Tuesday, June 24, 2025
HomeBiz NewsKantar Lighthouse 2023: ශ්‍රී ලාංකික GEN Z ප්‍රජාවේ තොරතුරු එළිදැක්ම...

Kantar Lighthouse 2023: ශ්‍රී ලාංකික GEN Z ප්‍රජාවේ තොරතුරු එළිදැක්ම…

KANTAR Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන්නට යෙදුනු KANTAR  LIGHTHOUSE 2023, ශ්‍රී  ලාංකික වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ්හි දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ “Generation Z  (GEN Z) ප්‍රජාව” එනම් 1997–2012 අතර උපත ලද පරම්පරාවේ අවශ්‍යතා සහ හැසිරීම් රටා පිළිබඳ නවතම දත්ත එළිදක්වන ලදී. එම තොරතුරු සමස්ත ව්‍යාපාර සහ වෙළඳ සන්නාම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව මෙහිදී ගැඹුරින් අවධානය යොමු කරන ලදී.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෙළඳ සන්නාමයන් නියෝජනය කරමින්,  ප්‍රධානීහු විශාල පිරිසක් එක්ව සිටියහ.  සම්භාවනීය අමුත්තන් ලෙස Kantar APAC හි ප්‍රධාන විධායක නිලධාරිනී – Leung Cheong Tai, Kantar South Asia- Insights හි විධායක කළමනාකරණ අධ්‍යක්ෂ, දීපේන්ද්‍ර රානා සහ Kantar South Asia විධායක කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

Kantar Sri Lanka ප්‍රධානී, හිමාලි මදුරසිංහ විසින් පාරිභෝගිකයින්ගේ පවතින හද ගැස්ම අවබෝධ කර ගැනීමේ  අවශ්‍යතාවය අවධාරණය කළාය. එමෙන්ම මෑත කාලයේදී පෙර නොවූ සමාජ සහ ආර්ථික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් මුහුණ දුන් විවිධ කටුක හා අමිහිරි වූ අත්දැකීම් ඇය මැනවින් පෙන්වා දුන්නාය. “මෙය ව්‍යාපාර සැලසුම් සහ ඒවායේ  අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරනවා. ඇතැම් අංශයන් මෑතකදී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළද පෙර තිබූ සාර්ථකත්වය වෙත ළඟා වීමට යම් කාලයක් ගත වනු ඇත.” යනුවෙන් ඇය සඳහන් කළාය.

හිමාලි මදුරසිංහ විසින් ජනගහන සංයුතිය වෙනස්වීමට සාපේක්ෂව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා ගැඹුරින් අවබෝධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය  කරන ලදී.

Gen Z සහ Gen Y ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% ක් පමණ නියෝජනය කරයි. ඉන් අඩක් Gen Z වේ. Kantar හි ජාතික ජනගහන සහ ජීවන රටා සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ නිවාසවලින් 58% ක අවම වශයෙන් එක් Gen Z සාමාජිකයෙක් සිටියි. එම නිවාසවල භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ තීරණවලට ඔවුහු සැලකිය යුතු බලපෑමක් සිදු කරති. එපමණක් නොව ඔවුන් විසින් විවිධාකාර සාමාජයීය වෙනස්කම්වලටද විශාල දායකත්වයක් දක්වනු ලැබේ.

“විශේෂයෙන් ශ්‍රම බලකායට එක්වන Gen Z, සංකීර්ණ හැසිරීම් රටාවලින් යුතු පිරිසක් වේ. වෙළඳ සන්නාම සහ ඒවායේ හිමිකරුවන්, මෙම පරම්පරාව විසින්  තම සේවා හා නිෂ්පාදන කෙරෙහි සිදු කළ හැකි බලපෑම් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ”. තවද ඇය විසින් මෙම සියුම් ගති පැවතුම් පිළිබඳ පුළුල් අවබෝධයක් වෙළඳ ප්‍රජාවට ලබා දීම සඳහා Kantar සමාගමේ කැපවීම සහ කාර්යභාර්ය අවධාරණය කළාය.

ප්‍රධාන විධායක නිලධාරීනි, Kantar APAC – Leung Cheong Tai, පැමිණ සිටි පිරිස සමඟ තම අත්දැකීම් බෙදා  ගනිමින් , APAC කලාපයේ ප්‍රචලිත ප්‍රවණතා තුනක් පිළිබඳව දැනුවත් කළාය.  ඇය කෙටි පැහැදිලි කිරීමක් සමඟ අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි යමක් කිරීම, අනාගත අවශ්‍යතා පෙරදැරි කර ගත් සන්නාමයන්  ගොඩනගා ගැනීම, යහපත් ක්‍රියා මාර්ග තුළින් සාර්ථකත්වය අත් කර ගැනීම යන ප්‍රවණතා පිළිබඳ ගෙන හැර දැක්වූවාය.

