Friday, June 6, 2025
HomeBiz News'Women In Need' වෙනුවෙන් උපකාරකරන්නට Spa Ceylon තවත් දේශීය සන්නාම සමඟින්...

‘Women In Need’ වෙනුවෙන් උපකාරකරන්නට Spa Ceylon තවත් දේශීය සන්නාම සමඟින් අත්වැල්බැඳගනී..

ලොව පුරා කීර්තිමත් නාමයක් දිනාගත්, අපේ රටෙන් ලෝකයටම ගිය  Luxury Ayurveda Brand එකක් වන Spa Ceylon, #ActForWIN නමින් පටන් ගත් Campaign එක හරහා, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම අරමුණු කරගෙන, Women In Need (WIN) සංවිධානය සඳහා අත්‍යවශ්‍ය අරමුදල් රැස් කිරීමට ප්‍රසිද්ධ දේශීය සන්නාම කිහිපයක් ඒකාබද්ධ කරමින්, සතියක් ඇතුළත රුපියල් මිලියන 7කට වඩා රැස් කර තිබෙනවා.

වසර 35කට වැඩි කාලයක් අපේ රට තුළ ක්‍රියාත්මක වන ලාභ නොලබන, රාජ්‍ය නොවන සංවිධානයක් වන WIN සංවිධානය, USAID අරමුදල් සපයන ලද ව්‍යාපෘති හදිසියේ නැවැත්වීම හේතුවෙන් මුහුණ දුන් දැඩි අරමුදල් අර්බුදයක් මධ්‍යයේ ඒ වෙනුවෙන් උපකාර කරන්නට මේ Campaign එක ආරම්භ කර තිබෙනවා. WIN සංවිධානය, සියලු ආකාරයේ හිංසන සහ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දෙන කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට අවශ්‍ය හදිසි සහය, නවාතැන් සහ නීති කටයුතු සඳහා සහය ලබාදෙනවා. ඒ වගේම WIN සංවිධානය, ඔවුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උපකාරී වන අතරම සෑම වසරකම කාන්තාවන් සහ ගැහැනු දරුවන් 20,000කට වැඩි පිරිසකට උපකාර කරන බව සඳහන් කළ යුතුයි.

#ActForWIN සඳහා අරමුදල් රැස් කිරීම www.karuna.lk නම් donation portal එක හරහා ආරම්භ වූ අතර, ඒ වෙනුවෙන් මහජනතාවගෙන්, ව්‍යාපෘති හවුල්කරුවන් සහ ව්‍යාපෘති සහකරුවන් ලෙස මෙයට සහාය දැක්වීමට පෙළ ගැසුණු ප්‍රමුඛ පෙළේ දේශීය සන්නාමයන්ගෙන් අතිමහත් ප්‍රතිචාරයක් ලැබුණු බවත් දැන්විය යුතුයි.

මේ ගැන අදහස් දැක්වූ Spa Ceylon සම-නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ, ශලින් බාලසූරිය මහතා පැවසුවේ  “#ActForWIN මඟින් අපේ දේශීය සන්නාම, තරඟකාරිත්වයට වඩා සහයෝගීතාවය තෝරාගත්තා වගේම, රටටම වැඩක් වෙන විශාල අරමුණක් වෙනුවෙන් ඒක උපකාරී වුණා. මේ මුලපිරීමට අපිත් එක්ක අත්වැල් බැඳගත් හැමෝටම අපි ස්තූතිවන්ත වෙනවා විතරක් නෙවෙයි, අපේ  මේ පුංචි දූපතේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සහයෝගය දැක්වීම සඳහා අපි හැමෝම එක්ව තබපු ධනාත්මක ඉදිරි පියවරක් ලෙස අපි මේක දකිනවා.” තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ “WIN සංවිධානයට ජීවිතේ අමාරුම අවස්ථාවවල උපකාර අවශ්‍ය වුණු අධි අවදානම් තත්ත්වවල සිටින සේවාදායකයින් කිහිප දෙනෙක්ම සිටිනවා. ලොකු වුණත් පොඩි වුණත් මේ සියලුම පරිත්‍යාග අපේ සමාජයේ ඉන්න කාන්තාවන් සහ ගැහැනු දරුවන් වෙනුවෙන් තවත් දවසක් හරි සටන් කරන්න, ඔවුන්ට ඉදිරියට යන්න උපකාර කරන්නට සහ සමහර අවස්ථාවල ජීවිතයක් බේරා ගන්න, WIN සංවිධානයට කරන තවත් උදව්වක්!” ලෙස සඳහන් කළා.

මේ ගැන අදහස් දැක්වූ Spa Ceylon සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිවන්ත ඩයස් මහතා පැවසුවේ “මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අදහසක් ලෙස ආරම්භ වූ මේ දේට රට පුරා සිටින අයගෙන් සහ ව්‍යාපාරවලින් ලැබෙන සහයෝගය මේ  වෙනුවෙන් සම්බන්ධ සමස්ත කණ්ඩායමටම විශාල දිරිගැන්වීමක්. Spa Ceylon අපි; අපේ ප්‍රජාව, අපේ රට, අපේ ලෝකය සහ අනෙකුත් ජීවීන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවෙන්නට බැඳී සිටිනවා. අවදානමට ලක්විය හැකි කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එක්ව උපකාර කිරීමෙන්, අපි ඔවුන්ට ජීවිතයේ තවත් අවස්ථාවක් ලබා දෙනවා පමණක් නෙවෙයි, ප්‍රජාවන් නඟා සිටුවීමටත්, වඩා හොඳ අනාගතයක් සඳහා ඔවුන් බල ගැන්වීමටත් කටයුතු කරනවා.” යනුවෙනි.

#ActForWIN Campaign එක වෙනුවෙන් දැන් ඔයාටත් දායකත්වය ලබාදෙන්න අවස්ථාව තිබෙනවා. https://karuna.lk/program/actforwin යන Link එකෙන් ඔයාට මුල්‍යමය වශයෙන් දායකත්වය ලබාදෙන්න පුළුවන් වගේම Dialog mobile Use කරන ඔයාට ඔයාගේ Star Points, eZ Cash, හෝ රු. 2,500ක් දක්වා ඔවුන්ගේ මාසික බිල් පතට Donations ලබා දීමට හැකියාව තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..