Tuesday, June 3, 2025
HomeBiz Newsප්‍රයිම් සමූහයේ සුඛෝපභෝගී 'Waterfall Residencies', නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි ...

ප්‍රයිම් සමූහයේ සුඛෝපභෝගී ‘Waterfall Residencies’, නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි …

සියලු පහසුකම් සපිරි මාලඹේ නගරයේ හරිත වර්ණ පරිසරයක් මැද ඉදි වූ, ප්‍රයිම් සමූහයේ නවතම ව්‍යාපෘතිය වන ‘Waterfall Residencies’ හි නිවාස, හිමිකරුවන් වෙත භාරදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ‘Waterfall Residencies’ යනු සොඳුරු නිවහනක අසිරිය සොයන පවුල්වලට තෝතැන්නක් බඳු සුඛෝපභෝගී නිවාස එකතුවකි.

සම්මාන රැසකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන  ප්‍රයිම් සමූහයේ ‘Villa’ වර්ගයේ ව්‍යාපෘති අතරට එක් වූ නවතම ව්‍යාපෘතිය මෙයයි. වේගයෙන් හා අඛණ්ඩව දියුණුවන මාලඹේ නගරයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ, පරිසර හිතකාමී සුන්දර වටාපිටාවක් මැද මෙම ව්‍යාපෘතිය  පිහිටා තිබේ.

අක්කර 5 ක භූමිභාගයක ඉදි වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතියට නිදන කාමර තුන බැගින් යුත් තට්ටු දෙකේ නිවාස 50 ක් ඇතුළත් වී ඇත. මෙය නිවාස ගැනුම්කරුවන්ට කොළඹට නුදුරු ස්ථානයකින්, සුන්දර පරිසරයක පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවකි. අඩි සියයක උසක සිටි පලිඟුමය පොකුණකට ඇදහැලෙන මනරම් දිය ඇල්ලක් හේතුවෙන් මෙම ව්‍යාපෘතියට ‘Waterfall Residencies’ යන නාමය ලැබී තිබේ. සිත් ඇදගන්නාසුලු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිතව ඉදි වූ මෙම නිවාස, සුඛෝපභෝගී ජීවිතයක සතුට සොයන කාටත් කෙම්බිමක් වනු නිසැක ය.

“මෙම ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි ගැනුම්කරුවන් වෙත භාරදීම, සියලු දෙනාගේ සිහින සැබෑ වුණු අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ නිවාස හිමියන් සියලුම දෙනාට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනැමීමට මා කැමතියි. නිවසක් රැකබලා ගැනීම යනු හුදෙක් එහි භෞතික දේවල් නඩත්තු කිරීම පමණක් නොවෙයි. අසල්වැසියන් සමග සුහදත්වයෙන් කටයුතු කිරීම සහ පරිසරය සුරැකීම වැනි බොහෝ දේ ඊට ඇතුළත්. මෙවැනි සාර්ථක ව්‍යාපෘති  ඔස්සේ රටේ ප්‍රගතියට දායක වීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් රටේ තවත් බොහෝ දෙනෙකු වෙනුවෙන් මෙවැනි සුන්දර නිවාස සහ ප්‍රජාවන් නිර්මාණය කිරීම අපගේ බලාපොරොත්තුවයි.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසී ය.

ප්‍රයිම් සමූහයේ නිලධාරීන් නව නිවාස සඳහා යතුරු භාරදුන් අවස්ථාව, එම නිවාස හිමිකරුවන්ට කිසිදා අමතක නොවන මොහොතක් විය. මින් ඉදිරියට ඔවුන්ට සොබාදහම හා බැඳුණු සුඛෝපභෝගී ජීවිතයක මිහිර සිත් සේ අත්විඳීමට අවස්ථාව හිමි වේ.

“මම ප්‍රයිම් සමූහයේ ව්‍යාපෘතියකින් නිවසක් තෝරාගත්තේ වසර 28 කට අධික කාලයක් පුරා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ඔවුන් රඳවාගෙන තිබෙන විශ්වාසය නිසයි. මේ නිවාස දෙස බලන විට, ඇත්ත වශයෙන්ම මට මිලදී ගැනීමට අවශ්‍ය වුණේ නිවසක් වුවත්, අවසානයේදී මට පාරාදීසයක් බඳු ව්‍යාපෘතියක හිමිකරුවෙකු වීමට හැකි වූ බවක් දැනෙනවා. ව්‍යාපෘතියේ ආරම්භයේ සිට නිවාස භාරදෙන මොහොත දක්වාම, පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් ප්‍රයිම් සමූහය පෙන්නුම් කළ කැපවීම අපට හොඳාකාරවම පෙනුණා. කිසිදු වෙනසකින් තොරව ඔවුන් සෑම පාරිභෝගිකයෙකුටම එක සමානව ඉහළින් සැළකුවා. මේ සියල්ල දෙස බලන විට මා බෙහෙවින් වාසනාවන්ත වුණා කියා මට සිතෙනවා. මේ ආකාරයට ඉතාමත් අලංකාර සහ පරිසර හිතකාමී ලෙස මෙම නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහයට මගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි.” Waterfall Residencies හි නිවසක් මිලදීගත්, වෘත්තියෙන් නීතීඥවරියක වන අනුරාධා ගුණවර්ධන මහත්මිය පැවසුවා ය.

උපරිම ආරක්ෂාව තහවුරු කරමින් සාදා නිමකර ඇති මෙම ව්‍යාපෘතිය  පදිංචිකරුවන්ගේ යහපැවැත්මට උපකාරීවන අංග රැසකින්ම සමන්විත වන අතර, සියලු පහසුකම් ආසන්නයේම පවතින නිසා ඔවුන්ට නාගරික ජීවන රටාවක මහිමය රිසි සේ අත්විඳිය හැකි වේ.

“Waterfall Residencies වෙතින් නිවසක් මිලදී ගැනීමට හැකි වීම මට මහත් සතුටක්. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සමාගම් කොපමණ තිබුණත්¸ පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට ගන්නා උත්සාහය අතින් ප්‍රයිම් සමූහය අනෙකුත් සමාගම්වලට වඩා පැහැදිලිවම ඉදිරියෙන් සිටිනවා. හුදෙක් ලාභ ලැබීමට සීමා නොවී, පාරිභෝගිකයන්ගේ තෘප්තිය සම්බන්ධයෙන් ප්‍රයිම් සමූහයේ සභාපතිතුමන් දක්වන උනන්දුව හා කැපවීම අගය කළ යුතුයි. නිවාස ගැනුම්කරුවන්ට මෙබඳු විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයට ප්‍රයිම් සමූහයට ලබාදෙන නායකත්වය වෙනුවෙන් එතුමන්ට මගේ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා.” තවත් නිවාස හිමියෙකු වන එම්. ජේ. ඩබ්ලිව්. සිල්වා මහතා පැවසී ය.

Waterfall Residencies යනු ප්‍රයිම් සමූහය ඉදිකිරීම් අවසන් කර භාරදුන් 24 වැනි Villa ව්‍යාපෘතියයි. එමෙන්ම මෙය 2024 වර්ෂයේදී ඉදිකිරීම් අවසන් කර භාරදුන් දෙවැනි ව්‍යාපෘතියද වන අතර, මෙම වසර තුළ තවත් ව්‍යාපෘති 4 ක් ගැනුම්කරුවන් වෙත භාරදීමට නියමිත ය. මේ ආකාරයට අඛණ්ඩව ගැනුම්කරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කරමින් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීම ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ අපේක්ෂාව වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..