Kantar Insight හි දකුණු ආසියාවේ විධායක කළමනාකාර අධ්‍යක්ෂ – දීපේන්ද්‍ර රානා, “KANTAR සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) – ඉදිරි දැක්ම” යන මැයෙන් වෙළඳ සමික්ෂණ සඳහා තම සමාගම කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව හරවත් ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කළේය. එහිදී කෘත්‍රිම බුද්ධිය මගින් මානව හැකියාවන් වැඩිදියුණු කරන නව චින්තනයක් ඇති වන ආකාරයද ඔහු විස්තර කළේය.

GEN Z – Unravelled යන තේමාව යටතේ ෂෙවානි සේනානායක සහ නුවනි ජයසූරිය විසින් ශ්‍රී ලාංකික GEN Z ප්‍රජාවේ නවතම තොරතුරු එළිදැක්මක් සිදු කරන ලදී. “අප මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 15ත් 26ත් අතර පිරිස වෙත විශේෂ අවධානය යොමු කරන ලැබුවා. මෙම පිරිස ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සමාජ සම්මතයන්වලට බලපෑම් ඇතිකරනු ලබන පුරෝගාමීහු වෙති”

“Gen Z යනු කුතුහලයක් ඇති කරවන, තේරුම් ගැනීමට තරමක් අපහසු කණ්ඩායමකි. තවද ඔවුහු සංකීර්ණ වූ, විවිධාකාර වූ පෞරුෂයන්, විශ්වාසයන් හා හරයන්ගෙන් යුතු පිරිසකි. එසේ වුවද මෙම සංකීර්ණ ගතිලක්ෂණ සියල්ල එක්ව ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී ඔවුන් පිළිබඳ අර්ථවත් අනන්‍යතාවයක් ගොඩනගා ගත හැකියි. අපි එකී අනන්‍යතාවන්, ප්‍රමුඛ ලක්ෂණ පහක් ඔස්සේ අධ්‍යයනය කළෙමු. නව්‍ය සහ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගේ සංකලන (Neo-Traditional), අරමුණු සාක්ෂාත් කර ගැනීම (Aspirant) උත්සහවන්තව කටයුතු කිරීම (Go-Getter),  ෆිජිටල් (Phygital- භෞතික සහ ඩිජිටල් ) සහ ගවේෂකයින් (Explorer) යනාදී වශයෙන් මෙම ලක්ෂණ වර්ගීකරණය කෙරුණි. එමඟින් Gen Z පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අපට හැකියාවක් ලැබිණි.”

මෙම සමීක්ෂණයට අනුව “මම අදහන දේ මගේ ජීවිතයට මඟ පෙන්වයි” යන ආකල්පය Gen Z වලින් 92% ක පිරිසක් දරති. මෙමගින් ආගම මුලික කරගත් අධ්‍යාත්මික නැඹුරුවක් ඔවුහු පෙන්නුම් කරති. එමෙන්ම Gen Z සංස්කෘතිය වැදගත් කොට සලකනු ලැබුවද, ඔවුහු තම ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරිමේදී සාම්ප්‍රදායානුකූල ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කරති. ඔවුහු අන් අය කෙරෙහි සැලකිල්ල දැක්වූවද, අසාධාරණ සමාජ සම්මතයන් හේතුවෙන් ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ඔවුන් ඇති කරගන්නා ආශ්‍රයන් වැනි දෑ සීමාවනවාට කැමැත්තක් නොදක්වති. ඔවුහු අන් අය පිළිබඳ විනිශ්චය නොකරන අතර, අන් අය විසින් තමන්ව විනිශ්චය කිරීමද අනුමත නොකරති.

ඔවුන් තුළ පවත්නා එක් පොදු ලක්ෂණයක් වනුයේ, ධනාත්මක වෙනස්කම් කිරීමට රුචිකත්වයක් දැක්වීමයි. ඔවුහු දේශපාලනයට සම්බන්ධ නොවූවද ඔවුන්ගේ හඬ අවදි කිරීමට උනන්දු වෙති. මෙය ඔවුන්ගේ ජීවිතයේ බොහෝ පැතිකඩයන්ට අදාළ වේ. එය ඔවුන් භාවිත කරන නිෂ්පාදන, ඔවුන් ඇල්මක් දක්වන හෝ ඇල්මක් නොදක්වන වෙළඳ නාම හෝ එදිනෙදා කටයුතුවලදී ඔවුන් අත්විඳින අත්දැකීම්වලට පවා අදාළ විය හැකිය.

අන්තර්ජාලය හා සමාජ ජාලා තුළින් Gen Z විකල්ප වෘත්තීන් පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඇති අතර ඔවුන් රැකියා වෙළඳපොළේ තරඟකාරිත්වය පිළිබඳද දැනුවත්ය. ඔවුන්ගෙන් 55% උපාධියක් හෝ ඉහළ සුදුසුකමක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින අතර, තම සුදුසුකම් සපුරා ගැනීමටද උත්සහ කරති. ඉදිරියේදී සේවා යෝජකයින්ට හමුවන මොවුහු සුදුසුකම්වලින් සමන්විත පිරිසක් විය හැකි අතර, තවදුරටත් සිය කුසලතා ඔප මට්ටම් කර ගැනීමට අදහස් කරනු ලබති.

