Sunday, June 29, 2025
HomeBiz Newsප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් නිව් ඇන්තනීස් සමූහයේ පුරෝගාමී දායකත්වය..

ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් නිව් ඇන්තනීස් සමූහයේ පුරෝගාමී දායකත්වය..

අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, නෙදර්ලන්තය, තායිලන්තය මෙන්ම අසල්වැසි ඉන්දියාව පවා ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදන සඳහා යොමුවෙමින් සිටිය ද, සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනය කරන්නේ ඉතාම අතළොස්සක් පමණි. ශ්‍රී ලංකාවේ නිව් ඇන්තනීස් සමූහය ද එම අතළොස්සට අයත් වීම විශේෂත්වයකි.

සතුන්ට ලබාදෙන ආහාරවල පටන් අවසන් නිෂ්පාදනය දක්වා කිසිදු ප්‍රතිජීවක භාවිතයකින් තොරවීම යනු අලෙවිකරණ උපායමාර්ගයක් නොව, පාරිභෝගිකයින්ට වඩාත් සෞඛ්‍යසම්පන්න සහ සුරක්ෂිත මාංශ නිෂ්පාදනයක් පිරිනැමීම වෙනුවෙන් සිදුකළ විශේෂ කැපවීමකි.

මාංශ ආහාර නිෂ්පාදනයේදී අධික ලෙස ප්‍රතිජීවක භාවිත කිරීම මිනිස් සෞඛ්‍යයට ඉතාම අහිතකර බලපෑමක් සිදුකරයි. කුකුළන් වෙත නිතිපතා ප්‍රතිජීවක ලබාදීම තුළින් ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා වර්ධනයවන අතර, එම බැක්ටීරියා ඔබේ ආහාරවේලට ද අවසානයේදී පරිසරයට ද මුදාහැරේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයින් රෝගාතුර වූ අවස්ථාවක ඔබට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ සතු බලය අඩපණ විය හැක. එමනිසා ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් තෝරාගැනීම යනු වඩා හොඳ ආහාර තේරීමකින් ඔබ්බට ගිය ඔබේ සෞඛ්‍යාරක්ෂිත බව රකිමින්, අනාගත පරපුරේ සෞඛ්‍ය ආරක්ෂාව ද තහවුරු කිරීමකි.

ප්‍රතිජීවකවලින් තොර කුකුළුමස් ද සෙසු කුකුළු මස්වල රසයම හෝ ඊටත් වැඩි රසයක් ගෙනදෙයි. ප්‍රතිජීවකවලින් තොර කුකුළුමස් නිෂ්පාදනය කරන්නේ, ස්වාභාවිකව වැඩුණු, නීරෝගීමත් සහ ප්‍රමිතියෙන් උසස් ආහාර ලබන කුකුළන්ගෙනි. එහි ප්‍රතිඵලය වන්නේ, සැඟවුණු අවදානමකින් තොර වඩාත් සුරක්ෂිත සහ පෝෂ්‍යදායී කුකුළු මස් නිෂ්පාදනයකි. එමෙන්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනය වඩාත් පරිසර හිතකාමීවන අතර, ප්‍රතිජීවක විරෝගී බැක්ටීරියා පොළවට සහ ජලයට එකතුවීම ද වළක්වාලයි.

ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනය සිදුකරන පළමු සහ එකම සමාගම වන්නේ නිව් ඇන්තනීස් සමූහයයි. ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය අවදානම පිළිබඳ සැළකිල්ල යොමුවෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත කලාපය තුළම මෙවැනි ඉදිරිගාමී පියවරක් තැබීම පැසසිය යුත්තකි.

මෑතකාලයේදී ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිවිරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තය දැවැන්ත අභියෝගයකට මුහුණපෑවේය. 2024 වසරේදී සිදුකරන ලද අධ්‍යයනයක් (ගුණතිලක සහ සෙසු අය), මගින් මේ බව තහවුරු වී තිබේ.  එනම් ciprofloxacin සහ clavulanate amoxicillin වැනි බහුලව භාවිතකරන ප්‍රතිජීවකවලට 100%ක් සහ ampicillin හා trimethoprim-sulfamethoxazole යන ප්‍රතිජීවකවලට 91%ක් වශයෙන් ප්‍රතිවිරෝධය දක්වා ඇත.

ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිවිරෝධය යනු ගෝලීය වශයෙන් සත්ත්ව සහ මිනිස් දෙකොටසටම දැවැන්ත තර්ජනයක් එල්ල කරයි. ශ්‍රී ලංකාව තුළ මාංශ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රතිජීවක අවභාවිතය සහ අධික ලෙස භාවිතය නිසා බැක්ටීරියා ප්‍රතිවිරෝධය වැඩිවීතිබේ. ඉහත කී අධ්‍යයනය (ගුණතිලක සහ සෙසු අය) මගින් ද කොළඹ, මහනුවර සහ කුරුණගල ආශ්‍රිත මධ්‍යම පරිමාණ වාණිජ ගොවිපොළවලින් ලබාගත් සාම්පල මගින් ද මෙම ප්‍රතිජීවක විරෝධය පිළිබිඹු කෙරේ.

විශේෂයෙන්ම වර්ධන ප්‍රවර්ධක ලෙස ප්‍රතිජීවක අධික ලෙස භාවිතා කිරීම ප්‍රතිජීවක ප්‍රතිවිරෝධයේ ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන ඇත. 2018 දී ශ්‍රී ලංකාව ප්‍රතිජීවක වර්ධන ප්‍රවර්ධක (AGPs) තහනම් කර තිබියදීත්, ඉහළ ප්‍රතිරෝධක අනුපාතයක් අඛණ්ඩව පැවතීම තුළින් චිකිත්සක ප්‍රතිජීවක අනිසි ලෙස භාවිතාවන බව පිළිබිඹු වේ. බහුල භාවිතය සහ පහසුවෙන් ලබා ගත හැකි වීම හේතුවෙන් ගොවීන් බොහෝ විට සිප්‍රොෆ්ලොක්සැසින් වැනි ප්‍රතිජීවක වෙත භාවිතයට යොමු වනු දැකගත හැක.

අභියෝග සහ අනාගතය

තිරසාර හා ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයේ ප්‍රගතියක් ලබා තිබුණද, ඒ හා බැඳුණු අභියෝග අවසන් වී නොමැත. විශාලතම අභියෝගය වන්නේ පාරිභෝගික දැනුවත්භාවය සහ අධ්‍යාපනයයි. ගෝලීය වෙළඳපොළවල් ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර වෙත වැඩි වැඩියෙන් මාරු වෙමින් පවතින නමුදු, දේශීය පාරිභෝගිකයින්ට ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස්වල ප්‍රතිලාභ සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය (AMR) හා සම්බන්ධ අවදානම් පිළිබඳව වැඩි අධ්‍යාපනයක් අවශ්‍ය විය හැකිය. ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න තේරීම් කරා පාරිභෝගික කැමැත්ත ගෙන යාමේදී අලෙවිකරණය, උපදේශනය සහ සෞඛ්‍ය සංවිධාන සමඟ හවුල්කාරිත්වයන් තුළින් දැනුවත්භාවය වැඩි කිරීම, විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇත.

පිරිවැය සහ මිලදීගැනීමේ හැකියාව ද තවත් ප්‍රධාන අභියෝගයකි. ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනය සඳහා දැඩි ජෛව ආරක්ෂණ පියවර, උසස් තත්ත්වයේ ආහාර සහ ප්‍රෝබියොටික් සහ අත්‍යවශ්‍ය තෙල් වැනි විකල්ප සෞඛ්‍ය කළමනාකරණ උපාය මාර්ග අවශ්‍ය වේ. මෙම ක්‍රම සාම්ප්‍රදායික පිළිවෙත් හා සසඳන විට මිල අධික විය හැකි අතර, ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස්වල මිල තරමක් අධික වේ. මිලකරණය සහ පාරිභෝගික මිලදීගැනීමේ හැකියාව අතර පරතරය අවමකිරීම, තිරසාර කුකුළු මස් වෙත වැඩියෙන් පාරිභෝගියින් යොමුවීමට හේතුවනු ඇත.

