Tuesday, June 24, 2025
HomeBiz Newsශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ  අනාගතය වෙනුවෙන් වූ සටනේ ප්‍රතිරෝධී මතයන් පිළිබඳව හෙළිදරව්...

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ  අනාගතය වෙනුවෙන් වූ සටනේ ප්‍රතිරෝධී මතයන් පිළිබඳව හෙළිදරව් කිරීම..

ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම සහ බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි ධනාත්මක අවස්ථාවන් උදාකරන ඇමරිකානු ඩොලර් මිලියන 386 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට එරෙහි වීමට හේතුව කුමක්ද?

කඳුළු බිඳක හැඩයෙන් යුත් ශ්‍රී ලංකා දූපතේ හිරු බැස යන විට, රටේ බලශක්තිය පටු න්‍යාය පත්‍රයක් පදනම් කරගනිමින් උද්ගත වූ මතභේදාත්මක සටනකින් යටපත් වේ.

ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 250ක  සුළං බලශක්ති ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම සඳහා යෝජනාවන් ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය පසුබිමද මේ වන විට සකස් කර තිබේ. මෙය දැනට පවතින සියලුම සුළං බලාගාරයන්ට සාපේක්ෂව අඩු මිලක් සහ නවීන තාක්ෂණික පහසුකම් සමඟ ඉහළ උත්පාදනයක් සහ අවම හානියක් සහිත බලාගාරයක් වේ.එහෙත් විවිධ පෞද්ගලික වාසී මුල්කරගනිමින් මෙරට ආර්ථික දියුණුවේ ප්‍රබල සන්ධිස්ථානයක් වන මෙම ව්‍යාපෘතිය කෙරෙහි ඇතැම්හූ චෝදනා නගති.එබැවින් මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ කාගෙත් කතාබහට ලක්වන මෙම අවස්ථාව ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති සාවද්‍ය තොරතුරු සහ විවිධ  පෞද්ගලික මතභේදයන්  බැහැර කර  සැබෑ කරුණු පැහැදිලි කිරීමට සුදුසුම අවස්ථාව වනු ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ‘විදෙස්  ආයතනයකින් මෙරට හරිත බලශක්තිය මිලදී ගැනීම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගැටලුවක් ඇති වීමට හේතුවක් විය හැකි බව’  විවේචකයන් පවසයි.කෙසේවෙතත් එම විවේචකයන්  මෙවැනි සෘජු විදේශීය ආයෝජන ඔස්සේ මෙරටට ගලාඑන ආර්ථික ප්‍රතිලාභයන් නොසලකා හැර ඇත.මන්නාරම ව්‍යාපෘතිය  මඟින්  ඇමෙරිකානු ඩොලර් මිලියන 386ක ප්‍රාග්ධනයක් ශ්‍රී ලංකා ආර්ථිකයට හිමිවන අතර එය ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීමත්, ලොව පුරා සිටින ආයෝජකයන් වෙත ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා විවෘත බව පසක් කරමින් දිගුකාලීන සෘජු විදේශ ආයෝජන අප රට වෙත ආකර්ෂණය කර ගැනීමටත් කදිම අවස්ථාවක් වනු ඇත. එබැවින් එය නිසැකවම ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් බව සහ තිරසාරභාවය වර්ධනය සඳහා කෙරෙන වැදගත් ආයෝජනයකි.

මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය මඟින් ප්‍රාදේශීය ප්‍රජාවට සහ විශේෂයෙන්ම උතුරු පළාත වෙත ඇතිකරන ධනාත්මක බලපෑම සුළුපටු නොවේ.මෙම ව්‍යාපෘතියේ අන්තර්ගත වන අනිවාර්ය අංගයන් වන නව රැකියා අවස්ථා උත්පාදනය , නිපුණතා සංවර්ධනය සහ සුළු පරිමාණ ව්‍යාපාර සඳහා අවස්ථා සැකසීම වැනි කටයුතු  මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට මනා දායකත්වයක් සපයනු ඇත. මෙම ප්‍රතිලාභ මඟින් වසර 25කට වඩා දිගු තිරසාර වර්ධනයක් ඇති කරනු ලැබේ.එම නිසා කෙටිකාලීන අනිසි බියක් හේතු කරගනිමින් දිගුකාලීන අරමුණු යටපත් කළ යුතු නැත.

