Saturday, June 7, 2025
HomeBiz NewsHNB නවතම තිරසාර වැඩසටහන් සමඟින් හරිත බැංකුකරණයේ නව ප‍්‍රමිතීන් ස්ථාපිත කරයි ..

HNB නවතම තිරසාර වැඩසටහන් සමඟින් හරිත බැංකුකරණයේ නව ප‍්‍රමිතීන් ස්ථාපිත කරයි ..

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ‍්‍රී ලංකාව වඩාත් හරිත අනාගතයක් කරා රැගෙන යාමට සහ වත්මන් හා අනාගත පරම්පරාවේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සංරක්ෂණය හා තිරසාර භාවිතයන් හරහා පරිසරය වගකීමෙන් යුතුව භාවිත කිරීමට කැපවී සිටින බව අවධාරණය කරමින් තිරසාරත්වය සඳහා වන සිය නවතම වැඩසටහන් නිවේදනය කර ඇත.

තිරසාර අනාගතයක් සඳහා වන තම කැපවීම අවධාරණය කරමින්, HNB ඔවුන්ගේ සාර්ථක කඩදාසි ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩසටහනේ අරමුදල් 2024 දී ආරම්භ වීමට නියමිත නව හරිත ව්‍යාපෘතිවලට ලබා දීම සඳහා වෙන් කර ඇත. මෙම ව්‍යාපෘති බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය දිරිගැන්වීම සහ කාබන් විමෝචනය අවම කිරීමට සහාය වනු ඇත.

ශ්‍රී ලංකාව තිරසාරත්වය කරා යන ගමනේ ඉතා වැදගත් බැංකුවක් ලෙස HNB නව, නිර්මාණාත්මක අදහස් සහ උපාය මාර්ග හඳුන්වා දී ඇත. HNB ඩිජිටල්කරණය සහ අපද්‍රව්‍ය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කඩදාසි භාවිතය 60% කින් අඩු කිරීමට සමත් විය. තවද බැංකුවේ සාර්ථක කඩදාසි ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩසටහන හරහා පරිසරයට සිදු වන බලපෑම අවම කිරීමටත් අනාගත තිරසාර ව්‍යාපෘති සඳහා මූල්‍යමය සහායත් ලබා දුන්නේය.

HNB CHRO/තිරසාර ව්‍යාපාර ඒකකයේ ප‍්‍රධානී කේ. ඉන්ද්‍රවාසන් මහතා බැංකුවේ තිරසාර ගමන්මගේ සාර්ථකත්වය සිහිපත් කරමින් පැවසුවේ ‘’තිරසාරත්වය සඳහා වන අපගේ උත්සාහය අපගේ ගනුදෙනුකාරභවතුන්ට සහ ලෝකයට අප දක්වන කැපවීම තුළින් මනාව පිළිබිඹු වනවා. අප ලබා ඇති ප‍්‍රගතිය සහ 2024 සඳහා වන අනාගත සැලසුම් මගින් වඩාත් තිරසාර ශ‍්‍රී ලංකාවක් කරා යන ගමනට දායක වෙමින් පාරිසරික විශිෂ්ටත්වයේ ප‍්‍රමුඛයෙකු වීමේ අපගේ ඉලක්කය පෙන්නුම් කරනවා.’’ යනුවෙනි.

HNB සිය ප‍්‍රධාන මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඇතුළත් කර ඇති අතර ශ‍්‍රී ලංකාවේ ආයතනික වගකීම් පිළිබඳ ආදර්ශයක් වෙමින් සහ ස්වභාවික සම්පත් සංරක්ෂණයට දායක වීමටත් කටයුතු කර ඇත.

වසර ගණනාවක් තිස්සේ HNB හි තිරසාර ප‍්‍රයත්නවල ප‍්‍රධාන අංගයක් වූ බැංකුවේ #Walk the Talk වැඩසටහන පරිසරය පිළිබඳ දැනුවත්භාවය කැපී පෙනෙන ලෙස වැඩි කර ඇති අතර සුවපත් දිවි පෙවෙතක් සඳහා සේවකයින් සහ ප‍්‍රජාවගේ ආකල්පවල විශාල වෙනසක් සිදු කිරීමට සමත්ව ඇත. වත්මන් හා අනාගත පරම්පරාවේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සංරක්ෂණය හා තිරසාර භාවිතයන් හරහා පරිසරය වගකීමෙන් යුතුව භාවිත කිරීම සඳහා HNB හි අඛණ්ඩ කැපවීම සංකේතවත් කරන මෙම වැඩසටහන ඇවිදීම සහ බයිසිකල් පැදීම වැනි පරිසර හිතකාමී ගමනාගමනය ප‍්‍රවර්ධනය කරයි. තවද එමගින් පුද්ගලයන් විසින් නිපදවන කාබන් පියසටහන අඩු කිරීමට හේතු වන ක‍්‍රියාවන් දිරිමත් කරන අතර පුද්ගලික සෞඛ්‍යය සහ පරිසරය සුරැකීම සඳහා ප‍්‍රමුඛත්වය දෙන හැසිරීම් සහ ආකල්ප ප‍්‍රවර්ධනය කරයි.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් හා ස්වයං සේවා යන්ත‍්‍ර (SSMs) 800කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලන හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය යළිත් තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2022 වසරේ හොඳම ආයතනික පුරවැසියා (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. එහිදී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙමින් බැංකු ක්ෂේත‍්‍රයේ සිය පුරෝගාමීත්වය සනිටුහන් කළ HNB පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා මෙන්ම ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය ද ඇතුළුව සම්මාන 4ක් ද තමන් සතු කර ගැනීමට සමත් විය.

තවද එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව හයවන වරටත් 2022 වසරේ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB සම්මානයට පාත‍්‍ර කර ඇත. තවද ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් ද HNB අභිසෙස් ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..