ඔවුහු නිදහසට සහ ස්වාධීනත්වයට ප්‍රමුඛත්වය ලබා දෙති. ඔවුන්ගෙන් 63%ක්ම ව්‍යවසායකයින් වීමට රුචිකත්වයක් දක්වති. කෙසේ වෙතත්, මෙම ස්වාධීනත්වය ළඟා කර ගත් පමණින් ව්‍යාපාරික සාර්ථකත්වය සහතික කළ නොහැක. ඔවුන්ට පැහැදිලි අරමුණු තිබුණද, සිය ඉලක්ක වෙත ළඟා වීමට අවශ්‍ය මඟ පෙන්වීම අපේක්ෂා කරති.

වයස අවුරුදු 21ට වැඩි Gen Z ප්‍රජාවෙන් අඩක් පමණ දැනටමත් ශ්‍රම බලකාය නියෝජනය කරති. ඔවුන් වැටුප් ප්‍රමුඛ කොට සැලකුවද, රැකියාවේ සහ වැඩ කරන වේලාවන්හි නම්‍යශීලි බවද වැදගත් ලෙස සලකනු ලබති. එමෙන්ම ඔවුහු රැකියා ස්ථානයේ ගුණාත්මකභාවයද අපේක්ෂා කරති. මෙම සාධක ඔවුන් රැකියාවක් සඳහා යොමුවීමට සහ එහි රැඳී සිටීමට දිරිගන්වයි.

Gen Z, තාක්ෂණය සමඟ ජීවත් වන පිරිසකි. ඔවුන්ගෙන් 94%ක් දිනපතා අන්තර්ජාලය භාවිත කරයි. එය ඔවුන්ගේ ප්‍රියතම තොරතුරු මූලාශ්‍රය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස Gen Z සිය තරුණ වියේදීම ජාත්‍යන්තර චිත්‍රපට, ප්‍රසිද්ධ පුද්ගලයින්, වෙළඳ දැන්වීම්, පොප් සංස්කෘතිය සහ සංගීතයට නැඹුරුවක් දක්වයි. එමඟින් ඔවුන් සිතන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය සහ ලෝකය අත්විඳින ආකාරය කෙරෙහි බලපෑම් ඇති කෙරේ.

එසේම, දේශීය වැඩසටහන් (Local content) ඩිජිටල් සහ සම්ප්‍රදායික මාධ්‍ය හරහා නැරඹීම මොවුන් අතර ප්‍රචලිතය. 49% ක් දිනපතා දේශීය වැඩසටහන් රූපවාහිනියෙන් නරඹන අතර, 44% ක් අන්තර්ජාලය හරහා එය නරඹනු ලබයි.

Gen Z පරම්පරාව ගෝලීය වශයෙන් අවදානයට ලක් වූ සමානාත්මතාවය, තිරසාරත්වය සහ සමාජ දැනුවත්භාවය වැනි මාතෘකා පිළිබඳ අන්තර්ජාලය හරහා දැනුවත්ව සිටියි. එමඟින් සදාචාරත්මක, පරිසර හිතකාමී සහ ප්‍රජාවට වඩාත් හිතකර සන්නාම භාවිත කිරීමට Gen Z වඩාත් යොමු වේ. බොහෝ අය විසින් සදාචාර විරෝධී සන්නාම ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කරනු ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සමාජ මාධ්‍ය තුළ ප්‍රතික්ෂේප කරනු ලබයි.

සෑම පරම්පරාවක්ම අපගේ සංස්කෘතිය හා සාරධර්ම ආරක්ෂා කිරීම සහ කාලීන අවශ්‍ය වෙනස්කම් සඳහා යම් කාර්යභාරයක් ඉටු කරයි. Gen Z පරපුර, වර්තමාන ශ්‍රී ලාංකික සමාජය වෙනුවෙන් හඬ අවදිකරන්නෙකු ලෙස කටයුතු කරමින් එම දායකත්වය ලබා දෙයි.

Kantar ආයතනය මගින් Gen Z හි හැසීරීම් රටා පිළිබඳ අධ්‍යයනය තුළින් අප දන්නා කරුණු මෙන්ම නව පැතිකඩයන්ද සංඛ්‍යාත්මක හා ගුණාත්මක දත්ත සහිතව ඉදිරිපත් කරන ලදී. අලෙවිකරුවන්ට සහ ව්‍යාපාරිකයින්ට අලෙවිකරණ පිළිබඳව දැනුවත් තීරණ ගැනීම සඳහා මෙම දත්ත භාවිතය බෙහෙවින් වැදගත් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

karkasnyy_dom_koei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_wiMl on Prima KottuMee re-launch…..
karkasnye_doma_bfkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_fqMl on Prima KottuMee re-launch…..
stroitelnoe vodoponijenie_qfKt on Prima KottuMee re-launch…..
klining_moskva_hcsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_zlma on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kashpo dizain_bfmt on Prima KottuMee re-launch…..
klining_moskva_rdEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jhlmoto_ipei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_isPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dizainerskie kashpo_sael on Prima KottuMee re-launch…..
kashpo dizain_vcer on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_ofkt on Prima KottuMee re-launch…..
klining_top_bzon on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka edi_cpen on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_utkt on Prima KottuMee re-launch…..
derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..