දකුණු ආසියාතික කලාපයේ අපේ අසල්වැසි රටවල් පහසු මිල ගණන් යටතේ සිය බලශක්ති අවශ්‍යතාවයන් සපුරාගන්නා අතර ස්වභාවික සම්පත් බහුල රටක් වන ශ්‍රී ලංකාව අධික මිලක් විදුලිය වෙනුවෙන් ගෙවීමේ කණගාටුදායක තත්ත්වයකට ගොදුරු වී සිටියි.අසල්වැසි රටවලට සාපේක්ෂව අප රට තුළ විදුලිය සඳහා 2.5 සිට 3 ගුණයකින් වැඩි මිලක් ගෙවන බව Verité Research මඟින් සිදුකරන ලද විශ්ලේණයේ දත්ත මඟින් අනාවරණය වේ.මෙම තත්ත්වය ලාංකික කුටුම්භය දැඩි ආර්ථික පීඩනයකට ඇද දමන අතර බලශක්ති අංශයේ දුර්වල කළමනාකරණය මහජනයාගේ නිහඬ ප්‍රතිවාදියා බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික බලශක්ති සැපයුම බහුල වශයෙන්  ඉන්ධන හා ගල් අඟුරු මත පදනම් වී ඇති අතර  එය  ආර්ථික ගැටලුවලට මෙන්ම  පරිසර පරිහානියටද ප්‍රබල බලපෑමක් එල්ල කරයි.එහෙත් දෛනික ජන ජීවිතයට බාධා කරන අධික උද්ධමනය හමුවේ රට ආර්ථික වසංගතයකට මුහුණ දෙමින් සිටිය ද, හරිත බලශක්ති ව්‍යාපෘතිවලට එරෙහිව නැගී සිටින විවේචකයෝ  බලශක්ති අර්බුදය ඇතිවීමට තුඩු දුන් මෙවැනි ප්‍රධාන සාධක ඉදිරියේ මුණිවත රකිති. වොෂින්ටනයේ  ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කර ඇති think-tank අධ්‍යයන වාර්තා තුළින් ගෝලීය මූල්‍ය ආර්ථිකයේ අයහපත් දිශානතිය හමුවේ  ශ්‍රී ලංකාව අවදානමට ලක්විය හැකි රටක් ලෙස අනාවරණ වී ඇති අතර මෙම කරුණ REUTERS මූල්‍ය වෙළෙඳපල  විශේෂඥයින් සහ Adaderana.lk පුවත් විසින් ද වාර්තා කර ඇත.