දැඩි ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගනිමින් ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනය පුළුල් කිරීම තවත් තීරණාත්මක සාධකයකි. ඉල්ලුම වර්ධනය වන විට, සියලුම ගොවිපලවල් සහ නිෂ්පාදන පහසුකම් හරහා තිරසාර භාවිතයන් තහවුරු කිරීම සඳහා පුහුණුව, අනුකූලතාවය සහ පර්යේෂණ සඳහා අඛණ්ඩ ආයෝජන අවශ්‍ය වේ. කෙසේ වෙතත්, නිව් ඇන්තනීස් සමූහය, සිය සහතිකකිරීම්, නවෝත්පාදනයන් සඳහා උපායමාර්ගික ආයෝජන සහ තිරසාර මූලාශ්‍ර සඳහා ගෝලීය හවුල්කාරිත්වයන් සැලකිල්ලට ගෙන මෙම අභියෝගයට මුහුණ දීමට හොඳ සූදානමකින් සිටී.

අනාගතයේදී, ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස්වල කෙරෙහි ඇති අවධානය වර්ධනය වනු ඇති බව පැහැදිලිය. තිරසාර සහ උසස් තත්ත්වයේ මාංශ නිෂ්පාදන සඳහා ගෝලීය ඉල්ලුම වැඩිවීමත් සමඟ, නිව් ඇන්තනීස් සමූහයට අපනයන වෙළඳපොළවල් ජයගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. කාබන් විමෝචනය අඩු කිරීම, තිරසාර සත්ත්ව ආහාර සැපයුම සහ පරිසර හිතකාමී ඇසුරුම්කරණය තුළින් ද වගකීම් සහගත කෘෂි ව්‍යාපාර පුරෝගාමියෙකු ලෙස සමාගමේ කැපවීම පෙන්නුම් කෙරේ.

ප්‍රතිජීවක විරෝධයට එරෙහි මෙහෙයුම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, සමස්ත මාංශ නිෂ්පාදන කර්මාන්තයේම සහයෝගීතාවය අත්‍යවශ්‍ය වේ. ප්‍රතිපත්ති සම්පාදකයින්, ගොවීන්, පර්යේෂකයින් සහ ආහාර නිෂ්පාදකයින් දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට, තිරසාර විකල්ප ප්‍රවර්ධනය කිරීමට සහ වගකිවයුතු ලෙස ප්‍රතිජීවක භාවිත කිරීමට එක්ව කටයුතු කළ යුතුය. මෙම පරිවර්තනයට නායකත්වය දීමෙන්, නිව් ඇන්තනි සමූහය පාරිභෝගිකයින් සඳහා සෞඛ්‍ය සම්පන්න කුකුළු මස් සහතික කිරීම පමණක් නොව, මහජන සෞඛ්‍යය සහ ශ්‍රී ලංකාවේ තිරසාර ගොවිතැනේ අනාගතය ආරක්ෂා කරයි.

තිරසර සහ ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනයේ පුරෝගාමීත්වය 

කුකුළු මස් නිෂ්පාදනයේ සෑම අදියරකදීම ප්‍රතිජීවක භාවිතය ඉවත් කරමින්, නිව් ඇන්තනීස් සමූහය දැඩි ප්‍රතිජීවකවලින් තොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත. ඒ හරහා ප්‍රතිජීවක ප්‍රතිවිරෝධයේ අභියෝගයට මුහුණ දෙන අතරම, පාරිභෝගිකයින් සඳහා සෞඛ්‍ය සම්පන්න කුකුළු නිෂ්පාදන ද පිරිනමයි. වැඩිදියුණු කළ ජෛව ආරක්ෂණය, එන්නත් වැඩසටහන් සහ ස්වාභාවික විකල්ප භාවිතය ආදී පියවර හරහා, ප්‍රතිජීවක මත රඳා නොසිට සතුන්ගේ සෞඛ්‍යය පවත්වා ගැනීමට නිව් ඇන්තනීස් සමූහය කටයුතු කරයි.

