Saturday, June 7, 2025
HomeBiz NewsUSSEC හි SUSTAINASUMMIT 2024 තිරසාරත්වය හා ආහාර පද්ධති සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු...

USSEC හි SUSTAINASUMMIT 2024 තිරසාරත්වය හා ආහාර පද්ධති සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරයි ..

එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Sustainasummit 2024 සමුළුව සඳහා සහභාගීවීම අරමුණු කරගනිමින් කෘෂි අංශයේ ව්‍යාපාරිකයින් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ඩුබායි වෙත රැස්වන ලදී. මෙහිදී ස්මාර්ට් සංරක්ෂණ මූලාරම්භයන් , තිරසාර කෘෂිකර්මික පිළිවෙත් , ආහාර වගාවේ නව නිෂ්පාදන ප්‍රගතීන් මෙන්ම බෙදාහැරීම හා පරිභෝජනය යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී. ලෝක බැංකු වාර්තා වලට අනුව දකුණු ආසියාව “නව දේශගුණික සාමාන්‍ය ” 01 අත්විඳිමින් සිටින අතර එය තාප තරංග, සුළි සුළං, නියඟ හා ගංවතුර ඇතුළු අනපේක්ෂිත කාලගුණ තත්ත්වයන් ලෙස අර්ථකථනය කරනු ලබයි. ලෝක ජනගහනය වර්ධනය වීම හා  ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව කෙරෙහි දේශගුණික විපාර්යාසයන්ගේ බලපෑම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

USSEC හි දකුණු ආසියානු හා උප සහරානු අප්‍රිකාවේ (SAASSA) කලාපීය අධ්‍යක්ෂ Kevin Roepke මහතා දේශගුණයට ඔරොත්තු දෙන ආහාර පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙසේ සිය අදහස් පළකරන ලදී. ” USSEC මෙම තිරසාර සමුළුව මඟින් ශක්තිමත් ගෝලීය ආහාර පද්ධතියක් සංවර්ධන කිරීම වෙනුවෙන් එක්සත් ජනපදයේ සෝයා වැනි තිරසාර අමුද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව ආහාර මෙන්ම කෘෂි ව්‍යාපාර අතර අවබෝධයක් නිර්මාණය කිරීම අපගේ මූලික අරමුණයි. ඒ වගේම එක්සත් ජනපදයේ සෝයා මිටියක් තුළ අඩංගු ඉහළ පෝෂණිය ගුණාංග වඩාත්  විශ්වාසනීය සැපයුමක් හරහා දකුණු ආසියාවේ ප්‍රෝටීන ඉල්ලුම සපුරාලීමට වඩාත් තිරසාර සංකල්පයක් වනු නොඅනුමානයි.”

USSEC හි එක්සත් ජනපද සෝයා අලෙවිකරණය සහ තිරසාරත්වය – SAASSA හි කලාපීය ප්‍රධානී Deeba Giannoulis මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. ” වර්තමානය වනවිට ගෝලීය පරිභෝගිකයන් තිරසාර නිෂ්පාදන සඳහා කැමැත්ත මෙන්ම අමුද්‍රව්‍ය සපයාගැනීමේ විනිවිදභාවය පිළිබඳව වැඩියෙන් අවධානය යොමුකරනු ලබනවා. Sustainasummit සමුළුව හරහා කර්මාන්ත තුළ ප්‍රමීතින් නිර්මාණය කිරීම තුළින් ව්‍යාපාරවලට වගකීමෙන් යුතුව සම්පත් ලබාගැනීමේ අපගේ කැපවීම මැනවින් අවධාරණය කරනු ලබනවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන සමාගම් 11ක් විසින් අනුමත කරන ලද “Fed with Sustainable U.S Soy‘’ ලේබලය යොදාගනු ලබනවා.

වැඩිදුරටත් අදහස් දක්වන ලද Deeba Giannoulis මහත්මිය, “ මෙම මුලපිරීම හරහා එක්සත් ජනපද සෝයා ගොවීන්ගේ ජෛව විවිධත්වය , නිෂ්පාදන ක්‍රම වැනි ක්ෂේත්‍රයන්ගේ තිරසාර භාවිතයන් සහතික කරමින් එක්සත් ජනපද සෝයා තිරසාරභාවය සහතික කිරීමේ ප්‍රෝටොකෝලය  ( SSAP) පිළිපැදීම සහතික කරනු ලබයි. එසේම Sustainasummit සමුළුව හරහා වඩාත් සුරක්ෂිත හරිත අනාගතයක් නිර්මාණය කිරීමේ නවෝත්පාදනයන් ජනිත කිරීම අපගේ අරමුණයි.”

ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගැනීමේ වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් ISAAA-BioTrust හි ගෝලීය සම්බන්ධීකාරක සහ මැලේසියානු ජෛව තාක්ෂණ තොරතුරු මධ්‍යස්ථානයේ (MABIC) විධායක අධ්‍යක්ෂ ආචාර්ය Mahaletchumy Arujanan මහත්මිය මෙලෙස අදහස් දැක්වීය. “තිරසාරභාවය යන සංකල්පය නිර්මාණය වී ඇත්තේ විද්‍යාව පදනම් කරගෙනයි. හරිතාගාර වායු විමෝචනය අවම කිරීම,ඵලදායීතාව වර්ධනය කිරීම, වගකීමක් සහිතව රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම, නාස්තිය අවම කිරීම වගේම සම්පත් භාවිතය අවම මට්ටමක පවත්වාගැනීම සඳහා විද්‍යාව විසින් විසඳුම් සපයනු ලබනවා. ඒ වගේම විද්‍යාව ආහාර සුරක්ෂිතභාවයට සහයෝගය ලබාදෙන අතර ආර්ථිකය වර්ධනය කරනු ලබනවා. විශේෂයෙන්ම මෙහිදී ජෛව තාක්ෂණය මූලික සාධකයක් බවට පත්වෙමින් පාරිසරික හා සමාජ, ආර්ථික යහපැවැත්මට සහයෝගය ලබාදෙනවා.”

