Thursday, June 19, 2025
HomeNewsදුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම..

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම..

අප ජීවත් වන්නේ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සංසරණය වන සහ එම සාවද්‍ය තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට ඇති උනන්දුව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති යුගයකය. එමෙන්ම සමාජයේ ගතානුගතික මතවාද විචාරශීලීව නොවිමසමින්, හරි දේ සහ වැරදි දේ නිසි ආකාරව හඳුනාගැනීමට උත්සහ නොකරන සමාජයකය. මේ සඳහා හොඳම නිදර්ශනයක් අපට ඉතිහාසයෙන් සොයා ගත හැකිය. දක්ෂ ජර්මානු නිර්මාණකරුවෙකු, නාට්‍යවේදියකු මෙන්ම සංගීතඥයෙකු වූ රිචඩ් වැග්නර් යනු නූතන ඔපෙරාවේ සහ සංගීතයේ හැඩතල නිර්මාණය කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකී. එහෙත් ඔහුගේ නිර්මාණ එකල නාසි පාලනයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීමේ කණගාටුදායක හේතුව පදනම් කරගනිමින්  එම නිර්මාණවේදියා මෙන්ම ඔහුගේ අද්විතීය නිර්මාණකරණය ද ප්‍රතික්ෂේප කෙරුණි. මෙය අතීතය තුළින් විමසිය හැකි එක් නිදසුනක් පමණක් වූවද වර්තමානයේදී ද ඊට සමාන වූ සිදුවීම් ඕනෑ තරම් අපට දකින්නට ලැබේ .

දුම්පානය සම්බන්ධයෙන් සමාජය කරපින්නාගෙන යන ඇතැම් මතවාද ද මීට කදිම නිදසුනකී. දුම්පානය සෞඛ්‍යයට අහිතකර බව අපට  ප්‍රතික්ෂේප කළ නොහැකිය එහෙත් මේ පිළිබඳ නිවැරදි කතාබහක් සිදුකිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් නොවන අතර ඉන් සිදුවන්නේ සාවද්‍ය මතවාදයන් තවදුරටත් සමාජය තුළ ව්‍යාප්ත වීමය. සැබවින්ම දුම්පානය යනු කුමක්ද යන්න පිළිබඳ සියුම්ව සහ ගැඹුරින් විශ්ලේෂණය කළ හැකි නම් මෙතෙක් අප කළු සුදු ලෙසින් දුටු කරුණු සැබවින්ම අළු පැහැති බව මෙන්ම නිකොටීන් පිළිබඳ ඇති ඇතැම් මතයන්ගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ද යම් අදහසක් ලබා ගත හැකිය.

දුම්පානයේ හානිකර බලපෑම පිළිබඳ අර්ථවත් සාකච්ඡාවක් ඇරඹීමට නම්, දුම්කොළ සහ නිකොටින් අතර වෙනස මෙන්ම  දුම්පානය කෙරෙහිනිකොටින් හි   ඇති සම්බන්ධතාවය  සහ එහි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුය. පාරිභෝගිකයන් නිකොටීන්වලට නිරාවරණය වීම බොහෝ දුරට දුම්පානය කිරීම ඔස්සේ සිදු වී තිබේ.එම නිසාම දුම්පානය සහ නිකොටීන් බලපෑම පිළිබඳ බොහෝ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් වී ඇති අතර ජනතාවගේ මනස තුළ එම කරුණු තැන්පත් වී ඇත. සියවස් ගණනාවක් තිස්සේ වගාවන් සිදු කළ දුම්පානය සඳහා යොදා ගන්නා දුම්කොළ යනු නිකොටියානා (Nicotiana)කුලයට අයත් ශාකයකී.එමෙන්ම නිකොටීන් යනු දුම්කොළ වර්ගයට අයත් ශාකවල බහුලව දක්නට ලැබෙන ස්වභාවික සංයෝගයකී. දුම්කොළවල පමණක් නොව, අර්තාපල් ,තක්කාලි සහ වම්බටු වැනි ශාකවලද අවම වශයෙන් නිකොටීන් අන්තර්ගත වී තිබේ.මෙම කරුණ කෙරෙහි – අප ඉහතින් සඳහන් කළ වැග්නර් නිර්මාණවේදියාට අත්වූ ඉරණමට සමානරූපී අදහසකින් බැලුවහොත්, ශ්වසන රෝග වැළඳීමේ බිය නිසා නිවසේ දිවා ආහාරයෙන් බටු මෝජු වෑංජනය ඉවත් කළ යුතු බවට තර්කයක් ගොඩනැගිය හැකිය. තොරතුරු නිසි ලෙස සන්නිවේදනය නොවීම ඔස්සේ ජනතාව නොමඟ යවන ආකාරය එමඟින්  මැනවින් අවබෝධ කර ගත හැකිය.