ආහාර මූලාශ්‍රවල පාරිසරික බලපෑම හඳුනා ගනිමින්, කුකුළු ආහාර සඳහා තිරසාරව නිෂ්පාදනය කරන ලද සෝයා බෝංචි භාවිත කිරීමට ඇති කැපවීම පිළිබිඹු කරමින්, දකුණු ආසියාවේ සහ උප-සහාරා අප්‍රිකාවේ “තිරසාර එක්සත් ජනපද සෝයා” ලේබලය හිමි පළමු සමාගම බවට ද නිව් ඇන්තනීස් සමූහය පත්ව තිබේ. එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් ප්‍රදානය කරන ලද මෙම සහතිකය, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර ගොවිතැන් පිළිවෙත් ඇතුළු දැඩි පාරිසරික හා සමාජීය නිර්ණායකයන්ට අනුකූල බව සහතික කරයි.

නිෂ්පාදන පිළිවෙත්වලට අමතරව, නව්‍ය ඇසුරුම්කරණ විසඳුම් හරහා පාරිසරික ගැටලුවලට විසඳුම් ලබා දීමට ද නිව් ඇන්තනීස් සමූහය කටයුතු කරයි. සමාගම සිය “හරිතහරි” කුකුළු මස් නිෂ්පාදන පෙළ යටතේ 100% ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම්කරණයට මාරු වී ඇත. මෙම මුලපිරීම මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ පරිසර දූෂණය සැලකිය යුතු ලෙස අඩු කරමින් ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම්කරණයට යොමුවූ ශ්‍රී ලංකාවේ පළමු කුකුළු මස් නිෂ්පාදකයා බවට ද නිව් ඇන්තනීස් සමූහය පත්විය.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ සිය කැපවීම පෙන්නුම් කරමින්, නිව් ඇන්තනීස් සමූහය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ද ක්‍රියාකාරී පියවර ගෙන තිබේ. සමාගමට ISO 14064-1:2018 ප්‍රමිතීන් යටතේ Control Union Netherlands වෙතින් හරිතාගාර වායු සත්‍යාපන සහතිකය ලැබුණු අතර, මෙම පිළිගැනීම ලබා ගත් ශ්‍රී ලංකාවේ එකම කුකුළු සමාගම ද නිව් ඇන්තනීස් වීම කැපීපෙනේ. එය පාරිසරික වගකීම සහ තිරසාර මෙහෙයුම් සඳහා සමාගමේ කැපවීම අවධාරණය කරයි.

තිරසාරභාවය සහ ගුණාත්මකභාවය සඳහා සමාගමේ නොසැලෙන කැපවීම, සැලකිය යුතු කර්මාන්ත පිළිගැනීමක් ලබා ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර කාණ්ඩයේ “හොඳම අපනයනකරු” ලෙස නිව් ඇන්තනීස් ෆාම්ස් සම්මානයෙන් පිදුම් ලැබීය. ගෝලීය වෙළෙඳපොළ තුළ සමාගමේ බලපෑම මෙන්ම සදාචාරාත්මක ආහාර නිෂ්පාදනය තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට නිව් ඇන්තනීස් ලබාදෙන දායකත්වය ද මෙම සම්මානය තුළින් පිළිබිඹු වේ.

නිව් ඇන්තනි සමූහයේ ප්‍රතිජීවකවලින් තොරෙ, තිරසාර නිෂ්පාදන සඳහා පාරිභෝගිකයින් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති අතර, එය ආචාර ධාර්මිකව නිපදවන ආහාර සඳහා ඇති ඉල්ලුම ද වර්ධනය වෙමින් තිබේ. විනිවිදභාවය, ගුණාත්මකභාවය සහ පාරිසරික භාරකාරත්වය කෙරෙහි සමාගම දක්වන අවධානය තුළින්, සෞඛ්‍ය හිතකර සහ පරිසර හිතකාමී තේරීම් අගය කරන ළබැඳි පාරිභෝගික පදනමක් ගොඩනඟා ගැනීමට ද සමාගමට හැකිවී ඇත.

ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිවිරෝධය පිළිබඳ උපදේශනය සහ අධ්‍යාපනය

මෙහෙයුම් මුලපිරීම්වලට අමතරව, නිව් ඇන්තනීස් සමූහය ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිවිරෝධයට එරෙහිව සටන් කිරීම සඳහා උපදේශනය සහ අධ්‍යාපනය සැපයීමට ද ක්‍රියාකාරීව සම්බන්ධ වේ. ලෝක ප්‍රතික්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධක දැනුවත් කිරීමේ සතිය (WAAW) සමඟ ඒකාබද්ධව, ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂුද්‍ර ජීවීභාවිතයෙන් තොර කුකුළුමස් කර්මාන්තයක් සඳහා වන කැපවීම නැවත තහවුරු කිරීමට නිල ප්‍රතිඥාවකට ද සමාගම පසුගියදා අත්සන් තැබීය. මෙම ප්‍රතිඥාව මහජන සෞඛ්‍යය සඳහා සමාගමේ කැපවීම මෙන්ම ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධයේ අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එහි කාර්යභාරය අවධාරණය කරයි.