වෙනත් සම්භවයන් සහිත සෝයා සමඟ සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරීමේදී එක්සත් ජනපද සෝයා අවම කාබන් ධාරිතාවක් පෙන්නුම් කරන බව USSEC හි තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂ Abby Rinne මහත්මිය ප්‍රකාශ කරන ලදී. තවදුරටත් අදහස් දක්වමින් ,“අපගේ එක්සත් ජනපද සෝයා ගොවීන් ඔවුන්ගේ 2025 තිරසාර අරමුණු ඉටුකර ගැනීම සඳහා නවෝත්පාදන සහ තාක්‍ෂණය තුළින් අඛණ්ඩව වැඩිදියුණු කිරීම් හි නිරතවනු ලබනවා. සම්පූර්ණ හරිතාගාර වායු විමෝචනය සහ ඉඩම් භාවිතය 10% කින් අඩු කිරීම වගේම බලශක්ති කාර්යක්ෂමතාව 10% කින් වැඩි කිරීම මෙයට ඇතුළත් වනු ලබනවා. එක්සත් ජනපද සෝයා ගොවීන් අඩු සම්පත් භාවිතා කරමින් වැඩි නිෂ්පාදනයන් හරහා කාබන් ධාරීතාව අවම කරන ගොවිතැන් ක්‍රමයන් ක්‍රියාත්මක කරමින් වගේම  වනාන්තර සංරක්ෂණයට උදව් කරමින් සිටිනවා.”

Sustainasummit 2024 හි මෙවර තේමාව බවට පත්වූයේ agriculture is not the problem; it is the solution යන්නයි. දේශගුණික අභියෝගයන් වලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවල වෙනසක් අවශ්‍ය බව අවධාරණය කරන ලද කැලිෆෝනියාවේ UC Davis හි සත්ත්ව විද්‍යාව පිළිබඳව මහාචාර්ය Frank M. Mitloehner මහතා මෙලෙස තවදුරටත් සිය අදහස් පළකරන ලදී. ” ගොවීන්ට දේශගුණික විසඳුම් සැපයීමේ කොටසක් විය හැකිය. නමුත් ඒ වෙනුවෙන් අප ඔවුන් දිරිගැන්වීම සිදුකළ යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති නිර්මාණය කළ යුතුයි. “

එසේම මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ පිහිටි Imo Chicken and Agro Private Ltd සහ Fortune Agro Industries Pvt. Ltd ආයතන ද්විත්වය ශ්‍රී ලාංකීක සෝයා පාරිභෝගිකයින් වශයෙන් ඔවුන්ගේ නිෂ්පාදන ඇසුරුම් වල “Fed with Sustainable U.S Soy” යන ලේබලය භාවිතා කිරීමට බලපත්‍ර ලබාගැනීමේ ගිවිසුම් වලට ද අත්සන් තබන ලදී. මේ සමඟ ශ්‍රී ලංකාවේ මෙම ලේබලය භාවිතා කරන පාරිභෝගිකයින් ගණන වසරකට වඩා අඩු කාලයක් තුළ 11 දක්වා වර්ධනයවීම සිදුවිය. මෙම ලේබලය භාවිතය තුළින් එක්සත් ජනපද සෝයා පාරිභෝගිකයින් තිරසාරත්වය සහ සැපයුම් දාමයේ පවතින විනිවිදභාවය පිළිබඳව කැපවීම ප්‍රදර්ශනය කරන අතර වෙළෙඳපළ තුළ සිය නිපැයුම් වෙනස් මට්ටමකින් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනියි.

එසේම ඉලිනොයිස් සෝයා බෝංචි සංගමය, අයෝවා සෝයා බෝංචි සංගමය සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) එක්ව Sustainasummit 2024 තුළ කෘෂි අංශයේ ව්‍යාපාරිකයින් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමඟ සංවාද පවත්වන ලදී. මේ සඳහා USSEC හි සභාපති Stan Born, ආයෝවා සෝයා බෝංචි සංගමයේ සභාපති Suzanne Shirbroun, ආයෝවා සෝයා බෝංචි සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Kirk Leeds, ආයෝවා සෝයා බෝංචි සංගමයේ තේරී පත් වූ නව සභාපති Brent Swart, යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් හි ගෝලීය ව්‍යාපෘති කළමනාකරු Puneet Tomar, අධ්‍යක්ෂ ආයතන කටයුතු හා තිරසාරත්ව Sameera Fernandes , සෙන්ටරි ෆිනෑන්ෂල් හි Sohel Tanvir Khan, ව්‍යාපාර අධ්‍යක්ෂ ACI Logistics Ltd (Shwapno) හා Patanjal හි විධායක නිලධාරී Sanjeev Astana යන නිලධාරීන් සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..