Wednesday, June 4, 2025
HomeBiz NewsExpack,ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි..

Expack,ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි..

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණිය ප්‍රදේශයේ පිහිටි තම අති නවීන කර්මාන්තශාලා පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරතිබුණි. සමාගම වෙනුවෙන් එහි සේවිකාවන් ලබාදෙන දායකත්වය අගයනු වස් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව, සවිබලගැන්වීම සහ සේවාස්ථාන සුබසිද්ධිය වෙනුවෙන් සමාගමේ කැපවීම පිළිබිඹු විය.

මෙවර කාන්තා දින සැමරුමේදී සේවිකාවන්ගේ මානසික සුවතාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවිය. එමෙන්ම සමාගමේ විවිධත්ව, සමානාත්මතා සහ අන්තර්කරණ (DEI) ප්‍රතිපත්ති මත සමාගම සිය 300ක සේවක කාර්යමණ්ඩලය වෙනුවෙන් ගෙන ඇති විවිධ පියවර ද මෙහිදී සැමරුමට ලක්කෙරුණි. තව ද වැඩසටහන අතරතුරදී විශිෂ්ට සේවා කැපවීම, නායකත්වය සහ නවමු චින්තනය හරහා කාන්තාවන් සවිබලගැන්වීමට සමාගම ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ලබාදුන් දායකත්වය වෙනුවෙන් තෝරාගත් සේවිකාවන් කිහිපදෙනෙකු ඇගයීමට ද සමාගම කටයුතු කළේය.

කාන්තා දින වැඩසටහන තවදුරටත් අර්ථවත් කරමින් මානව සම්පත් සහ ආයතනික පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණ රසිනි අයන්ති බණ්ඩාර මෙනෙවිය විසින් නවීන සමාජයේ කාන්තා භුමිකාව පිළිබඳ විශේෂ දේශනයක් ද ඉදිරිපත් කරනලදී. එහිදී ක්‍රමෝපායික මානව සම්පත් කළමනාකරණය, නායකත්ව සංවර්ධනය සහ මාණ්ඩලික කළමනාකරණය පිළිබඳ සිය අත්දැකීම් ඇය බෙදාගත්තාය. සේවා ස්ථානයේ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවයේ වැදගත්කම අවධාරණය කළ ඇය, වෘත්තීය වර්ධනය වෙනුවෙන් කාන්තාවන් තමන්ට හිමි අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.

Expack සමාගම දිගුකලක් ඔස්සේ කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම සමාන වෘත්තීය අවස්ථා පිරිනමන අතර, එක හා සමාන ගෞරවයක් ද, සමාන මට්ටමේ ගෙවීම් සහ දීමනා ප්‍රතිත්තියක් ද අනුගමනය කරයි. සියලු සේවකයින් සම්බන්ධයෙන් පාරදෘශ්‍යතාවයෙන් කටයුතු කරන සමාගම, සමාගමේ සාර්ථකත්වයට මෙන්ම පොදුවේ රටේ ආර්ථිකයට ද කාන්තාවන් මගින් සුවිශේෂ දායකත්වයක් ලැබෙන බව තරයේ විශ්වාස කරයි.

Expack සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සිටම කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුවී තිබෙන අතර, ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත කිසිදු වෙනස්කොට සැලකීමකට සමාගම තුළ ඉඩ අවුරා තිබේ. විශේෂයෙන්ම සේවා ස්ථානය තුළදී කාන්තාවන් පහත්කොට සැලකීම මගින් කාන්තාවන්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයට සිදුවිය හැකි දීර්ඝකාලීන බලපෑම හේතුවෙන් ඊට  එරෙහිව සමාගම දැඩි පිළිවෙතක් අනුගමනය කරයි.

එමෙන්ම සේවකයින්ගේ ආගම, වාර්ගිකත්වය, වයස, ස්ත්‍රීපුරුෂභාවය, අදහස් හෝ විශ්වාස ආදිය නොසලකා සියලු සේවකයින්ට සවන්දීමේ ප්‍රතිපත්තියක් Expack සමාගම සතු ය. ස්ත්‍රීපුරුෂ විවිධත්වයට සහායවන උපදේශන වැඩසටහන්, නායකත්ව පුහුණු මෙන්ම රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීමට අදාළ පියවර රැසක්ම සමාගම විසින් ගෙන තිබේ.

මෙසේ සේවා ස්ථානය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් Expack සමාගම ගෙන ඇති පියවර හේතුවෙන් වසර පහක් මුළුල්ලේ ආසියාවේ සේවයට සුදුසුම ආයතන 100 අතරට ද වසර 6ක් පුරා ශ්‍රී ලංකාවේ සේවයට සුදුසුම ස්ථාන 50 අතරට ද Expack සමාගම තේරී පත්වී තිබේ. කාන්තාවන් සවිබලගන්වමින්, ඔවුන්ව අගයමින් සහ සමාන අවස්ථා ලබාදෙමින් සමාගම නිර්මාණය කරඇති සේවා පරිසරය මෙම කාන්තා දින වැඩසටහන ඔස්සේ තවදුරටත් සහතික කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..