Sunday, June 8, 2025
HomeBiz Newsකැලණි කේබල්ස් හි ප්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැලණි සවිය’ 11 වැනි...

කැලණි කේබල්ස් හි ප්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැලණි සවිය’ 11 වැනි පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි..

ශ්‍රී ලංකාවේ අංක එකේ ආරක්ෂිත විදුලි රැහැන් නිෂ්පාදන සන්නාමය වන කැලණි කේබල්ස් පී එල් සී විසින් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරනු ලබන ‘කැලණි සවිය’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් අති සාර්ථක අදියරක් පසුගියදා නිමාව දැකීය. ඒ එහි 11 වැනි ‘කැලණි සවිය’ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයත් සමඟිනි.

2007 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා එක් වෙමින් කැලණි කේබල්ස් පී එල්සී විසින් ආරම්භ කරනු ලැබූ විදුලි කාර්මික ශිල්පීන් පුහුණු කිරීමේ වසරක පුහුණු වැඩසටහන ලෙස ‘කැලණි සවිය’ හඳුන්වා දිය හැකිය. ජාතික වශයෙන් සුවිශේෂී පිළිගැනීමකට ලක්ව ඇති එකම විදුලි කාර්මික ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන වන මෙම සමාජ සත්කාරක පුහුණු වැඩසටහන යටතේ පුහුණුව අවසන් කරන සියලු දෙනා හට විශ්ව විද්‍යාල සහතිකයක් පිරිනැමෙන අතර ඒ සඳහා වන සියලු වියදම් කැලණි කේබල්සි පී එල් සී විසින් දරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය දිසානායක, ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශ ප්‍රධානී මහාචාර්ය ලිලන්ත සමරනායක, කැලණි සවිය නිර්මාතෘ මහාචාර්ය ජනක ඒකනායක, කේබල්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනිල් මුණසිංහ සහ අලෙවි කළමනාකාර චන්න ජයසිංහ, කැලණි සවිය පාඨමාලා සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ යන මහත්වරුන් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ කැලණි කේබල්ස් හි යන කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය, එස්.බී.එස්. අබේකෝන් හා කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, හේමන්ත පෙරේරා යන මහත්වරුන් අතර ඇති කරගත් 5 වසරක අවබෝධතා ගිවිසුමක් අනුව වසර 2007දී මෙම ‘කැලණි සවිය’ වැඩසටහන ආරම්භ කෙරිණ. 2012 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබූ එම ගිවිසුම තව දුරටත් ඉදිරියට ගෙන යාමට කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා විසින් පියවර ගනු ලැබුවේ ඒ තුළින් මෙරට යෞවනයන්ගේ අනාගත අභිවෘද්ධියට ලබාදෙන සහයෝගය හා එයින් ඔවුන්ට විවරවන දෙස් විදෙස් රැකියා අවස්ථාවල වටිනාකම පිළිබඳව මනාව අවබෝධ කර ගනිමිනි. එහි ප්‍රතිපලයක් ලෙස වසර 2012 සිට 2017 දක්වාද, වසර 2017 සිට 2022 දක්වාද, වසර 2022 සිට 2027 දක්වාද තෙවරක්ම ‘කැලණි සවිය’ දීර්ඝ කිරීමට මහින්ද සරණපාල මහතා විසින් පියවර ගනු ලැබීය.

වසර 11ක් පුරා මනා පුහුණුවක් ලත් විදුල් කාර්මික ශිල්පීන් දැයට දායාද කළ මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ කැලණි කේබල්ස් පී එල් සීහි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සරණපාල මහතා “ මෙරට තාරුණ්‍යයේ හෙට දවස වෙනුවෙන් මෙන්ම ආර්ථිකයේ හෙට දවස වෙනුවෙන්ද කදිම ආයෝජනයක් වන ‘කැලණි සවිය’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සාර්ථක පියවරක් අවසන් කිරීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. පුහුණු වැඩසටහන සඳහා සහභාගී කරගන්නා සියලු දෙනාට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල සහතිකපතක් පිරිනමක එකම පුහුණු වැඩසටහන වන ‘කැලණි සවිය’ මෙරට පෞද්ගලික අංශයේ සමාගමක් සහ රාජ්‍ය ආයතනයක් අත්වැල් බැඳගනිමින් සිදුකරන පුළුල්ම වැඩසටහන ලෙසද සඳහන් කළ හැකියි. වසරක පුහුණු කාලයක් අවසන් කරමින් අද දින සහතික පත් හිමි කරගන්නා සෑම සිසුවෙක් විසින්ම මේ තුළින් උකහා ගත් ප්‍රතිලාභ ඔවුන්ගේ වෘත්තීය අනාගතය වෙනුවෙන් උපරිම වශයෙන් යොදා ගනු ඇතැයි මා විශ්වාස කරනවා” යනුවෙන් පවසා සිටින ලදී.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා සහ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය දිසානායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර කැලණි සවිය පාඨමාලාව සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යානංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් ජේ. බින්දුහේවා මහතා සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන ලදී.

100%ක්ම දේශීය සමාගමක් වන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 54 වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ෂීධ 14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන වසරවලදී SLIM Brand Excellence දී B2B අංශයේ රන් සම්මානය, 2018  SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය.

තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීමිජනාධිපති පරිසර සම්මාන උළෙල -2016 දී (Presidential Environmental Awards ) විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම’ සේවායෝජක සන්නාම සම්මානය හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..