Friday, June 6, 2025
HomeBiz News2024 වසරේදී ශ්‍රීලංකාවේ අන්තර්ජාල මූල්‍ය අපරාධ සිදුවීම් වල ශීඝ්‍ර ඉහළ යාමක්...

2024 වසරේදී ශ්‍රීලංකාවේ අන්තර්ජාල මූල්‍ය අපරාධ සිදුවීම් වල ශීඝ්‍ර ඉහළ යාමක් වාර්තාවෙයි..

පසුගියදා නිකුත් වූ නවතම Kaspersky ආරක්ෂක වාර්තාවට අනුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරමය මූල්‍ය ගනුදෙනු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදුවීම් 9,218ක් වාර්තා වී තිබේ. ව්‍යාපාරවල සංවේදී මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් සිදුවන අන්තර්ජාල අපරාධවල ශීඝ්‍ර ඉහළ යාමක් මේ හරහා පෙන්නුම් කෙරේ.

විවිධ මූල්‍ය ආයතනවල වෙස් ගත් සාවද්‍ය දැනුම්දීම් පදනම් කරගත් මෙවැනි මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ සිදුවීම් මේ වනවිට ලොව පුරා ව්‍යාපාර ආයතන මුහුණ දෙන බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම සයිබර් සොරකම්වලට ගොදුරු කරගන්නා පුද්ගලයින්ට, ඔවුන්ගේ බැංකු පිවිසුම් කේත, ක්‍රෙඩිට් කාඩ්පත් අංක සහ ගෙවීම් තොරතුරු ආදිය හුවමාරු කරගැනීමට සයිබර් අපරාධකරුවන් විසින් පොළඹවාගනු ලැබේ. ඒ වෙනුවෙන් විවිධ වෙබ් දිගු (links) ඔවුන්ට පිරිනැමෙන අතර, ඒවාට පිවිසෙන පුද්ගලයින්ගේ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට සයිබර් අපරාධකරුවෝ ක්‍රියාකරති.

ශ්‍රී ලංකාව තුළ සිදුවන මූල්‍ය දත්ත සොරකම් කිරීමේ සිදුවීම් හරහා ශ්‍රී ලංකාවත් සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙමින් පවතින බවට සාක්ෂි සපයනවා. ව්‍යාපාර ආයතන තමන්ගේ මූල්‍ය ගනුදෙනු ඩිජිටල්කරණය කිරීමේදී ඊට සමගාමීව මතුවිය හැකි සයිබර් තර්ජන පිළිබඳවත් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම සංවේදී දත්ත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ස්ථර කිහිපයක ආරක්ෂාවක් තමන්ගේ ඩිජිටල් පද්ධති වෙත ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්″, යනුවෙන් Kaspersky හි ආසියානු කලාපයේ නැගීඑන රටවල් අංශයේ අලෙවි ප්‍රධානී සෑම් යන් මහතා ප්‍රකාශ කළේය.

″ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන සයිබර් ආරක්ෂාව ව්‍යාපාරික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගැනීම වැදගත්. සයිබර් මූල්‍ය අපරාධ වර්තමානයේ සුලබව දැකිය හැකි අතර, ඊට නිසි විසඳුම් නොගතහොත් දරුණු ප්‍රතිඵල උදාවිය හැකියි. එමනිසා සයිබර් අපරාධ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමත්, සයිබර් ප්‍රහාර හඳුනාගැනීමට සහ ඒවා වැළැක්වීමට තම කාර්යමණ්ඩලය පුහුණු කිරීමත් අතිශය වැදගත්″, ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ව්‍යාපාර මගින් ව්‍යාපාර ඉලක්ක කරගත් සයිබර් මූල්‍ය ප්‍රහාරවල ඉහළ යාමක් පිළිබඳ Kaspersky වාර්තාව විශේෂයෙන් පෙන්වා දෙයි. ඒ අනුව මෙරට ව්‍යාපාර ශක්තිමත් සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙළක් අනුගමනය කිරීමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කෙරේ.

ඒ අනුව සාවද්‍ය සන්නිවේදන ඒවා සිදුවන මොහොතේදීම හඳුනාගැනීමට සහ වළක්වාගැනීමට තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම Kaspersky පෙන්වාදෙයි. තව ද, සයිබර් ප්‍රහාර පිළිබඳ සේවකයින්ගේ දැනුවත්භාවය වැඩිකිරීමේ පුහුණුවීම් සංවිධානය කිරීම ද වැදගත් පියවරකි. එමෙන්ම සංවේදී මූල්‍ය ගනුදෙනු සුරක්ෂිත කිරීම වෙනුවෙන් අතිරේක ආරක්ෂිත ස්ථරයක් භාවිත කිරීම ද වටිනා පිළියමකි.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ වෙබ් ආශ්‍රිත සහ දේශීය වංචනික මෘදුකාංග ප්‍රහාරවල ඉහළ යාමක් ගැන ද Kaspersky වාර්තාව අනතුරු අඟවයි. 2024 වසරේදී වෙබ් ආශ්‍රිත සයිබර් තර්ජන මිලියන 8.6කට වැඩි ප්‍රමාණයක් ද, දේශීය වංචනික මෘදුකාංශ මගින් සිදුවන සයිබර් ප්‍රහාර මිලියන 12.5කට වැඩි ප්‍රමාණයක් ද Kaspersky නිෂ්පාදන මගින් ග්‍රහණය කරගෙන තිබේ. මෙමගින් ද ව්‍යාපාර ආයතන දැඩි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කෙරේ.

ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාරවල ගොදුරක් බවට වේගයෙන් පත්වෙමින් තිබුණ ද, Kaspersky ගෝලීය දත්තවලට අනුව බෙලරුස්, මෝල්ඩෝවා සහ පිලිපීනය වැනි රටවල් වෙබ් ආශ්‍රිත සයිබර් ප්‍රහාරවලට වැඩියෙන්ම ගොදුරුවන රටවල් අතර වේ. කෙසේනමුත්, ශ්‍රී ලංකාව ද සයිබර් ප්‍රහාරවලට ගොදුරුවෙමින් පවතින අතර, විශේෂයෙන්ම ව්‍යාපාර එම අපරාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබේ.

එවන් පසුබිමක, ව්‍යාපාරවල සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් Kaspersky මගින් පරිපූර්ණ මෘදුකාංග විසඳුමක් හඳුන්වාදී තිබේ. Kaspersky Unified Monitoring and Analysis Platform (KUMA) ලෙස හැඳින්වෙන මෙම විසඳුම, සයිබර් ප්‍රහාර නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමේ හැකියාවෙන් යුක්ත ය.

වැඩිදුර තොරතුරු සඳහා https://support.kaspersky.com/help/KUMA/1.5/en-US/217694.htm වෙබ් අඩවියට පිවිසෙන්න. Kaspersky වාර්තාව කියැවීමට Securelist.com වෙත පිවිසෙන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..