBITEL ‘The Directory’ 2023/24 ජාතික ව්‍යාපාරික නාමාවලිය නව මුහුණුවරකින් දියත් කෙරේ..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි පූර්ණ අයිතිය යටතේ පවතින, සහ මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සියලුම ආකාරයේ අලෙවිකරණ හා දැන්වීම්කරණ විසඳුම් සම්පාදනයකරන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) පසුගියදා ‘The Directory’ 2023/24 (The Rainbow Pages) ව්‍යාපාරික නාමාවලිය වැඩිදියුණුකර නව මුහුණුවරකින් යුතුව හඳුන්වා දීමට කටයුතු කළේ ය.

ජාතික ව්‍යාපාර නාමාවලියේ නවතම සංස්කරණයවන මෙම ‘The Directory’ 2023/24, පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට අතිශයින් වැදගත්වන තොරතුරු රාශියක් ඇතුළත්කර එළිදක්වා තිබේ.  දැනටමත් මෙම සේවාව භාවිතාකරන සහ අනාගතයේ එය භාවිතා කිරීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයන්ටත්, එහි ලියාපදිංචි වී සිටින ව්‍යාපාරවලටත් වඩාත් හොඳ සේවාවක් ලැබෙන ආකාරයට සහ පහසුවෙන් භාවිතා කළ හැකිවන ආකාරයට, නව වෙළඳ නාමයක් යටතේ මෙම නාමාවලිය එළිදක්වා ඇත. එමෙන්ම මාර්ගගත නාමාවලියක් (rainbowpages.lk), මුද්‍රිත පොතක්, විද්‍යුත් පොතක්, සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444) යනාදී විවිධ ක්‍රම ඔස්සේ මෙය පරිශීලනය කළ හැකි වේ.

‘The Directory’ යනු මෙරට දිනකට මාර්ගගත සෙවුම් 10,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන, ව්‍යාපාර 6,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති, තහවුරු කළ ලුහුඬු සහ ලුහුඬු නොවන දැන්වීම් 170,000 කට අධික සංඛ්‍යාවක් පළකර ඇති, රාජ්‍ය ආයතන සහ පූජනීය ස්ථාන ඇතුළුව ආර්ථිකයේ සියලු අංශ ආවරණයකරන මෙරට එකම ජාතික ව්‍යාපාර නාමාවලිය වේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය, ඉදිකිරීම්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග වැනි ක්ෂේත්‍ර සහ උප ක්ෂේත්‍ර රැසකට සම්බන්ධ භාණ්ඩ හා සේවා සපයන්නන් විශාල පිරිසකගේ සම්බන්ධතා තොරතුරු ජාතික ව්‍යාපාර නාමාවලියට ඇතුළත් වී තිබේ. මෙය ව්‍යාපාර අතර ගනුදෙනු පහසු කරන අතර, Search Engine Optimization (SEO) ක්‍රමවේදය ඔස්සේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරගැනීම සඳහා අගනා අවස්ථාවක්ද ලබාදෙයි. මීට ඇතුළත් සමාගම් හා ආයතන ගූගල් සෙවුම්වලදී පහසුවෙන් සොයාගත හැකි ආකාරයට මෙම නාමාවලිය ගෝලීය සෙවුම් යන්ත්‍ර සඳහා ප්‍රශස්තකරණය කර තිබේ. එමෙන්ම සෑම දැන්වීමක් සඳහාම මෙහි වැඩි ඉඩක් වෙන්කර ඇති නිසා මෙම ව්‍යාපාරවලට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වඩාත් පහසු වනු ඇත.

මෙහි ලැයිස්තුගත වී සිටින සහ ලියාපදිංචි වූ ව්‍යාපාරවලට වැදගත්වන තවත් සාධකයක් වන්නේ එය රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් වීමයි. මේ සම්බන්ධ චක්‍රලේඛය දැනටමත් මහා භාණ්ඩාගාරය මගින් නිකුත්කර තිබේ.

“මීට පෙර අවසන් වරට ජාතික ව්‍යාපාර නාමාවලිය මුද්‍රණයකර බෙදාහරින ලද්දේ 2022 වසරේදීයි. මේ වනවිට ඩිජිටල් හා මාර්ගගත ක්‍රම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මීට පෙර මුද්‍රිත නාමාවලියට දැන්වීම් ලබාදුන් සේවාදායකයන් අතරින් 80% ක්ම 2023/24 “The Directory” සහ එහි මාර්ගගත නාමාවලිය සඳහා දැන්වීම් ලබා දී තිබෙනවා. අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් අඛණ්ඩව වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ප්‍රධානතම ක්‍රමෝපායික ප්‍රමුඛතා අතරින් එකක්. ඒ ඔස්සේ අපගේ පාරිභෝගිකයන්ට තම සන්නාම පණිවිඩ වඩාත් හොඳින් පාරිභෝගිකයන් අතරට ගෙනයාමට අත්වැලක් වීම සඳහා අප ඩිජිටල් අලෙවිකරණ විසඳුම්, වෙබ් විසඳුම්, සහ ‘Content Development’ ඇතුළු සේවා රාශියක් ලබාදෙනවා. ළඟදීම ‘Platform Based Solutions’ ඇතුළු තවත් නිෂ්පාදන හා සේවා රාශියක් හඳුන්වා දීමටත් අප සූදානම්” යැයි SLT Digital Services (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්‍යාපාර නාමාවලි දැන්වීම්කරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් නිර්මාණ විසඳුම්, උත්සව කළමනාකරණය, සන්නාම සම්බන්ධ සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් පිරිනමන සමාගමකි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රජාව අතර වඩාත්ම ජනප්‍රිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා අලෙවිකරණ විසඳුම් සපයන්නා බවට පත්වීම එම සමාගමේ අරමුණ වේ.

වැඩිදුර තොරතුරු සඳහා www.rainbowpages.lk වෙත පිවිසෙන්න. නැතිනම් 1212 ඔස්සේ හෝ 0112 399 399 ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..