ගෝලීය රක්ෂණ දැවැන්තයෙකු වන Allianz SE හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වූද ශ්‍රීලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විසින් අනාගත ව්‍යාපාරික අභියෝගයන් උදෙසා ගෝලීය විශේෂඥයන් වෙතින් විසඳුම් ලබා දීමේ Allianz Risk Compass වැඩසටහන 2024 නොවැම්බර් මස 13 වන දින කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංස්ථාපිත දේහයන් හි ජ්‍යෙෂ්ඨ නායකත්වය එක්ව සිටි අතර අනාගතයේ පැන නැගෙන ව්‍යාපාරික අවදානම් සහ ප්‍රත්‍යාස්ථිතිය සඳහා ක්‍රමෝපායන් ගවේෂණය කිරීමට එහිදී ඔවුනට හැකි විය.
මෙම සාකච්ඡා මඬුල්ල සඳහා සුවිශේෂී පුද්ගලයින් ගණනාවක් සහභාගී වූ අතර ඒ සඳහා, ක්‍රිස්ටියන් සැන්ඩ්‍රික් – කලාපීය කළමනාකරණ අධ්‍යක්ෂක ආසියා අලියාන්ස් කොමර්ෂල්, ජූඩ් ක්‍රොස් – කලාපීය දේපළ ප්‍රාරක්ෂණ කළමනාකරු ආසියා අලියාන්ස්, ප්‍රශාන්ට් ග්‍රෝවර් – දේශීය කළමනාකාරු / ප්‍රධාන විධායක නිලධාරී අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යන මහත්වරුන් ඇතුළත් විය. මෙම සාකච්ඡාව මෙහෙය වීම සිදු කරන ලද්දේ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි අලෙවි කළමනාකරණ අංශ ප්‍රධානී කසුන් යටවර මහතා විසිනි.
ව්‍යාපාර අභියෝග සහ අවදානම් පිලිබඳව අවබෝධ කරගනිමින් ඒ සඳහා විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් තිරසාර සංවර්ධනයක් උදෙසා අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ව්‍යාපාරවලට ලබා දීමට මෙහි දී හැකි විය. නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින අවදානම් තත්ත්වයන් හි සංකීර්ණතාවයන් තුළ තව දුරටත් ඉදිරියට ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකා සංස්ථාපිත ක්ෂේත්‍රය වෙත සහයෝගය ලබා දීමට අලියාන්ස් කැප වී සිටියි.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යනු ජර්මනියේ මියුනිච් නගරය තම මූලස්ථානය කරගත්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර වෙත ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය සේවා සපයන්නෙකු වන Allianz SE හි පූර්ණ අනුබද්ධිත ආයතනයකි.