නිකොටීන්, දුම්කොළවලට ඇබ්බැහිවීමට හේතුවන මූලික සාධකය වූවද, දුම්පානය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටළු ඇතිවීම සඳහා බලපාන හේතුව එය නොවේ. එය සිදුවන්නේ  දුම්කොළ දහනය වීම තුළිනි. එමඟින් තාර, කාබන් මොනොක්සයිඩ් සහ පිළිකා කාරක ඇතුළු දහස් ගණනක් රසායනික ද්‍රව්‍ය නිර්මාණය වන අතර එම ද්‍රව්‍යවලින් බොහොමයක් නොදැවුණු දුම්කොළ තුළ අඩංගු නොවේ. නිකොටීන්වලට ඇබ්බැහිවීමක් වූවද සාපේක්ෂව ගත් කල එය සෞඛ්‍යයට හානිකර නොවන බව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් ප්‍රකාශ කර තිබේ. දුම්කොළ දහනයේදී පිටවන දුම් තුළ අඩංගු අනෙකුත් බොහෝ විෂ සහිත රසායනික ද්‍රව්‍ය දුම්පානයෙන් සිදුවන සියලුම හානිවලට හේතු වන බව පෙන්වා දෙන NHS විසින් පිළිකා, පෙනහළු රෝග, හෘද රෝග හෝ ආඝාත වැනි රෝගාබාධ නිකොටීන් නිසා ඇති නොවන බවත්, දුම්පානය නැවත්වීම සඳහා ලබාදෙන ඖෂධ ප්‍රතිකාරයන් සඳහා ද  එය ආරක්ෂිතව භාවිත කර ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දෙයි.

නිදන්ගත පෙනහළු රෝගය  (COPD),හෘද රෝග සහ ආඝාතය, හෘදය ආශ්‍රිත  රෝග (CVD) සහ පෙනහළු පිළිකා ඇතුළු පිළිකා රෝග වැනි රෝගාබාධ රැසක් සඳහා දුම්කොළ දහනය වන දුමෙහි අන්තර්ගත වන විෂ ද්‍රව්‍ය 150ක් පමණ හේතු වන අතර ඒවා රෝග සහ මරණ ඇති කිරීමට හේතු වේ. නිකොටීන් පිළිබඳ ඇති ගැටලුව වන්නේ මිනිස් සිරුරට එමඟින් අවදානමක් ඇති නොකළද, ප්‍රබල ඇබ්බැහියක් ඇති කිරීම කෙරෙහි දැඩි බලපෑමක් නිකොටීන් තුළින් සිදු කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින්  පිළිකා කාරකයන් පිළිබඳ ඉදිරිපත් කර ඇති  වර්ගීකරණයේ ද නිකොටින් අන්තර්ගත නොවන  අතර ‘නිකොටීන් ඇබ්බැහි වන සුළු ද්‍රව්‍යයක් වූවද පිළිකා කාරකයක් නොවන බව  තවත් බොහෝ ජාතික සෞඛ්‍ය බලධාරීන් විසින් සඳහන් කර තිබේ.

දුම්වැටි සම්පූර්ණයෙන් විද්‍යුත් සිගරට් බවට පත් කිරීමෙන් එහි  පිළිකා කාරක ද්‍රව්‍යවලට නිරාවරණය වීම අවම වන බව එක්සත් ජනපදයේ ජාතික විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා ඇකඩමිය (‘NASEM’) විසින් නිගමනය කරන ලදී. එහෙත් මෙවැනි විද්‍යාත්මක කරුණු ඉදිරිපත් වී තිබුණද, දුම්පානයට සාපේක්ෂව විද්‍යුත් සිගරට් හි  හානිය අවම බව පිළිගන්නේ  ඇමරිකානුවන්ගෙන් 11.4% ක් පමණී. මේ ඔස්සේ  විද්‍යාත්මක සාක්ෂි සහ මහජන මතය  අතර පරතරය මැනවින් පිළිබිඹු  කරයි.

දුම්පානයේ ඇති අහිතකර බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එමෙන්ම වෙන් වෙන්ව ගත් කල නිකොටීන් පරිභෝජනය කිරීම දුම්පානය නිසා සිදුවන හානිදායක තත්ත්වයන්ට කිසිසේත් සමාන නොවේ.දුම්පානය නිසා සිදුවන හානිය පදනම් කරගනිමින් නිකොටීන් පිළිබඳව සාවද්‍ය මත ගොඩනැගීම වැළැක්වීමට නම් නිකොටීන් සහ දුම්කොළ අතර ඇති වෙනස පිළිබඳ නිශ්චිතව අප හඳුනාගත යුතුය. එවිට ගතානුගතික මතවාදවලින් ඔබ්බට ගොස් විචාරශීලිව කටයුතු කිරීමට මෙන්ම ඉන් සිදුවන හානිය අවම කර ගැනීමටද අවස්ථාව උදා වේ.එබැවින් දුම්පානය ශරීරයට අහිතකර වන්නේ කුමක් නිසාද යන ගැටලුව සඳහා නිවැරදි තොරතුරු සමඟ විධිමත් කතිකාවතක් ඇරඹීම ඉතා වැදගත් වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments

karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..