Tuesday, June 10, 2025
HomeBiz NewsHNB, LankaQR සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කරමින් රට පුරා ඩිජිටල්...

HNB, LankaQR සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කරමින් රට පුරා ඩිජිටල් ගෙවීම් ප්‍රවේශය තවදුරටත් පුළුල් කරයි..

දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කර ඇත. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම මෙහි අරමුණයි.

2020 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ LankaPay එක්ව සිල්ලර ගෙවීම් නවීකරණය කිරීම සඳහා LankaQR ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. වෙළෙන්දන්ට ඩිජිටල් ගෙවීම් පිළිගැනීමට පහසු, ආරක්ෂිත සහ දැරිය හැකි ක්‍රමයක් සැපයීම මෙහි අරමුණ විය. තවද මෙම මුලපිරීම ඩිජිටල් ගනුදෙනු සරල කිරීම සහ වැඩි පිරිසකට මූල්‍ය සේවා වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම අරමුණු කර ගෙන ඇත. LankaQR යනු ජාත්‍යන්තර EMVCO ප්‍රමිතීන් අනුගමනය කරමින් විවිධ බැංකු සහ ගෙවීම් පද්ධති හරහා ක්‍රියාත්මක වන QR කේත වර්ගයකි. එමඟින් පාරිභෝගිකයින්ට LankaQR පහසුකම් සහිත ඕනෑම ජංගම දුරකතන යෙදවුමක් භාවිතා කරමින් LankaQR හරහා ගෙවීම් පිළිගැනීමේ හැකියාව ලබා දෙන බැංකු සහ මූල්‍ය ආයතනවලින් scan කර ගෙවීමට ඉඩ සලසයි. අද වන විට ශ්‍රී ලංකාවේ වෙළෙන්දන්ට LankaQR හරහා ගෙවීම් පිළිගැනීමේ හැකියාව ලබා දෙන බැංකු සහ මූල්‍ය ආයතන 22 ක් සහ LankaQR පහසුකම් සහිත ජංගම දුරකතන යෙදවුම් 30 ක් ඇත. 2024 තුන්වන කාර්තුව වන විට දිවයින පුරා වෙළෙන්දන් 410,000 කට වැඩි පිරිසක් ගෙවීම් සඳහා LANKAQR භාවිතා කර ඇත.

වැඩි පිරිසක් සාප්පු සවාරි යාම සහ ගනුදෙනු ප්‍රමාණය වැඩිවන අතිශය කාර්යබහුල කාලයක් වන අලුත් අවුරුදු සමය තුළ ඩිජිටල් ගනුදෙනු දිරිමත් කිරීම සඳහා HNB මෙම මුලපිරීම හඳුන්වා දීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය 2025 අප්‍රේල් 1 සිට ජුනි 30 දක්වා මාස තුනක් සඳහා වලංගු වේ. භෞතික මුදල් සමඟ ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමෙන් වෙළෙඳුන් සහ ගනුදෙනුකරුවන් යන දෙපිරිසටම බාධාවකින් තොර සහ පහසු ගෙවීම් අත්දැකීමක් භුක්ති විඳිය හැකිය.

මෙම අවස්ථාවට එක්වෙමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “අපගේ QR විසඳුම සමඟින් අප ඩිජිටල් ගෙවීම් වෙළෙඳපොල නව වෙනසකට ලක් කරනු ලැබුවා. සියලුම ප්‍රමාණයේ ව්‍යාපාරවලට ඩිජිටල් ගෙවීම් පද්ධතිය භාවිතා කිරීම ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා කළ යුතු දේ ගැන අපි පැහැදිලිව තේරුම් ගෙන තිබෙනවා. ඒවගේම ඔවුන්ට බැංකු පද්ධති වෙත ප්‍රවේශය ලබා දීම සහ ඔවුන්ට වර්ධනය වීමට උපකාර කිරීම සඳහා විශාලතම වෙළඳ ජාලය අප සතු වීම ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.

මෙම පියවර මගින් ව්‍යාපාර වර්ධනය කරගැනීමට අවස්ථා නිර්මාණය කරනවා පමණක් නොව මුදල් ඉතිරි කිරීමට ද උපකාරී වනවා. විශේෂයෙන් ආරම්භයේ දී මෙය සමඟ සම්බන්ධ වීමට සිදුවන පිරිවැය නිසා සමහර වෙළෙන්දන්ට මේ ගැන අවිනිශ්චිතතාවක් ඇති විය හැකියි. නමුත් අපට අවශ්‍ය වන්නේ ඔවුන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කර මෙම වේදිකාව කොතරම් වටිනවාද යන්න පෙන්වීමටයි.” යනුවෙනි.

LankaPay මගින් බලගැන්වුණු සහ LankaQR ජාලයට සම්බන්ධ හැටන් නැෂනල් බැංකුව හා සම්බන්ධ වෙළෙන්ඳෙකු ලෙස ඔබට විවිධ යෙදවුම් (apps) ගණනාවකින් QR ගෙවීම් පිළිගත හැකිය. මෙය HNB SOLO ඇතුළුව විවිධ බැංකු සහ fintech යෙදවුම් 30 කින් ගෙවීම් පිළිගැනීමට HNB හා සම්බන්ධ වෙළෙන්දන් 30,000 කට වැඩි පිරිසකට උපකාරී වේ. MDR ගාස්තු ඉවත් කිරීමෙන්, සියලුම වෙළෙන්ඳන් අතර ඩිජිටල් ගෙවීම් භාවිතය ඉහළ නැංවීමට HNB අරමුණු කරයි.

“ඩිජිටල් ගෙවීම් දැනටමත් බහුලව භාවිතා වන බැවින් ඒවා ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්. මහ බැංකුව ලෙස, අපි මෙවැනි මුලපිරීම් සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ රට ඉදිරියට ගෙන යාමට මෙය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන නිසා එය හා සම්බන්ධ වීමට අපි සියලුම බැංකු දිරිමත් කරනවා.” යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පැවසීය.

වෙළඳුන්ට දැන් Static සහ Dynamic QR කේත භාවිතයෙන් ක්ෂණික පියවීම්, වැඩිදියුණු කළ ආරක්ෂාව සහ ගෙවීම් භාර ගැනීමේදී කිසිදු අමතර ගාස්තුවක් ගෙවීමකින් තොරව ගෙවීම් ලබා ගත හැකිය. මෙහිදී රු. 10,000 ට අඩු LankaQR ගනුදෙනු සඳහා පමණක් කිසිදු ගාස්තුවක් අය නොකරනු ලබන අතර රු. 10,000 ට වඩා වැඩි ගනුදෙනු සඳහා සම්මත MDR ගාස්තු අය කරනු ඇත.

ව්‍යාපාර විසින් වට්ටම් සහ ප්‍රවර්ධන ක්‍රියාත්මක මෙම කාර්යබහුල අලුත් අවුරුදු උත්සව සමයේදී මෙම මුලපිරීම හරහා වෙළඳුන්ට සහාය වීම HNB හි අරමුණයි. MDR ඉවත් කිරීම මඟින් පිරිවැය අඩු වන අතර මෙම උත්සව සමයේදී වෙළඳුන්ට තම ඉපැයීම් වැඩි කරගත හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..