Tuesday, December 3, 2024
spot_imgspot_img
HomeBiz NewsAIBS ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත්  වැඩසටහන් ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේදී...

AIBS ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත්  වැඩසටහන් ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේදී පෙරමුණ ගන්නා බව තහවුරු කරයි.  

2018 දී පිහිටුවන ලද ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය (The Asian Institute of Business & Science (AIBS) විසින් එහි සය වසරක සාර්ථක ගමන සනිටුහන් කරන සහ  එහි ආරම්භයේ සිට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා පියගැනීමේ අපේක්ෂාවන් අඛණ්ඩව වැඩිකරන  නව ගිවිසුමකට එළඹීම  නිමිතිකොට ගෙන උත්සවයක් පවත්වන ලදී. 2022 දී එක්සත් රජධානියේ එජ් හිල් විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධවීම සමඟින් අන්තර්ජාතික වශයෙන් පිළිගත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ සමඟ දැඩිලෙස සම්බන්ධවී සිටින, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය වර්තමානයේදී  හය සියය (600) ඉක්මවන ශිෂ්‍ය ප්‍රජාවකට උපාධි පිරිනමන ආයතන, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 14 ක් මාර්ගයෙන් අධ්‍යයන පාඨමාලා සහ වැඩසටහන් 21 ක් පිරිනමයි.

ගාර්ඩියන් ශ්‍රේණිගතකිරීම අනුව 35 වැනි ස්ථානයේ පසුවන එජ් හිල් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ජෝර්ජ් ටල්බොට් මහතා ප්‍රකාශ කරන්නේ එජ් හිල් විශ්වවිද්‍යාලය 2022 දී නූතන විශ්වවිද්‍යාලය ලෙස පිළිගැනීමට ලක්වූ බවයි. “විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන අධ්‍යයන ක්ෂේත්‍රවල අප කීර්තිමත්  විශිෂ්ටත්වයක්  දරන අතර අප ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය සමඟ අනුබද්ධවීම  නිසා ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාවට අසමසම අධ්‍යාපන අත්දැකීමක් විශේෂයෙන් ජීවන විද්‍යා අංශයේ ,  ලබාදීමට අපට ප්‍රබල මංපෙතක් විවෘත වන බව සහතිකය. ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය සමඟ අපගේ හවුල්කාරිත්වය මගින් ජාත්‍යන්තර උපාධිව ලබාගැනීමේදී අවශ්‍යතාවයක්ව පවතින ඉහළම ප්‍රමිති සපුරාගැනීම  පිණිස සීමාවීමකින් තොරව පාඨමාලා ඉදිරිපත්කිරීම සහතික කෙරෙයි. ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට කුසලතා සංවර්ධනයට සහ පර්යේෂණ සඳහා ආධාර සැපයීමක් ද සිදුවෙයි. තෝරාගත් පශ්චාත් උපාධි වැඩසටහන් සමඟ පරිසර විද්‍යාව,ආහාර විද්‍යාව හා තාක්ෂණය, ජෛවරසායන විද්‍යාව, ව්‍යාපාර විශ්ලේෂණය, සයිබර් ආරක්ෂාව සහ කෘත්‍රිම බුද්ධිය වැනි විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින්  උපාධි අපේක්ෂකයන්ට  අධ්‍යයන සදහා පවතින විෂයයන් පුළුල් කිරීමට අපි සැලසුම් කරමු.”

විද්‍යාව කේන්ද්‍රීය ආයතනයක් ස්ථාපිත කිරීමේ දැක්මකින් යුතුව පිහිටුවන ලද ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ එහි ගමන ආරම්භ කළේ ජීවවිද්‍යාව සහ ජෛව-තාක්ෂණය  යන දෙඅංශයෙහි විශේෂඥභාවයන් සමඟින් ව්‍යවහාරික විද්‍යාවන්හි පියර්සන් ව්‍යාපාර,තාක්ෂණ සහ අධ්‍යාපන සභාවේ උසස් ජාතික ඩිප්ලෝමා (Pearson BTEC Higher National Diploma)පිරිනැමීමේ පිළිගත් ආයතනයක් වශයෙනි. පසුව ,ව්‍යාපාර,අලෙවිකරණය, ගිණුම්කරණය හා මුදල්, පරිගණක සහ මෘදුකාංග ඉංජිනේරුවිද්‍යා ඇතුළු විශේෂඥභාවයන් පහක් සමඟින් මෙම පාඨමාලාවලට ව්‍යාපාර සහ පරිගණක විද්‍යාව එකතුකරන ලදී.මේවායෙන් ලත් සාර්ථකත්වය පදනම් කරගෙන, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය, එජ්හිල් විශ්වවිද්‍යාලය සමඟ එක්ව ජෛව වෛද්‍ය,ජෛව තාක්ෂණය,ප්‍රවේණිවිද්‍යාව, අන්තර්ජාතික ව්‍යාපාර,අලෙවිකරණය, පරිගණක සහ මෘදුකාංග ඉංජිනේරු යන උපාධි අපේක්ෂක වැඩසටහන්  ගෙනඒමට පියවරගත්තේය.