තවද, නිව් ඇන්තනීස් සමූහය කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් ඉලක්ක කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් මගින් ප්‍රතිජීවක නිවැරදිව භාවිතා කිරීම, ජෛව ආරක්ෂණයේ වැදගත්කම සහ රෝග පාලනය කිරීම සඳහා විකල්ප භාවිතය ආදිය ගැන ගොවීන් දැනුවත් කෙරේ. යහපත් භාවිතයන් සහ දැනුම බෙදා ගැනීම හරහා ද, වගකීම් සහගත ප්‍රතිජීවක භාවිතය සහ තිරසාර ගොවිතැන් ක්‍රම දෙසට පුළුල් කර්මාන්ත මාරුවක් සඳහා නිව් ඇන්තනීස් සමූහය දායක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

NorbertDerma on Finance for Marketers…..
show_de_drones_wlor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
888starz ?????_zyEn on Prima KottuMee re-launch…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
NorbertDerma on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
MichaelRodia on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kursy_barbera_ruEr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
RichardThymn on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
KennethApatt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
LanetteEveLt on Finance for Marketers…..
WilliamFeeri on Finance for Marketers…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_bbMn on Prima KottuMee re-launch…..
FlossieElurb on Finance for Marketers…..
kashpo napolnoe_nqkt on Prima KottuMee re-launch…..
HeatherEntef on Finance for Marketers…..
HeatherEntef on Finance for Marketers…..
bitqt_iopa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
HeatherEntef on Finance for Marketers…..
stroitelnoe vodoponijenie_plKt on Prima KottuMee re-launch…..
kashpo napolnoe_vtOa on Prima KottuMee re-launch…..
karkasnyy_dom_koei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_wiMl on Prima KottuMee re-launch…..
karkasnye_doma_bfkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelnoe vodoponijenie_fqMl on Prima KottuMee re-launch…..
stroitelnoe vodoponijenie_qfKt on Prima KottuMee re-launch…..
klining_moskva_hcsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_zlma on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kashpo dizain_bfmt on Prima KottuMee re-launch…..
klining_moskva_rdEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jhlmoto_ipei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_isPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dizainerskie kashpo_sael on Prima KottuMee re-launch…..
kashpo dizain_vcer on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_ofkt on Prima KottuMee re-launch…..
klining_top_bzon on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka edi_cpen on Prima KottuMee re-launch…..
silovoi transformator kypit_utkt on Prima KottuMee re-launch…..
derevyannye_doma_hsMi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
karkasnye_doma_zjkt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizing_kommercheskogo_transporta_kxer on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
krediti v Kirgizstane_yyoi on Prima KottuMee re-launch…..
karkasnyy_dom_heei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
klining_moskva_lxsa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
elektrokarniz_odKl on Prima KottuMee re-launch…..
elektrokarniz_uxKl on Prima KottuMee re-launch…..
jhlmoto_sgei on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
proekt pereplanirovki kvartiri_gbot on Prima KottuMee re-launch…..
proekt pereplanirovki kvartiri_bhot on Prima KottuMee re-launch…..
elektrokarniz_ugpr on Prima KottuMee re-launch…..
elektrokarniz_bbpr on Prima KottuMee re-launch…..
elektrokarniz_zbot on Prima KottuMee re-launch…..
elektrokarniz_wqPr on Prima KottuMee re-launch…..
elektrokarniz_zhot on Prima KottuMee re-launch…..
elektrokarniz_rePr on Prima KottuMee re-launch…..
elektrokarniz_qjpl on Prima KottuMee re-launch…..
elektrokarniz_dqpl on Prima KottuMee re-launch…..
bokaly_dlya_vina_uyor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
podstole_qpPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
dostavka_alkogolya_uvMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..