Saturday, June 7, 2025
HomeBiz Newsනීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා සෙලාන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කෙරේ...

නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා සෙලාන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කෙරේ…

සෙලාන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස, 2024 පෙබරවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදය මැඩලීමේ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස 2024 වසරේ ජනවාරි මාසයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි කැබිනට් මණ්ඩලය විසින් අලුවිහාරේ මහතා පත්කරන ලද අතර පාර්ශ්වකරුවන්ට විශේෂිත වූ ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාවට නැංවීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඒවායෙහි ප්‍රගතිය වාර්තා කිරීම එම බලකායේ මූලික කාර්යභාරයයි.

1982 වසරේදී නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ බුවනෙක අලුවිහාරේ මහතා 1983 වසරේදී රජයේ නීතීඥයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ අතර, වසර 30කට අධික කාලයක් එහි සේවය කරමින් 2013 වසර වනවිට අතිරේක සොලිසිටර් ජනරාල් තනතුර දක්වා උසස්වීම් ලැබී ය. එම වසරේදීම ඒ මහතා ජනාධිපති නීතීඥවරයෙකු ලෙසද පත්කරන ලදී.

1989 වසරේදී එංගලන්තයේ සහ වේල්ස් හි සොලිසිටර්වරයෙකු ලෙස ලියාපදිංචි වූ ඒ මහතා 2024 වසරේදී University of London (Queen Mary College) වෙතින් සිය පශ්චාත් උපාධිය (LLM) හිමිකරගත්තේ ය.

ඒ මහතා 2001 වසරේ නැගෙනහිර ටිමෝරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභිචෝදකවරයෙකු ලෙස එහි බරපතළ අපරාධ කමිටුව හමුවේ අධිකරණ කටයුතුවලට සම්බන්ධ වී තිබේ. 2015 වසරේ ෆීජි දූපත්හි ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන් අලුවිහාරේ මහතා එහි අනේවාසික විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේ ය.

2005 වසරේ සිට අලුවිහාරේ මහතා 2013 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පත්වීම් ලබනතුරු ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ සාක්ෂි නීතිය පිළිබඳ කථිකාචාර්යවරයෙකු සහ විභාග පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළේ ය. එමෙන්ම ඒ මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු/විභාග පරීක්ෂකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය තුළ අලුවිහාරයේ මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (මූල්‍ය බුද්ධි ඒකකයේ) නීති උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතරම ඒ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස මෙන්ම, විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේ ය. තවද ඒ මහතා සංස්ථාපිත නීති අධ්‍යයන සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..