අධ්‍යාපන ආයතන සහ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ප්‍රධානීන්ගේ හමුවක් ඇමතූ ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ  හිරාන් ද සිල්වා මහතා  “ අපි ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්‍රවල ඉගෙනීම සඳහා ශිෂ්‍ය ප්‍රජාව විසින් තෝරා ගනු ලබන ප්‍රමුඛ ආයතනයක් බවට සිටුමු” යැයි පැවසීය  “ 2019 සිට , අපගේ අවධානය යොමුකර ඇත්තේ අපගේ අන්තර්ජාතික අධ්‍යාපන අවකාශය පුළුල්කිරීම කෙරෙහිය. අප මෙම මෙහෙවර ඉටුකළේ එක්සත් රාජධානියේ පියර්සන් එඩියුකේසන් ආයතනය, එජ්හිල් විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ රොසෙඩේල් ග්ලෝබල් හයි ස්කූල් සහ එන්සීසී එඩියුකේසන් යන ආයතන(Pearson Education UK, Edgehill University, Rosedale Global High School & NCC Education UK) සමඟ අප ඇතිකරගත් හවුල්කාරිත්වය අනුව පූර්ව- විශ්වවිද්‍යාල සහ පශ්චාත් ද්විතීයික  සුදුසුකම් මාලාවක් පිරිනමමිනි. ශ්‍රී ලංකාවේදී ඔන්ටේරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමා (Ontario Secondary School Diploma පිරිනැමීමේ පුරෝගාමීන් වන අපි කෝවිඩ් වසංගතයෙන් උද්ගතවූ බාධක මැඩගෙන ඉදිරියටයාමට උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර පදනම් ඩිප්ලෝමාව සහ විද්‍යාව, ව්‍යාපාර, තොරතුරු තාක්ෂණය. සහ ඉංජිනේරු. යන ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු  පදනම් වර්ෂ වැඩසටහන පිරිනැමුවෙමු.”

මෙම කලාපයේ පූර්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා මිනුම් ලකුණක් ස්ථාපිත කරමින්, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය දැන් ශ්‍රී ලංකාවේ NCC Level 3 උපාධිධාරින් බිහිකරන ප්‍රධාන අධ්‍යාපන ආයතනය  බවට පත්ව ඇතැයි  වැදගත් සිදුවීම් කිහිපයක් ගෙනහැරදක්වමින්  හිරාන් ද සිල්වා මහතා මහතා ප්‍රකාශ කළේය.“ කැනඩාවේ ඔන්ටේරියෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් බලයලත්  ගෞරවාන්විත ඔන්ටෝරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමාව(Ontario Secondary School Diploma)  හඳුන්වාදීමට රොසඩේල් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ආයතනය (Rosedale Global International ) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්ව යටතේ දැන්  ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය  වාර්ෂිකව සියදෙනෙකුට වඩා ඔන්ටෝරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමාධාරීන් බිහිකරයි.”

පංති කාමරයේදී ඉගෙනගත් පාඩම් ප්‍රායෝගික ලෝකය කරා ගෙනයමින්, ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය Gene Labs Medical, Derana Medical Labs, Institute for Research & Development ඇතුඵ ආයතන ගණනාවක් සමඟ පාර්ශවගතව වැඩකරයි.

ජීවන විද්‍යාව, ව්‍යාපාර. සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්වල පර්යේෂණ කෙරෙහි දැඩි අවධානය යොමුකරමින් ,අධ්‍යයන නවෝත්පාදන සහ සමාජීය සංවර්ධනය පිණිස ඒවායේ දායකත්වය සහතික කරමින් , ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස්  ආයතනය ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් ශිෂ්‍ය ප්‍රජාවට ලබාගැනීමට අවකාශ සලසමින් සහ එම ශිෂ්‍ය ප්‍රජාව වෙනස්වන ගෝලීය පරිසරයේ නායකයන් සහ නවෝත්පාදකයන් බවට පත්වීමට සූදානම් කිරීමේ සිය මෙහෙවරෙහි අචල ලෙස රැඳී කටයුතු කරමින් සිටි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments