Saturday, June 7, 2025
HomeBiz Newsදිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්...

දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්…

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතරව සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා මේ මහාර්ඝ උපාංගය ජීවිතයට ළංකරගත්, එයින් ජීවිතය ගොඩනඟාගත් ශ්‍රී ලාංකේය කතුන් දහස් ගණනකි.

මේ සමීප සබඳතාව හොඳින් දැන හඳුනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝක කාන්තා දිනය වෙනුවෙන් දියත් කළ ව්‍යාපෘතිය “සිංගර් දිරි වියමන්” නමින් හැඳින්වෙයි. මැහුම් කලාව ලංකාව පුරා තවතවත් ප්‍රචලිත කිරීමත් ඒ ආශ්‍රිත ව්‍යාපාර රට පුරා ආරම්භ කිරීමත් එහි අරමුණ විය.

ආරම්භක පියවර වශයෙන් “සිංගර් දිරි වියමන්” පිළිබඳව සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් පුළුල් ලෙස දැනුවත් කෙරුණු අතර මුල් සති තුන ඇතුළත දිවයින පුරා වෙසෙන කාන්තාවන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් 1800කට වඩා ලැබී තිබීම දිරිගන්වනසුළු සහභාගිත්වයකි. ආචාර්ය නිසංකා කුසුම්සිරි, කාංචනා පෙරේරා සහ දෙවන්මිනි වික්‍රමරත්න යන අයගෙන් සැදුම්ලත් සිංගර් ශ්‍රී ලංකා විශේෂඥ මණ්ඩලයේ සියුම් පිරික්සීමකින් අනතුරුව ඒ අතුරින් 25 දෙනෙකු තෝරා ගන්නා ලදී. එසේ තෝරාගත් අයගෙන් වැඩි පිරිසක් 2024 පෙබරවාරි 09 වන දින පැවැති පරීක්ෂණයට සහභාගී විය. කතුන් කිහිපදෙනෙකු සම්මුඛ  පරීක්ෂණයට එක්වූයේ සූම් තාක්ෂණය හරහා ය. ඒ අතුරින් හෙට දවසේදී ව්‍යවසායකයන් ලෙස සාර්ථක ඉදිරි ගමනක නියැළෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වඩා සුදුසු දිරිය කතුන් තුන් දෙනෙකු ලෙස තල්පේ මල්ෂා දිසානායක, වත්තල  පී. ඒ. නිලන්ති සහ බණ්ඩාරගම සසිකා ප්‍රියන්ති නන්දරත්න යන අය තෝරා ගනු ලැබිණි.

මේ ජයග්‍රාහිකාවන් සඳහා ආචාර්ය නිසංකා කුසුම්සිරි විසින් “ව්‍යවසායකත්වය, නීතිමය කටයුතු සහ පොත් තැබීම” පිළිබඳව ද, කාංචනා පෙරේරා මහත්මිය විසින් “රෙදිපිළි තෝරාගැනීම සහ මැහුම් කලාවේ විශේෂඥ උපදෙස්” පිළිබඳව ද, මාස්ටර්ස් ප්‍රචාරණ ආයතනය විසින් “වර්ගනාම ගොඩනැඟීම සහ අලෙවිකරණය” පිළිබඳව ද විශේෂ වැඩමුළු පවත්වා ඔවුන් දැනුම්වත් කරවන්නට සිංගර් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේ ය.

අවසානයේ ජයග්‍රාහිකාවන් දෙදෙනෙකු සඳහා නවීන තාක්ෂණයෙන් යුතු සිංගර් MCZJA6000P-G Industrial මහන මැෂින් දෙකක් ද, අනෙක් ජයග්‍රාහිකාව සඳහා සිංගර්  SM-SC220 Domestic මහන මැෂිමක් ද ප්‍රදානය කෙරුණේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සමඟ විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදීමෙන් අනතුරුව ය. ජයග්‍රාහිකාවන් දිරිගන්වමින් මේ අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගී විය.

සිංගර් ආයතනය මෙම ජයග්‍රාහිකාවන් තිදෙනාට ශුභාශිංසනය කරන්නේ ඔවුන් අනාගතයේදී දියුණුවෙන් දියුණුවට ගමන් කරමින් සාර්ථක ව්‍යවසායිකාවන් බවට පත්වනු දැකීමේ අපේක්ෂාවෙනි. එසේ ම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා ම එළැඹෙන ඉදිරි වසරක් පාසා මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව දියත් කරන්නට සිංගර් ශ්‍රී ලංකා ආයතනය බලාපෙරොත්තු වෙයි. සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ “සිංගර් දිරි වියමන්” යනු හෙට දවසේ ජයග්‍රාහී දිරිය කතුන්ගේ අපේක්ෂාවන් පුබුදුවන, ඔවුන්ගේ ආර්ථිකයට මහත් ශක්තියක් වන වටිනා ව්‍යාපෘතියකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..