Wednesday, June 4, 2025
HomeBiz NewsJL Euro Solutions සහ Pharmaceris වෙතින් කේශ සහ චර්ම සත්කාර විසඳුම් පිළිබඳ...

JL Euro Solutions සහ Pharmaceris වෙතින් කේශ සහ චර්ම සත්කාර විසඳුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් …

ශ්‍රී ලංකාව තුළ Pharmaceris කේශ හා චර්ම සත්කාර විසඳුම් සම්බන්ධ එකම බලයලත් නියෝජිතයා වන JL Euro Solutions සමාගම පසුගියදා Hilton Colombo Residences හිදී කේශ සහ චර්ම සත්කාර නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වී ය. එහිදී Alopecia රෝග තත්ත්වය සහ ශ්‍රී ලංකාව තුළ එයට ඇති ප්‍රතිකර්ම සම්බන්ධයෙන් Pharmaceris හි විශේෂඥයෝ පිරිසක් අදහස් දැක්වූහ.

Alopecia හෙවත් ‘කොණ්ඩය යාම’ යනු ශ්‍රී ලංකාවේ මැදි වියේ සහ ඊට වැඩි වයස්වල පසුවන පුරුෂයන් අතර බහුල තත්ත්වයකි. මෙය බොහෝ පුද්ගලයන්ගේ මානසික තත්ත්වයට අහිතකර ලෙස බලපාන බව පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත. එමගින් තමන්ගේ පෙනුම අවලස්සන වන බව විශ්වාස කරන ඔවුහු නිතැතින්ම සමාජයෙන් දුරස් වීමට පෙළඹෙති. ඉන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති වී ඇතැම්විට විශාදය වැනි තත්ත්වයන් ඇතිවීමට පවා ඉඩ තිබේ.

Pharmaceris යනු කේශ හා චර්ම සත්කාර සම්බන්ධයෙන් ලොව ඉදිරියෙන්ම සිටින පෝලන්ත සමාගමකි. එය හිසකෙස් හා සම සම්බන්ධයෙන් දීර්ඝකාලීනව ඵලදායී වන විසඳුම් ලොවට දායාද කර ඇත. ලොව බහුලව හමුවන කේශ හා චර්ම දෝෂවලට පිළියම් වශයෙන්, උසස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කළ විසඳුම් පෙළක් ඒ අතරට ඇතුළත් වේ. ලොව නවීනතම දැනුම සහ තාක්ෂණයන් භාවිතා කරමින් පර්යේෂණ ඔස්සේ මේවා හඳුන්වා දී ඇත්තේ ඉහළම සුදුසුකම් සපිරූ විශේෂඥයන් පිරිසක් විසිනි. සාමාන්‍යයෙන් ප්‍රතිකාර කිරීමට අපහසු ලෙස පිළිගැනෙන තත්ත්වයන්ට පිළියම් සෙවීම සඳහා ඵලදායී ලෙස භාවිතා කළ හැකි නවීන ක්‍රමවේදයන් මෙම ක්‍රියාවලිය තුළදී අනුගමනය කර තිබේ. මේ නිසාම සාර්ථක බව සහ සුරක්ෂිත බව විධිමත්ව තහවුරු කළ නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට Pharmaceris සමත් වී ඇත. මේ සංයෝග සියල්ල ස්වාධීන පර්යේෂණ ආයතන සහ රෝහල් මගින් පරීක්ෂා කර තහවුරු කර තිබේ. මෙම නිෂ්පාදන සුරක්ෂිත බවත්, උසස් ප්‍රමිතියෙන් යුක්ත බවත්,  සාර්ථක ප්‍රතිඵල ගෙනෙන බවත් මේ විට ලොව පුරා මිලියන ගණනක් පාරිභෝගිකයන් ප්‍රායෝගිකව වටහාගෙන ඇත. මේ නිසාම චර්ම විශේෂඥයන්, ළමා වෛද්‍යවරුන්, කාන්තා රෝග විශේෂඥයන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සහ ඖෂධවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් දැනටමත් මෙම නිෂ්පාදන රෝගීන්ට නිර්දේශ කරති.

Hilton Colombo Residences හිදී පැවැත්වූ වැඩසටහන සම්බන්ධයෙන් JL Euro Solution හි කළමනාකාර අධ්‍යක්ෂ ෂර්වින් මාරියෝ ලින්ඩ්සේ මහතා මෙසේ අදහස් පළකළේ ය. “JL Euro Solution යනු සාපේක්ෂව අලුත් සමාගමක් වුවත්, කෙටිකාලයක් තුළ වෙළඳපොළේ ස්ථාවර වෙමින්, ඉහළම ප්‍රමිතියෙන් යුත් කේශ හා චර්ම සත්කාරක නිෂ්පාදන බෙදාහරින සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට අපට හැකි වුණා. කේශ හා චර්ම සත්කාර සම්බන්ධයෙන් ලොව ඉදිරියෙන්ම සිටින පෝලන්ත සමාගමක් වන Pharmaceris සමාගම අප ඔවුන්ගේ එකම බලයලත් නියෝජිතයා ලෙස තෝරාගැනීම මෙම කීර්තිය තවදුරටත් තහවුරු වීමට බලපෑ සාධකයක්. Pharmaceris සමාගම පර්යේෂණ ඔස්සේ හඳුන්වා දී ඇති නිෂ්පාදන එකතුව මේ වනවිට ලොව පුරාම ජනප්‍රිය වී තිබෙනවා. අප සංවිධානය කළ මෙම වැඩසටහන, කේශ හා චර්ම සත්කාර නිෂ්පාදනවල සාර්ථකත්වය සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ප්‍රයත්නයක එක් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.”

2021 වසරේදී ආරම්භ වූ JL Euro Solution සමාගම බෙදාහරින ජාත්‍යන්තර තලයේ කේශ හා චර්ම සත්කාර නිෂ්පාදන එකතුව දිවයිනේ ප්‍රමුඛ පෙළේ කේශ හා චර්ම සත්කාර විශේෂඥයන් රැසකගේ විශ්වාසය දිනා ඇත. හිසකෙස් යාම, හිසකෙස් සුදු වීම, හිසකෙස් සිහින් වීම සහ හිස්හොරි ඇතිවීම ආදිය සඳහා විසඳුම්, සම දීප්තිමත් කිරීමේ විසඳුම්, සමේ කළු පැල්ලම් ඇතිවීම සහ සම සංවේදී වීම (ආසාත්මිකතා බහුලව ඇතිවන සම) සම්බන්ධ විසඳුම් මෙන්ම හිරු එළියෙන් සම ආරක්ෂා කරන විසඳුම්ද JL Euro Solution ගෙනෙන නිෂ්පාදන අතරට ඇතුළත් වී තිබේ.

මේ දක්වා අත්කරගෙන ඇති සාර්ථකත්වය මත පදනම් වෙමින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශ රැසක් වෙත ව්‍යාප්ත වීමට JL Euro Solution සමාගම බලාපොරොත්තු වෙයි. එමෙන්ම ඉදිරියේදී කේශ හා චර්ම සත්කාර සම්බන්ධ සියලුම අංශ ආවරණය වන පරිදි තවත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගම් රැසක නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමටද සමාගම සැලසුම් කරමින් සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..