තිරසාර අනාගතයක් සඳහා ශ්‍රී ලංකාවේ සුළං බලය උපයෝගී කර ගැනීමට මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය ඔස්සේ සුවිශාල ප්‍රයත්නයක නිරත වී ඇති අතර පටු වාසිදායක අරමුණු මුල් කරගත් පිරිසක් එය වැළක්වීමේ උත්සහ කරති. මෙම විරෝධතාවන් පසුපස ඇත්තේ පොසිල ඉන්ධන මාෆියාවේ පාලනාධිකාරීත්වය සහ විවිධ පෞද්ගලික අරමුණුය. ඔවුන්ගේ පටු අවශ්‍යතාවයන් මහජනයාගේ සාමුහික සුබසිද්ධියට ප්‍රතිවිරුද්ධ වන අතර මෙවැනි ව්‍යාපෘති මඟින් එවැනි ඒකාධිකාරි සැලසුම් බිඳවැටෙන බව පැහැදිලිය.එහෙත් ඔවුන් මහජන මතය හසුරුවන සමාජ විරෝධී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටියි. පක්ෂි පියාසර මාර්ගයන් සහ විවිධ පාරිසරික හේතූන්  පිළිබඳ සිදුකරන පදනම් විරහිත චෝදනාවන් මෙරට ආර්ථික සමෘද්ධියට එරෙහි විශාල මෙවලම් බවට පත්ව තිබේ.ඒ අනුව මෙහිදී ඉදිරිපත් කරන චෝදනාවන් සැබැවින්ම පාරිසරික සංරක්ෂණය මුල් කරගනිමින් ඉදිරිපත් කරන ප්‍රකාශයන්ද නැතහොත් වෙනත් න්‍යාය පත්‍රයක කොටසක්ද යන්න පිළිබඳව  ප්‍රශ්නාර්ථයක් නැඟෙයි. මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය අපේක්ෂාභංගත්වයට පත් දේශයක බලාපොරොත්තුවේ පහනක් වැනිය. පටු අදහස් සහිත න්‍යාය පත්‍රයන් තුළින් බිඳ දැමීමට වෑයම් කරන්නේ රට නඟා සිටුවීම වෙනුවෙන් ලැබී ඇති එවැනි සුවිශේෂී අවස්ථාවකි.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් දරන ප්‍රයත්නයේදී   විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ කාර්යභාරය ප්‍රශංසනීය වේ. ඔහු බලශක්ති ක්ෂේත්‍රයේ පාලනය භාර ගන්නා විට එය අවුල් වියවුල් ජාලයක් වූ අතර අභියෝග රැසක් මධ්‍යයේ සැපයුම් පාර්ශවය පාලනයට නතු  කර ගැනීම වෙනුවෙන් හෙතෙම මහත් වෑයමක් දරයි. බලගතු අවශ්‍යතාවන්, අකාර්යක්ෂම නිලධාරීන්ගේ  ක්‍රියාවන් සහ ලංකා විදුලිබල මණ්ඩලය තුළින් පුනර්ජනනීය බලශක්තියට එරෙහිව නඟන ප්‍රතිරෝධය වර්තමානයේදී  බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණයේ ද දක්නට ලැබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 386, MW 250 මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය අපේක්ෂාවේ ආලෝකය සංකේතවත් කරයි. අප රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය දූෂණයෙන් සහ පටු ආශාවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට අප කටයුතු කළ යුතු ය.පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරුවීම මෙන්ම පොසිල ඉන්ධන ඒකාධිකාරීත්වයෙන් බැහැරවීම ඔස්සේ   දීප්තිමත් හෙටක් සඳහා මාවත විවර කළ හැකිය. මෙය බලශක්ති ක්ෂේත්‍රයේ වරප්‍රසාදවලින් සුළු පිරිසකගේ සාක්කු පමණක් පෝෂණය වීම වළකමින් මහජනතාව වෙත යහපත සලසන,විනිවිදභාවයකින් යුතුව, වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරන පිරිසක් විදුලි ක්ෂේත්‍රය තුළ සේවය කරන බව සහතික කරගැනීම සඳහා සුදුසුම මොහොත වේ.

 ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ස්වෛරීභාවය සඳහා වන සටනේදී,ඉහළ කොටස් ප්‍රමාණයක් තිබෙන අතර වෙනස්වීමට ඇති හැකියාවද අසීමිත වේ.දූෂිත පටු න්‍යාය පත්‍රයන් පසෙකලා මෙතෙක් ප්‍රයෝජනයට නොගත් පුනර්ජනනීය බලශක්ති විභවයන්ගෙන් බල ගැන්වෙන, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ කැමැත්ත සහිත සෞභාග්‍යයේ නව යුගයක් ඇරඹීමට  කාලයයි පැමිණ ඇත.  ඒ අනුව පුනර්ජනනීය බලශක්ති අංශයේ විදේශ ආයෝජකයින් විසින් සිදුකරන ඇමරිකානු ඩොලර් බිලියන 03 ක පමණ සුවිසල් ආයෝජනය සමඟ මෙරට  ආර්ථික තත්තවය නඟා සිටුවීමට  ශ්‍රී ලංකා රජය විසින් පියවර ගනිමින් සිටියි.

RELATED ARTICLES

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

karkasnyy_dom_koei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_wiMl on Prima KottuMee re-launch…..
karkasnye_doma_bfkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_fqMl on Prima KottuMee re-launch…..
stroitelnoe vodoponijenie_qfKt on Prima KottuMee re-launch…..
klining_moskva_hcsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_zlma on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kashpo dizain_bfmt on Prima KottuMee re-launch…..
klining_moskva_rdEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jhlmoto_ipei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_isPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dizainerskie kashpo_sael on Prima KottuMee re-launch…..
kashpo dizain_vcer on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_ofkt on Prima KottuMee re-launch…..
klining_top_bzon on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka edi_cpen on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_utkt on Prima KottuMee re-launch…..
derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..