Wednesday, June 4, 2025
HomeBiz Newsයුනිලිවර් ශ්‍රී ලංකා සමාගම SLIM-Kantar People's Awards 2025 හිදී සම්මානයෙන් පිදුම්...

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම SLIM-Kantar People’s Awards 2025 හිදී සම්මානයෙන් පිදුම් ලබයි..

ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, SLIM-Kantar People’s Awards 2025 හිදී විවිධ කාණ්ඩ යටතේ නැවත වරක් සම්මානයට පාත්‍ර විය. මහජන ඡන්ද මත පදනම් වූ මෙම සම්මාන මඟින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් විසින් යුනිලිවර් වෙළඳනාම කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය පිළිබිඹු කරයි.

මෙම වසරේදී, ‘වසරේ රෙදි සෝදන සන්නාමය’ ලෙස Sunlight ද ‘වසරේ ගෘහස්ථ පිරිසිදු කිරීමේ සන්නාමය’ ලෙස Vim ද, ‘වසරේ සම රැකවරණ සන්නාමය’ ලෙස Vaseline ද ‘වසරේ හිසකෙස් රැකවරණ සන්නාමය’ ලෙස Sunsilk ද ‘වසරේ මුඛ රැකවරණ සන්නාමය’ ලෙස Signal ද සම්මානයට පාත්‍ර විය.

යුනිලිවර් ශ්‍රී ලංකාහි Beauty, Wellbeing, and Personal Care පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා, ශමාරා සිල්වා මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් සමඟ විශ්වාසය, පක්ෂපාතීත්වය සහ ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීම තුළින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වීම සඳහා අප ගනු ලැබූ උත්සාහයන් ඉස්මතු කරන මෙම පිළිගැනීම ගැන අපි නිහතමානීව සතුටට පත් වෙනවා. ‘Brighten Everyday Life for All’ යන අපගේ අරමුණ අනුව කටයුතු කරමින් පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගනිමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන ඔවුන්ට ලබාදීමට අප කැපවී සිටිනවා.”

“මෙය ජනතාවගේ හඬ පිළිබිඹු කරන බැවින් මෙය අපට අතිශයින්ම අර්ථවත් ජයග්‍රහණයක්. අපගේ පාරිභෝගිකයින් සැමවිටම අප කරන සෑම දෙයකම හදවත වන අතර අපගේ වෙළඳනාම කෙරෙහි ඔවුන් දක්වන අඛණ්ඩ විශ්වාසය කෙරෙහි  අපි බෙහෙවින් කෘතඥ වෙනවා.” යුනිලිවර් ශ්‍රී ලංකාහි Home Care & Nutrition පිළිබඳ අලෙවි අධ්‍යක්‍ෂ, ඉමේෂිකා කාරියවසම් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව උසස් නවෝත්පාදනයන් ඉදිරිපත් කරනවා පමණක් නොව, සමාජය හා පරිසරය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන අරමුණු පදනම් කරගත් වෙළඳනාම ගොඩනැගීම කෙරෙහි ද අවධානය යොමු කරයි. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රමුඛතම වෙළඳනාමය වන Sunlight, රටේ විවිධ ප්‍රජාවන්  අතර බැඳීම් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ‘මනුදම් වියමන’ වැනි ව්‍යාපෘතීන් දියත් කරනු ලබයි. Signal හි ‘සිනා බෝ වේවා’ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම හා ඒවා පිළිබඳව දැනුවත් කිරීම සඳහා උපකාරී වී ඇත. සුමුදු සාරවත් කෙස් කලඹක් සමඟින් සීමාවන් ඉක්මවා යමින් ජීවිතය ජයගැනීමට ගැහැණු ළමයින්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට Sunsilk සැමවිටම කටයුතු කරනු ලබයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන එහි ‘සන්සිල්ක් හැඩකාරී’ වැඩසටහන, හිසකෙස් රැකවරණය පිළිබඳ නවෝත්පාදනයන් සහ විලාසිතාවන් පිළිබඳ මනා දැනුමක් පාරිභෝගිකයින්ට සහ රූපලාවන්‍ය වෘත්තිකයින්ට සපයනු ලබයි. Vim හි අරමුණ, ගෘහණියක් ලෙස පමණක් කාන්තාව දැකීමේ සමාජ දෘෂ්ටි කෝණය වෙනස් කිරීමයි. Vaseline කැපවී සිටින්නේ භේදයකින් තොරව සියලුම සම වර්ග සඳහා සහාය දැක්වීම තුළින් සියල්ලන්ටම සීමාවකින් තොරව ජීවත් වන්නට අවස්ථාව උදාකර දීමටය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..