Thursday, June 5, 2025
HomeBiz Newsඅපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර...

අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි..

කොළඹ නාගරික බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සිය දෙනෙකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL) පසුගියදා 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේදී, පාරිසරික තිරසාරභාවය, ප්‍රජා යහපැවැත්ම සහ නගරය පිරිසිදුව පවත්වා ගෙන යාම සඳහා ඔවුන් සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කරන ලදී. මෙරට ප්‍රතිචක්‍රීකරණ උත්සාහයන් සහ චක්‍රීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මෙම කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, වඩාත් තිරසාර අනාගතයකට ද ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය.

නායකත්වය, ව්‍යවසායකත්වය සහ උපදේශනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරන Women in Management ආයතනයේ සහයෝගය ඇතිව මෙම උත්සවය සංවිධානය කරන ලදී.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පත්මා අබේකෝන් මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සම්පත් එකතු කරන්නියන් විසින් ලබා දෙනු ලබන අමිල දායකත්වය ඇය මෙහිදී අගය කළ අතර, පරිසරය පිරිසිදුව තබා ගැනීමේදී සහ මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය අවධාරණය කළාය. අන්තර්ගතභාවය සහ තිරසාර සමාජයක් නිර්මාණය කිරීමේදී සවිබලගැන්වීම, ඔරොත්තු දීමේ හැකියාව සහ අඛණ්ඩ වර්ධනයේ වැදගත්කම පෙන්වා දෙමින් ඔවුන්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතවල නායකත්ව භූමිකාවන් භාර ගැනීමට ඇය ඔවුන් දිරිමත් කළාය.

මෙම උත්සවයට කාන්තාවන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ සවිබල ගැන්වීම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාකාරකම් ඇතුළත් විය. CCBSL හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් පාණ්ඩේ මහතා මෙම උත්සවයට සහභාගී වූ සියලු දෙනා ඉතා සුහදව පිළිගත් අතර, මෙම කාන්තාවන්ගේ කැපවීම සහ ඔරොත්තු දීමේ හැකියාව අගය කළේය.

මීට අමතරව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අභයනායක යන මහත්ම මහත්මීන් විශේෂ අමුත්තන් ලෙස සහභාගී වෙමින් මෙම උත්සවයට වටිනාකමක් එක් කළහ.

මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ මෙම කාන්තාවන් සඳහා සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමයි. මෙමගින් ඔවුන් සඳහා මූලික වෛද්‍ය සේවා සපයන ලද අතර සෞඛ්‍ය පරීක්ෂණ මෙන්ම කාන්තා සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳ වෛද්‍යවරයෙකු විසින් මෙහෙයවන ලද සැසියක් ද මෙයට ඇතුළත් විය. තවද මෙයට සහභාගී වූ සියලු කාන්තාවන්ට වෛද්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කිරීමටත් පෞද්ගලිකව ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු සහ ඔවුන්ගේ පවුලේ තොරතුරු සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලැබුණි. මෙම සෞඛ්‍ය කඳවුර සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව CCBSL ආයතනය, හේමාස් රෝහල් සමූහයට සිය ස්තූති පළ කළේය.

පාරිසරික හා සමාජ තිරසාරභාවය සඳහා මෙම කාන්තාවන් ලබා දෙන දායකත්වය අගයමින් ඔවුන්ට මෙහිදී අත්‍යවශ්‍ය වියළි සලාක, සෞඛ්‍ය සේවා සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු තෑගි පාර්සලයක් ද ලබා දෙන ලදී.

මෙම උත්සවය අමතමින් CCBSL හි මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂ තමරි සේනානායක මහත්මිය පැවසුවේ “බොහෝ විට සමාජය විසින් නොසලකා හරින ලද වෙහෙස මහන්සි වී වැඩ කරන මෙම කාන්තාවන් ඇගයීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වනවා. අද අපි ඔවුන්ගේ දායකත්වය හඳුනාගෙන ඔවුන්ව අගය කිරීමක් ලෙස සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළා. මෙම උත්සවය කාන්තාවන්ගේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම ඔවුන් සවිබල ගැන්වීමේ වැදගත්කම පෙන්නුම් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම උත්සවය ඉතා සාර්ථකව පැවැත්වුණු අතර අර්ථවත් වැඩසටහන් හරහා තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා අඛණ්ඩව කැපවී සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments

lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..