Friday, June 6, 2025
HomeBiz NewsToyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී..

Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී..

ශ්‍රි ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් මෙරට තුළ බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිය අලෙවි නියෝජිතයින් අගයමින් 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Cinnamon Life at City of Dreams, Colombo හිදී පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාව ටොයොටා ලංකා හි දීප ව්‍යාප්ත අලෙවි නියෝජිත ජාලයෙහි විශිෂ්ටත්වය අගය කිරීමත් ඔවුන් හා සමාගමේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් ගෞරවනීය වේදිකාවක් විය.

මෙවර සමුළුව “Toyota L.I.F.E.” යන තේමාව ඔස්සේ සංවිධාන වූ අතර එය පක්ෂපාතීත්වය, අඛණ්ඩතාව, සාධාරණත්වය සහ ආචාර ධර්ම යනාදියේ සංයෝජනයක් ලෙසින් එම අවස්ථාව වඩාත් අරුත්බර කිරීමට ශක්තිමත් පදනමක් විය. මෙම තේමාව අලෙවි නියෝජිත ජාලය සහ මෝටර් රථ කර්මාන්තය අතර පවතින විශ්වාසය, විවෘතභාවය සහ දිගුකාලීන සාර්ථකත්වය ගොඩනැගීම සඳහා සමාගම දරන කැපවීම අර්ථවත් කරන ලදී.

“අපගේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අපගේ අලෙවි නියෝජිතයින් අපට සහ අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීම කෙරෙහි දක්වන නොසැලෙන කැපවීම මතයි. මෙම වටිනාකම්වලට අනුව වැඩ කිරීමෙන් අපගේ ව්‍යාපාර ශක්තිමත් වනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සඳහා වඩාත් සදාචාරාත්මක සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමටද දායක වන බව නිසැකය. අපගේ අලෙවි නියෝජිතයින්ගේ විශ්වාසය, කැපවීම සහ වෙහෙස මහන්සිය මම මුළු හදවතින්ම අගය කරමි. එලෙසම දීප්තිමත් අනාගතයක්, වඩා හොඳ ශ්‍රී ලංකාවක් සහ සමෘද්ධිමත් ව්‍යාපාරයක් වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු.” යනුවෙන් ටොයොටා ලංකා හි සභාපති Sachio Yotsukura මහතා පැවසීය.

ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, සහ ටයර් යන ව්‍යාපාරික කාණ්ඩ ත්‍රිත්වයෙහි ඉහළම කාර්යසාධනයක් සහිත අලෙවි නියෝජිතයින්ට සුවිශේෂී ත්‍යාග රැසක් හිමිවූ අතර එහිදී රන් සම්මානලාභීන් 60 දෙනෙකුට එක්සත් රාජධානියට සුවිශේෂී සංචාරයක්ද, රිදී සම්මානලාභීන් 87 දෙනෙකුට චීනයට අති විශේෂ විනෝද චාරිකාවක්ද සහ ලෝකඩ සම්මානලාභීන් 71 දෙනෙකුට අමතක නොවන ඩුබායි සංචාරයක්ද හිමිවිය. මෙම සියලු ත්‍යාග ඔවුන්ගේ සුවිශේෂී කැපවීම සහ ජයග්‍රහණ අගයමින් ටොයොටා ලංකා සමාගම විසින් ඔවුන් වෙත තිලිණ කරන ලදී.

ටොයොටා ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝලාර මහතා අලෙවි නියෝජිතයින්ගේ අසීමිත කැපවීම වෙනුවෙන් කෘතඥතාව පළ කළ අතර සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. “ටොයොටා ලංකා දර්ශනය තුළ අපගේ අලෙවි නියෝජිතයින් ඉටු කරන කාර්යභාරය අපි හොඳින් තේරුම් ගත යුතුයි. එදිනෙදා මෙහෙයුම් කටයුතු වලට මෙම වටිනාකම් එකතු කරමින් ඔවුන් සිය අලෙවි නියෝජිතභාවය ශක්තිමත් කරනවා පමණක් නොව, ගුණාත්මකභාවය, කල්පැවැත්ම, විශ්වසනීයත්වය සහ ආරක්ෂාව යන අපගේ සන්නාම දර්ශනය සහ කීර්තියද ශක්තිමත් කරනු ලබයි. අපගේ අලෙවි නියෝජිතයින්ගේ උත්සාහය, වෙහෙස මහන්සිය සහ ටොයොටා සන්නාමය වෙනුවෙන් කරන අඛණ්ඩ කැපවීමට හෘදයාංගම ස්තුතිය පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. ඔවුන් අපගේ සාර්ථකත්වයේ කොඳු නාරටියයි. අපි සැම එක්ව කර්මාන්තය අඛණ්ඩ වර්ධනයක් කරා මෙහෙයවමු.”

ටොයොටා ලංකා අලෙවි නියෝජිත සමුළුව, ගුණාත්මක සේවාවක් ලබාදෙමින් සහ සිය අලෙවි නියෝජිතයින් රැකගැනීම කෙරෙහි සමාගමේ ඇති නොසැලෙන කැපවීම මනාව විදහා දක්වන සුවිශේෂී අවස්ථාවකි. තවද මෝටර් රථ කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට ටොයොටා ලංකා සමාගම අඛණ්ඩ කැපවීම මෙහිදි මනාව පිළිඹිබු වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..