Thursday, June 5, 2025
HomeBiz Newsජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් අමිල කලුගලගේද සමග එක්ව, මහේෂ් තීක්ෂණ ICC එක්දින...

ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් අමිල කලුගලගේද සමග එක්ව, මහේෂ් තීක්ෂණ ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක 01 පන්දු යවන්නා වීමේ ඓතිහාසික ජයග්‍රහණය උත්සවාකාරයෙන් සමරයි..

මහේෂ් තීක්ෂණ ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 01 පන්දු යවන්නා වීමේ සුවිශේෂී අවස්ථාව සැමරීම පිණිස ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් අමිල කලුගලගේද සමග එක්ව The Residences at Cinnamon Life පරිශ්‍රයේදී විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කරනු ලැබීය. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ගේ ද සහභාගිත්වයෙන් පැවැත් වුණු මේ උත්සවය, ලාංකේය ක්‍රිකට් වංශකතාවේ දිදුලන තරුවක් වන මහේෂ් තීක්ෂණ සඳහා ඉතා සුවිශේෂී අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගීම නිවාස සංකීර්ණය ලෙස නම් ලැබූ The Residences at Cinnamon Life හිදී පැවැත්වූ මෙම උත්සවය සඳහා ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයින් ඇතුළු සුවිශේෂී අමුත්තන් රැසක් සහභාගි විය. ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමූහය විසින් වෙනත් ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කරනා මැදිහත් වීමද මෙම උත්සවය හරහා තව තවත් පිලිබිඹු වන ලදි.

මෙම උත්සව අවස්ථාවේදී තමා මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ ආවර්ජනය කරමින් මහේෂ් තීක්ෂණ ප්‍රකාශ කළ සිටියේ,

“ICC ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 01 එක් දින පන්දු යවන්නා වීම මට ඇත්තටම විශාල ගෞරවයක්. මේ ගමන් මග පුරා මා හට සවියක් වූ සියලුම දෙනාට මා සැබවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙය ඉතාමත් මහන්සියෙන් සහ කැපවීමෙන් යුතුව පැමිණි ගමනක්. ඉතින් ඒ ගමනේ දී මා හට ශක්තියක් වූ මාගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්, පුහුණුකරුවන් සහ නිරන්තරයෙන් මා වෙනුවෙන් රැඳී සිටි මගේ රසිකයින්ට මෙම සාර්ථකත්වය මා පුද කර සිටිනවා. ඒ වගේම ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමග එක්ව, මා වෙනුවෙන් The Residences at Cinnamon Life පරිශ්‍රයේ දී මෙවැනි විශාල උත්සවයක් සංවිධානය කිරීම වෙනුවෙන් මාගේ කළමනාකරණ කණ්ඩායම වෙත ස්තුති කිරීම සඳහාද මා මෙය අවස්ථාවක් කර ගන්නවා. මගේ කණ්ඩායම සහ මගේ පවුලේ සියලු දෙනා සමග මෙම ජයග්‍රහණය සැමරීමට ඉඩ ලැබීම විශාල භාග්‍යයක් කොට සලකනවා” ලෙසයි.

තීක්ෂණගේ ගමන් මග පිළිබඳ හෘදයාංගම අදහස් රාශියක් ඔහු මෙහි දී පැමිණ සිටි අමුත්තන් සමග බෙදා හදා ගන්නා ලදි.

මේ අතරවාරයේ උත්සවය අමතමින්, ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි විකුණු හා අලෙවිකරණ අංශයේ ප්‍රදානී සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති වන නදීම් ශම්ස් මහතා ප්‍රකාශ කළ සිටියේ,

“ජෝන් කීල්ස් ප්‍රොපටීස්හි අප, ක්‍රීඩා, ව්‍යාපාර හෝ විලාසිතා වැනි ඕනෑම ක්ෂේත්‍රයක විශිෂ්ටයන් හට උපහාර දැක්වීමට නිතරම සූදානමින් සිටින්නෙමු. මහීෂ්ගේ ජයග්‍රහණය ඔහුගේ අප්‍රතිහත ධෛර්යයේ සහ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයකි. ඉතින් ඔහුගේ මෙම ජයග්‍රහණය සැමරීම සඳහා මෙලෙස The Residences at Cinnamon Life පරිශ්‍රයේදී මෙවන් උත්සවයක් සංවිධානය කිරීමට ලැබීමම අපට විශාල ආඩම්බරයකි.”

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගීම නිවාස සංකීර්ණය ලෙස නම් ලද The Residences at Cinnamon Life විසින් මෙවැනි ගෞරවනීය උත්සවයක් සඳහා අවශ්‍ය වන පසුබිම හොඳින්ම නිර්මාණය කර දී තිබිණි. කොළඹ නගරයේ දර්ශනීය දසුන් සහ ලොව නවීනතම හා උසස්ම තාක්ෂණයෙන් නිමැවුණු අති සුඛෝපභෝගී පහසුකම්වලින් ද පරිපූර්ණ මෙම නිවාස සංකීර්ණය, ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව සැමරීම වෙනුවෙන් සංවිධානය වූ මෙවන් වැදගත් උත්සවයක් පැවැත් වීම සඳහා සුදුසුම ස්ථානයකි.

තීක්ෂණගේ සාර්ථකත්වය හුදෙක් ඔහුගේ හෝ ක්‍රිකට් ලොවට පමණක් සීමා වූවක් නොවේ. එය සමස්ත දේශයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ධෛර්යය ලබා දෙන අවස්ථාවකි. එබැවින් මෙම ජයග්‍රහණය මේ ආකාරයෙන් සැමරීමට ලැබීම ගැන ජෝන් කීල්ස් ප්‍රොපටීස් පසු වන්නේ ඉමහත් සතුටිනි.

මහේෂ් තීක්ෂණගේ ගමන තවමත් ආරම්භ වූවා පමණි. ඔහුට යා හැකි දුර බොහෝය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ඉතිහාසය තුළම සිටින විශිෂ්ටතම පන්දු යවන්නෙකු බවට පත් වීම සඳහා ඔහුට සුබ පතමින් එම උත්සවය නිමාවට පත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..