Friday, June 6, 2025
HomeBiz NewsTata Motors සහ DIMO සහයෝගීතාවයෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී...

Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි..

ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ  පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී.

මෙම අවස්ථාවේදී Tata Motors හි පුළුල් ලෙස සාර්ථකත්වයට පත් වූ SUV කාණ්ඩයේ පෙට්‍රොල් රථ වන Tata Punch, Tata Nexon සහ Tata Curvv හඳුන්වාදීම සිදු කෙරුණු අතර තවද සිය ජනප්‍රියතම electric hatchback රථය Tiago.ev, සමඟ Punch.ev, Nexon.ev සහ Curvv.ev යන විද්‍යුත් රථ පෙළද හඳුන්වාදෙන ලදී. අති නවීන තාක්‍ෂණයෙන්, සුවිශේෂී සැලැස්මෙන් සහ ඉහළ ආරක්ෂාවෙන් සපිරි මෙම පෙට්‍රොල් සහ විද්‍යුත් රථ පෙළ දිනෙන් දින අලුත්වන පාරිභෝගික ප්‍රවණතාවයන් පිළිබඳව කදිම නිදසුනකි.

Tata Passenger Electric Mobility Ltd හි ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී යෂ් ඛන්ඩෙල්වාල් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරයන්හි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. Tata Motors වසර ගණනාවක සිට සැලකිය යුතු පරිවර්තනයන් රාශියකට ලක්වූ අතර මෙම නවතම නිෂ්පාදනයන් හඳුන්වාදීම අපගේ නැවත පැමිණීම සනිටුහන් කරනවා. අපගේ නවතම හඳුන්වාදීම් තුළින් ශ්‍රී ලංකා වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීමට අමතරව සුවිශේෂී මෝස්තරයන්, නවීන අංග, ඉහළ ආරක්ෂාව සහ අලෙවියෙන් පසු සුවිශේෂී සේවාව ඇතුළු දෑ පිළිබඳව නව ප්‍රමිතීන් හඳුන්වාදීම ද අප සිදු කරනවා. අපගේ සුප්‍රසිද්ධ SUV රථ වලට අමතරව Tiago.ev electric hatchback හඳුන්වාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම රථ දැනටමත් ඉන්දියාවේ, නේපාලයේ සහ භූතානයේ සුවිශේෂී ප්‍රසිද්ධියක් උසුලනවා. අපගේ දිගුකාලීන සහකරු වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ගමනාගමනය නව මානයකට ගෙනයාමට ඇති අපගේ හැකියාව පිළිබඳව අප විශ්වාස කරන අතර සෑම කෙනෙකුටම සුවිශේෂී රිය පැදවීමේ අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”

“නවතම Tata මගී වාහන පෙළ මඟින් මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් සකස් කරන අතර නවීනත්වයෙන්, ආරක්ෂාවෙන් සපිරි නිෂ්පාදනයන් දැරිය හැකි මිලකට ලබාදෙනු ලබනවා. ශ්‍රී  ලංකාවේ  වෙළඳපොළ, මොර්ටර් රථ  ආනයනයට  නැවත විවෘත කිරීමෙන් පසු හඳුන්වා දුන් ප්‍රථම මෝටර් රථ පෙළ ලෙස මෙම Tata මගී රථ පෙළ හඳුන්වන්න පුළුවන්. DIMO හි සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව සමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අප Tata Motors සමඟින් ඇති කරගෙන ඇති මෙම දිගු කාලීන හවුල්කාරීත්වය තුළින් සෑමවිටම අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා.” DIMO හි විධායක අධ්‍යක්‍ෂක රජීව් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේය.

Tata Motors හි පෙට්‍රොල් රථ වසර තුනක නිෂ්පාදක වගකීමකින් පැමිණෙන අතර විද්‍යුත් රථ සඳහා වසර තුනක වගකීමක් සහ  වසර අටක අධි වෝල්ටීයතා බැටරි වගකීමක් ඇත. එසේම පාරිභෝගිකයින්ට 24/7 නොමිලේ මාර්ගගත සහය, Tata පුහුණු වෘත්තිකයින්ගේ විශේෂඥ තාක්ෂණික සහය සමඟින් සුවිශේෂී සහ පහසු අත්දැකීමක් සහතික කරයි.

DIMO විසින් Tata Motors හි නිර්දේශිත මෘදුකාංග යාවත්කාලීන කිරීම්, මෙවලම් සහ උපකරණ සඳහා ආයෝජනය කර ඇති අතර එමඟින් සියලුම අලුත්වැඩියාවන් ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බව සහතික කරයි. එසේම පාරිභෝගිකයින්ට Tata Motors හි අළුත්වැඩියා කිරීමේ අත්පොත, ක්‍රියාවලි සහ පද්ධති සඳහා සුවිශේෂී ප්‍රවේශයක් ලබාදෙයි.

මෙම අලුතින් හඳුන්වාදුන් රථ පෙළ සමඟින් Tata Motors සහ DIMO, මෝටර් රථ ක්ෂේත්‍රය නව තලයකට රැගෙන යන අතර නවීන රථ, තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ විප්ලවීය වෙනසක් සිදු කරයි. රුපියල් මිලියන 8.7ක මිලක සිට ආරම්භ වන මෙම මගී මෝටර් රථ පෙළ DIMO ශාඛා ජාලය හරහා ලබාගත හැක.

මෙම නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා පාරිභෝගිකයින්ට cars.tatamotors.lk වෙත පිවිසිය හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..