Wednesday, June 11, 2025
HomeBiz Newsඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි..

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි..

ඇමරිකා එක්සත් ජනපද පාලනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වෙනස් ආකාරයේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය අප්‍රසාදය පල කර සිටියි. එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇති නව ගාස්තු මෙරට විශාලතම අපනයන අංශයේ කඩාවැටීමකට හේතු වන අතර රැකියා දහස් ගණනක්ද අවදානමට ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 2 වන දින ප්‍රකාශයට පත් කළ ආනයන සඳහා වන 10%ක මූලික තීරුබදු අප්‍රේල් 5 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44%ක වෙනස් ආකාරයේ තීරුබද්දක් පනවා ඇති අතර එය අප්‍රේල් 9 වන දින සිට ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “අපගේ කලාපයේ තරඟකාරී රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු මට්ටම ඉතා විශාලයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට වඩා අඩුවෙන් තීරු බදු අය කරන රටවල් ඉතා ඉක්මණින් එක්සත් ජනපද වෙළෙඳපොල වෙත පිවිසෙන ආකාරය ඉදිරියේදී දැක ගත හැකියි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන සිදු කරන විශාලතම තනි රට වන්නේ එක්සත් ජනපදයයි. ඊට සමස්ත අපනයනවලින් 40%කට වැඩි ප්‍රමාණයක් අයත් වන අතර 2023 වසරේදී පමණක් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ඉක්මවා ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝරන්ස් මහතා “මෙම තීරුබදු හේතුවෙන් ඉක්මන් හා දරුණු ආකාරයේ බලපෑමක් මෙරට අපනයනයන් වෙත ඇති විය හැකියි. ඒ නිසා ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළෙඳපොල සඳහා සිදු කරන අපනයනවලින් වැඩි ප්‍රමාණයක් තරඟකාරී වෙළෙඳපොල වෙත සංක්‍රමණය වන අයුරු අපට දැකගත හැකියි. එහෙත් එක්සත් ජනපදයේ අප අත්පත් කරගෙන තිබූ වෙළෙඳපොල ප්‍රමාණය වෙනත් වෙළෙඳපොල තුළින් අත්කර ගැනීමට නොහැකි වේවි.” යනුවෙන් පැවසීය.

මෙම තත්වය සඳහා ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් කර්මාන්ත සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත.

“මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට රජය ගෙන ඇති ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඉතා අගය කරනවා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ සීමාවන් තුළ රැඳී සිටින අතර එක්සත් ජනපද රජය විසින් ඇති කරන ලද ගැටලුවලට අපට වඩාත් ගැලපෙන විසඳුම් ලබා දිය හැක්කේ කෙසේදැයි බැලීමට අදාල බලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් සිටිනවා” යනුවෙන්ද ලෝරන්ස් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

මෙම අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය විනිවිදභාවය, සදාචාරාත්මක නිෂ්පාදනය හා තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සඳහා කැපවී කටයුතු කරයි.

අවසාන වශයෙන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “දැන් කර්මාන්තයේ නියැලීම, ක්‍රියාශීලී බව හා විශ්වාසවන්ත අමුද්‍රව්‍ය යොදා ගැනීම සහතික කිරීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබෙනවා.  එහෙත් ඉතා බරපතල තත්වයක් වන මෙය හදිසි ජාතික ගැටලුවක් ලෙස සලකා කටයුතු කළ යුතුයි. ” යනුවෙනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments

otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..