Friday, June 6, 2025
HomeBiz Newsශ්‍රී ලංකාවට දෘඩංග ගෘහස්ථ කලාත්මක උපාංග අත්දැකීම හඳුන්වා දෙමින් Delmege සමාගම Hettich...

ශ්‍රී ලංකාවට දෘඩංග ගෘහස්ථ කලාත්මක උපාංග අත්දැකීම හඳුන්වා දෙමින් Delmege සමාගම Hettich සමඟ හවුල්කාරීත්වයකට එළඹේ..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික විවිධාංගීකරණය වූ වසර 175ක  ඉතිහාසයක් සහිත සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම, විසින් පසුගියදා ගෘහ භාණ්ඩ අනුබද්ධීකරණ විසඳුම්, මුළුතැන්ගෙයි Electric උපකරණ, දොර අනුබද්ධීකරණ විසඳුම් සඳහා වසර 137ක ගෝලීය වශයෙන් කීර්තියට පත් ලොව ප්‍රමුඛපෙළේ ජර්මානු ජීවන රටා සන්නාමයක් වන Hettich සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයට එළඹීම සිදුවිය.

මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය හරහා නේවාසික හා වාණිජ අවශ්‍යතා ද්විත්වයටම ගැළපෙන පරිදි  අතිනවීන , ජර්මානු ඉංජිනේරු අනුබද්ධීකරණ විසඳුම් මෙරටට හඳුන්වාදෙමින් කර්මාන්ත ක්ෂේත්‍රයන්හි විප්ලවීය වෙනසක් සනිටුහන් කරනු ලබයි. Hettich හි ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ පුළුල් නිෂ්පාදන පරාසය නිරවද්‍යතාවය, නවෝත්පාදනය හා ඉහළ ක්‍රියාකාරීත්වය මෙන්ම කල්පැවැත්ම, ගුණාත්මකභාවය සමඟ අසමසම උසස් කාර්යසාධනයක් අඩංගු වන පරිදි නිර්මාණය කර තිබීම සුවිශේෂි කරුණකි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින්  Delmege Forsyth හි උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂ අම්රිත් ආදිහෙට්ට් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.”ඉංජිනේරු සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ ගෝලීය ප්‍රමුඛ ජර්මානු සන්නාමයක් වන Hettich සමඟ හවුල්කාරීත්වයට එළඹීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාව පුරා Delmege හි පුළුල් බෙදාහැරීම් ජාලය හරහා Hettich ගෘහ භාණ්ඩ අංගෝපාංග, මුළුතැන්ගෙයි Electric උපකරණ සහ දොර අංගෝපාංග නිෂ්පාදනය පරාසයේ අත්දැකීම මෙරට පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බරයට පත්වෙනවා.”

Vallibel one හා Delmege LTD හි කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මිය මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” Delmage සමාගම තම පාරිභෝගිකයන්ට ප්‍රමුඛපෙළේ නිෂ්පාදන සහ විසඳුම් සැපයීමට නිරතුරුවම කැපවී සිටිනවා. Hettich හි ගෘහ භාණ්ඩ අංගෝපාංග, මුළුතැන්ගෙයි උපකරණ හා දොර අංගෝපාංග මඟින් අපි සපයනු ලබන අභ්‍යන්තර විසඳුම්වල ක්‍රියාකාරීත්වය, අලංකාරත්වය හා ගුණාත්මකභාවය වැඩිකිරීමට Delmege හට හැකිවන බව අපගේ විශ්වාසයයි.”

Hettich සන්නාමය ගෝලීය වශයෙන් නවෝත්පාදනය හා නිරවද්‍යතාවයෙන් යුතු නිෂ්පාදනයන් සඳහා කීර්තිමත් සන්නාමයක් ලෙස ප්‍රකටය. ගෘහ භාණ්ඩ අංගෝපාංග සඳහා උසස් වර්ගයේ සරනේරු, ලාච්චු පද්ධති සහ ස්ලයිඩින් දොර සවිකිරීම් වලින් සමන්විත වන අතර මුළුතැන්ගෙයි Electric උපකරණ සඳහා බිල්ට් – ඉන් මුළුතැන්ගෙයි විසඳුම් වලින් ද අන්තර්ගත වනු ලබයි.  එසේම දොර අංගෝපාංග ප්‍රධාන වශයෙන් වැඩිදියුණු කළ ආරක්ෂාකාරී මෙන්ම නවීන අගුල් හා හැන්ඩ්ල් වලින් සමන්විතය.

ගෘහ නිර්මාණ ශිල්පීන් ,ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවන පිරිස් මෙන්ම නිවාස හිමියන් යන සියල්ලන්ටම Hettich සන්නාමයේ ගෘහ භාණ්ඩ හා උපාංග වඩාත් උචිත පරිදි අවශ්‍යතා මත තෝරාගැනීමේ පහසුවෙන් යුක්තය. මෙම නිෂ්පාදන Delmege හි පුළුල් වගකීමක් සහිත බෙදාහැරීමේ ජාලය හරහා ලබාගත හැකි අතර, එමඟින් මෙරට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා කඩිනමි හා ගුණාත්මකව ඉටුකරනු ලබයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාව , මැදපෙරදිග සහ අප්‍රිකාවේ Hettich  SAARC හි කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩ්‍රේ එක්හෝල්ට් මහතා මෙසේ අදහස් දක්වන ලදී. ” රටේ සෑම ලොකු කුඩා තැනකම විසිරි සිටින අභ්‍යන්තර විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකු වන කීර්තිමත් ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරයක් වන Delmege සමඟ හවුල්කාරීත්වයට එළැඹීමට ලැබීම ගැන බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම සහයෝගීතාවය මඟින්  වෙළෙඳපොළ හැඩගැස්වීම, ජිවන රටාවේ නව්‍යත්වය මෙන්ම ගුණාත්මකභාවයේ සැළකිය යුතු පියවරක් සනිටුහන් කරනු ලබනවා. ඒ වගේම නිවාස හා ව්‍යාපාර සඳහා ජර්මානු ඉංජිනේරු ගෘහ භාණ්ඩ විසඳුම්වල හොඳම අත්දැකීම් මෙරට පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව මගේ විශ්වාසයයි.”

මෙම හවුල්කාරීත්වය මඟින්  Delmege හි  කැපවීම මැනවින් නිරූපණය වන අතර ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අභ්‍යන්තර අලංකරණ සහ වාස්තු විද්‍යාත්මක විසඳුම් සපයන ප්‍රමුඛයෙකු ලෙස ඔවුන් සිය කාර්යභාරය අඛණ්ඩව ඉටු කරනු ලබයි. Delmege හි පුළුල් සේවා ජාලය හා Hettich හි ගෝලීය කිර්තීමත්බව සමඟින් නිෂ්පාදනයන්ගේ ඉහළ කාර්යසාධනය තහවුරු කරයි.

Delmege හරහා බෙදාහරිනු ලබන Hettich නිෂ්පාදනයන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.delmege.com වෙත පිවිසෙන්න.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..