Saturday, June 7, 2025
HomeBiz NewsUPlay with UPayතරඟාවලිය හරහා කාර්ය මණ්ඩලයට නැවුම් අත්දැකීමක්..

UPlay with UPayතරඟාවලිය හරහා කාර්ය මණ්ඩලයට නැවුම් අත්දැකීමක්..

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් SDB බැංකුව හඳුන්වා දුන් UPay ඩිජිටල් යෙදවුම පිළිබඳව බැංකුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් පවත්වන ලද UPlay with UPay තරඟාවලිය පසුගිය දා අවසන් විය. විශිෂ්ට ඩිජිටල් බැංකුකරණයක් කරා යන ගමනේදී UPay ඩිජිටල් යෙදවුම පිළිබඳ අවබෝධය උපක්‍රමිකව පුළුල් කරමින් පවත්වන ලද මෙම තරඟවලියේදී සාමූහික ක්‍රියාකාරිත්වය මෙන්ම නවෝත්පාදන කුසලතාවය කෙරෙහි ද අවධානය යොමු විය. එසේම අඛණ්ඩ ඉගෙනුම් හා සංවර්ධන සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් බැංකුව දක්වන දායකත්වය ද මෙමගින් තහවුරු විය.

UPay ඩිජිටල් යෙදවුම පිළිබඳව වඩාත් පුළුල් දැනුමක් සිය කාර්ය මණ්ඩලයට ලබා දීම අරමුණු කර ගනිමින් පැවැති මෙම තරඟාවලියේදී යෙදවුම හරහා හඳුන්වා දී ඇති නැවුම් විශේෂාංග කෙරෙහි විශේෂ අවධානය යොමු විය. එමෙන්ම යෙදවුම පිළිබඳව පාරිභෝගිකයන් වඩාත් හොඳින් දැනුම්වත් කිරීමටත් ඊට අදාළ සේවාවන් වඩාත් කාර්යක්‍ෂමව සැපයීමටත් අවශ්‍ය මාර්ගෝපදේශ ද ලබා දෙන ලදි. යෙදවුම බාගත කරගැනීම, ලියාපදිංචි කිරීම සහ අභ්‍යන්තර හා බාහිර වශයෙන් යෙදවුම සමඟ සම්බන්ධ වීම පිළිබඳවත් යෙදවුමේ අන්තර්ගත මුදල් පැවරීම, බිල් ගෙවීම, QR කේත ඔස්සේ ගෙවීම ආදී විශේෂාංග පිළිබඳවත් අවබෝධය පුළුල් කරමින් UPay ඩිජිටල් යෙදවුම වඩාත් සුහුරු ආකාරයෙන් හැසිරවීමට අවශ්‍ය පුහුණුව ලබා දීම හා යෙදවුම ජනප්‍රිය කිරීම මෙහිදී ඉලක්ක විය.

තරඟාවලියේ සමාජ මාධ්‍ය හා සම්බන්ධ වූ තරඟ අංශය විනෝදය සහ අන්තර් ක්‍රියාකාරී ජවය සහිත උද්යෝගිමත් අවස්ථාක් වූ අතර ඒ ඔස්සේ කාර්ය මණ්ඩලයට නව චින්තනයට හා නිර්මාණශීලීව කටයුතු කිරීමට ද අවස්ථාව සැලසිණ. ඒ මගින් සමාජ මාධ්‍ය ආවරණය වර්ධනය වූ අතර අභ්‍යන්තර හා බාහිර පාරිභෝගිකයන්ට පුළුල් බැංකුකරණ අවස්ථා උදා කර දෙමින් UPay ඩිජිටල් අවකාශය ද පුළුල් කිරීම අවශ්‍ය මූලික පදනම සකස් විය.

“ගනුදෙනු ක්‍රියාවලිය වඩාත් වේගවත් කරමින් සහ සුවිශේෂී ආරක්‍ෂණ විශේෂාංග හඳුන්වා දෙමින් වඩාත් පහසු සහ ආරක්‍ෂිත ජංගම බැංකුකරණ අත්දැකීමක් අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න UPay ඩිජිටල් යෙදවුම හරහා අපට හැකි වෙලා තියෙනවා. අප හඳුන්වා දුන්  “One App for all Banks” සංකල්පයට අනුව මෙම යෙදවුම හරහා කිසිඳු බාධාවකින් තොරව වෙනත් ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාවත් අපි සලසා දීලා තියෙනවා. UPlay with UPay තරඟාවලිය UPay ඩිජිටල් යෙදවුම සමඟ කටයුතු කරන අපේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ නව්‍යකරණ සංකල්ප පිළිබඳව කදිම සාක්‍ෂියක්. ඒ වගේම ඩිජිටල් බැංකුකරණයේ ශක්තීන් සහ නිර්මාණශීලී ප්‍රවේශයන් පිළිබඳව අලුතෙන් සිතීමටත් මේ මගින් කදිම උත්තේජනයක් ඇති වෙනවා.” යැයි SDB බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී දිනේෂ් තෝමස් මහතා ප්‍රකාශ කළේය.

අපේක්‍ෂිත ඉලක්ක සපුරාලීමේ ශක්‍යතාවය සහිත ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම තරඟාවලියට SDB බැංකු ශාඛා ජාලය හා සෙසු අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. එක් එක් තරඟ අංශය අවසානයේ කණ්ඩායම්වලට ලකුණු පිරිනැමීම සිදු වූ අතර එහිදී ඉහළ දක්‍ෂතා ප්‍රදර්ශනය කළ කණ්ඩායම්වලට ප්‍රසාද ලකුණු ද හිමි වන ආකාරයෙන් නිශ්චිත ලකුණු පටිපාටියක් ද සකස් කර තිබිණ. විනිවිද භාවය තහවුරු කරන ලද අපක්‍ෂපාතී විනිශ්චය මණ්ඩලයක් විසින් ලබා දුන් ලකුණු මත පදනම්ව ජයග්‍රාහී කණ්ඩායම් තුනක් තෝරා ගන්නා ලද අතර පරිපාලන අංශය, ත්‍රිකුණාමලය ශාඛාව සහ මහබාගේ ශාඛාව පිළිවෙලින් පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන හිමි කර ගත්හ.

නවෝත්පාදනයට, වෘත්තිකයන් සවිබලගැන්වීමට හා පාරිභෝගිකයන්ට නැවුම් බැංකුකරණ අත්දැකීම් හිමි කර දීමට SDB බැංකුව දක්වන කැපවීම UPay ඩිජිටල් යෙදවුමේ ප්‍රමිතිය ඔස්සේ ප්‍රදර්ශනය කරන අතර ඩිජිටල් ගෙවීම් ක්‍ෂේත්‍රයේ නැවුම් පරිවර්තනයක් සිදු කරමින් 2025 වර්ෂයේදී වඩාත් ඉහළ තලයකට ළඟා වීමට අපේක්‍ෂා කෙරෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments

abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..