Wednesday, June 4, 2025
HomeBiz NewsHUTCH වෙතින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල පෙරළියක් සිදුකරන ‘Level-Up’..

HUTCH වෙතින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල පෙරළියක් සිදුකරන ‘Level-Up’..

මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH විසින් ‘Level-Up’ නමින් නවතම සැලසුම් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Level-Up’ යනු හුදෙක් ජංගම දුරකථන සම්බන්ධතා සැලසුම් එකතුවක් පමණක් නොව, වර්තමාන අධිවේගී ඩිජිටල් ජීවන රටාවන් තුළ තම හැකියාවන් හා සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික දියුණුව ළඟා කරගැනීමට උපකාරී වන විශේෂ කතා කාලයක් සහ Data සැලසුම් එකතුවකි. HUTCH ‘Level-Up’ සැලසුම් යටතේ වර්තමාන දුරකථන පාරිභෝගිකයන්ට තම එදිනෙදා ජීවිතවලදී අත්‍යාවශ්‍ය වන LinkedIn, X, YouTube, TikTok, Instagram, Telegram සහ WhatsApp ඇතුළු යෙදවුම් (Apps) 11 ක් අසීමිත ලෙස භාවිතා කළ හැකි වේ.

වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ නිතර සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඇතුළු පාරිභෝගික කාණ්ඩ රැසකට මැනැවින් ගැළපෙන පරිදි සකස් කර ඇති HUTCH ‘Level-Up’ සැලසුම් එකතුවට, ඕනෑම දේශීය ජාලයක් සඳහා අසීමිත ඇමතුම් සහ ආකර්ෂණීය ඩේටා දීමනා ඇතුළු තවත් විශේෂාංග රැසක්ද ඇතුළත් වී තිබේ. එම නිසා HUTCH “Level-Up” සැලසුම් එකතුව ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතා අත්දැකීම නව මානයක් වෙත රැගෙන යනු නිසැකය.

HUTCH ‘Level-Up’ සැලසුම් මගින් ආවරණය වන යෙදවුම් 11 අතරට Facebook, Messenger, Viber සහ IMO යන යෙදවුම්ද ඇතුළත් වී තිබේ. මේ නිසා HUTCH පාරිභෝගිකයන්ට තම සිතැඟි පරිදි ආදරණීයයන් සහ හිතමිතුරන් සමග සම්බන්ධ වීමට හැකි වනු ඇත.

HUTCH විසින් පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට ‘Level-Up’ සැලසුම් හඳුන්වා දී තිබේ. රු. 998 සැලසුම යටතේ දින 30 ක කාලයක් සඳහා යෙදවුම් 11 ම භාවිතා කළ හැකි අතර, දෛනික සීමාවන් නොමැතිව, අමතර 30GB ඩේටා සමග ඕනෑම දේශීය ජාලයක් සඳහා අසීමිත දුරකථන ඇමතුම් පහසුකම්ද හිමි වේ. රු. 699 සැලසුම යටතේ යෙදවුම් 11 ට අමතරව දවසේ ඕනෑම වෙලාවක භාවිතා කළ හැකි ආකාරයට (Anytime Data) 3GB හිමි වන අතර, රු. 499 සැලසුම යටතේ ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් 5 ක් භාවිතා කළ හැක.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් HUTCH Sri Lanka ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා පැවසුවේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දියුණුව කරා යාමට අත්වැලක් වීම HUTCH Sri Lanka සමාගමේ අරමුණ බවයි. පාරිභෝගිකයන්ට වැදගත් වන යෙදවුම් බාධාවකින් තොරව භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම යනු පාරිභෝගිකයන්ගේ යහපතට පමණක් නොව මෙරට ඩිජිටල් ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනටද අතිශයින් වැදගත් වන පියවරකි. ඉතාමත් සහනදායී ගාස්තු යටතේ හඳුන්වා දී ඇති මෙම සැලසුම්, පුද්ගලයන්ගේ දියුණුව සහ රටේ දියුණුව වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වනු ඇතැයි HUTCH විශ්වාස කරන බව හම්දි හසන් මහතා වැඩිදුරටත් පැවසීය.

HUTCH ‘Level Up’ සම්බන්ධතා සාමාන්‍ය සිම්පතක් ලෙස සහ විද්‍යුත් සිම් (e-SIM) ක්‍රමයට HUTCH වෙබ් අඩවිය (www.hutch.lk)  හරහා ඇණවුම් කර ලබාගත හැකි වේ. දැනටමත් HUTCH පෙරගෙවුම් සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට අදාළ මුදල රීලෝඩ් කිරීම මගින් හෝ HUTCH App වෙත පිවිසී අදාළ සැලසුම තෝරාගැනීම මගින් තමන්ට අවශ්‍ය සැලසුම සක්‍රීය කරගත හැක. පසුගෙවුම් පාරිභෝගිකයන්ට HUTCH APP හරහා නැවත අලුත් වන හෝ එක්වරක් පමණක් වලංගු වන පරිදි තමන්ට අවශ්‍ය සැලසුම සක්‍රීය කරගත හැකි අතර, අවශ්‍ය නම් 1788 අමතා තම මූලික සැලසුම වෙනස් කරගත හැකි වේ. 

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..