Friday, June 6, 2025
HomeBiz Newsපැල්වත්ත කිරි සමාගමේ ප්‍රධාන තනතුරු දෙකක් සඳහා නව පත්වීම්...

පැල්වත්ත කිරි සමාගමේ ප්‍රධාන තනතුරු දෙකක් සඳහා නව පත්වීම්…

පැල්වත්ත කිරි සමාගම විසින් තම සමාගමේ අඛණ්ඩ දියුණුව සහ වර්ධනය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයින් දෙදෙනෙකු ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අලුතින් පත් කර ගන්නා ලද බව පසුගිය දා නිවේදනය කරන ලදි. මෙහිදී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරි (GCFO) ලෙසත්, තුෂාර ජයලත් මහතා සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (GCOO) ලෙසත් පත්වීම් ලබන ලදි. ඔවුන්ගේ අත්දැකීම්වලින් සහ නිපුණතාවලින් සමාගම තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගනු ඇතයි සමාගම අපේක්ෂා කෙරේ.

ඩිලන්ත ප්‍රනාන්දු මහතාට විවිධ ක්ෂේත්‍රවල මූල්‍ය නායකත්වය සම්බන්ධයෙන් දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති අතර, ඔහු ව්‍යාපාර සැලසුම්කරණය, ලාභ අලාභ කළමනාකරණය, මූල්‍ය වාර්තා සැකසීම සහ ආයෝජක සබඳතා යන අංශවල ප්‍රවීණයෙකු ලෙස සැලකිය හැකිය. ඔහු මින් පෙර චීනයේ මැක්සිම් සමූහයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටල් මාර්ටින් සිලෝන් සමාගමේ මූල්‍ය කටයුතු සහ මූල්‍ය සැලසුම් පිළිබඳ ඉහළ තනතුරක් හොබවා ඇත. සංකීර්ණ මූල්‍ය තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා ඔහුට ඇති හැකියාව, පැල්වත්ත කිරි සමාගමේ අනාගත දියුණුවට විශාල පිටිවහලක් වනු ඇත.

තුෂාර ජයලත් මහතා නිෂ්පාදන සහ මෙහෙයුම් ක්ෂේත්‍රයේ වසර 25 කට වඩා වැඩි අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණ වෘත්තිකයෙකි. ඔහු මින් පෙර දිවයිනේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන හා පාරිභෝගික නිෂ්පාදන සමාගම් වන යුනිලීවර්, ෆොන්ටෙරා සහ ඒවරි ඩෙනිසන් වැනි සමාගම්වල නිෂ්පාදන හා සැපයුම් අංශයන්හි සේවය කර විශාල පළපුරුද්දක් හිමි අයෙකි. ජපානයේ ශාඛා කළමනාකරණ ආයතනයේ සහතිකලත් සමස්ත මූල්‍ය නඩත්තු කිරීමේ (TPM) උපදේශකවරයෙකු ද වන ඒ මහතා, මින් පෙර විවිධ නිෂ්පාදන ආයතනවල ඵලදායිතාව ඉහළ නැංවීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇත. ඔහුගේ නිපුණතාව මත පැල්වත්ත කිරි සමාගමේ නිෂ්පාදන හා සැපයුම් අංශය වඩාත් කාර්යක්ෂම කරගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

අලුතින් පත් වූ නිලධාරීන් පිළි ගනිමින් පැල්වත්ත කිරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ ප්‍රකාශ කළ සිටියේ ය. “වර්තමානයේදී පැල්වත්ත කිරි සමාගම, පෙර නොවූ විරූ ආකාරයේ වර්ධනයක් අත්පත් කරගනිමින් සිටියි. එබැවින් එම ගමනට අත්දැකීම්වලින් පිරිපුන් නායකත්වයක් තිබීම අත්‍යවශ්‍යම කරුණකි. ඩිලන්ත සහ තුෂාර දෙදෙනා විසින් පැල්වත්ත කිරි සමාගමේ මූල්‍ය සහ මෙහෙයුම් රාමුව ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය අප වෙත ලබා දෙනු ඇත. අප සමාගමේ අනාගත වර්ධනය සඳහා ඔවුන්ගේ අත්දැකීම් අපට බෙහෙවින් ඉවහල් වනු ඇත.”

දේශිය කිරිවලට ඉහළ ඉල්ලුමක් ඇති වෙමින් යන මෙම කාලයේදි, තම නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට පැල්වත්ත කිරි සමාගම ගත් තීරණය සැබවින්ම නිවැරදි තීරණයකි. තවදුරටත් වර්ධනය වෙමින්, විවිධ වර්ගවල කිරි නිෂ්පාදන හඳුන්වා දෙමින් සහ දේශීය කිරි ගොවියන්ව නගා සිටුවමින් අඛණ්ඩව ඉදිරියටම යෑම ඔවුන්ගේ බලාපොරොත්තුව වේ.

2006 වර්ෂයේදී ආරම්භ වූ පැල්වත්ත කිරි සමාගම, ආරම්භයේ සිටම ශ්‍රී ලාංකේය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වෙමින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත අඛණ්ඩව උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන ලබා දීමේ මෙහෙවරක නිරත විය. මෙම නව නායකත්වයත් සමග තවදුරටත් ඉදිරියටම ගමන් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..