Wednesday, June 11, 2025
HomeBiz Newsදක්ෂතාවය, අධිෂ්ඨානය හා TikTok සමඟින් ලෝක විවාහක රූ රැජිණ දක්වා ඉෂාදි අමන්දාගේ...

දක්ෂතාවය, අධිෂ්ඨානය හා TikTok සමඟින් ලෝක විවාහක රූ රැජිණ දක්වා ඉෂාදි අමන්දාගේ ගමන..

කාන්තාවන් සතු අසමසම ශක්තිය, අධිෂ්ඨානය හා හැකියාව පිළිබඳ යළි යළිත් කතා කිරීම වැදගත් වන්නේ ලෝකයේ බොහෝ තැන්හිදී ඔවුන් අත්පත් කරගනිමින් සිටින ජයග්‍රහණයන් නිසාය. ඉෂාදි අමන්දාද එවන් ජයග්‍රාහිකාවක් ලෙස කාන්තාවකගේ දක්ෂතාව, අධිෂ්ඨානය ලොවටම ප්‍රදර්ශනය කර හමාරය. වත්මන් ඩිජිටල් යුගය තුළ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් සියලු කාන්තාවන් දිරි ගන්වන්නට සමත්ව ඇති ඇය සමාජ මාධ්‍යයන් තුළ ඇති හුදු විනෝදාස්වාදයන්ගෙන් ඔබ්බට යමින් විවිධ ක්‍රමයන් ඔස්සේ කාන්තාවන් සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරන්නියකි. 141.5K ක අනුගාමික පදනමක් සමඟින් මිලියන 2.7ක ආකර්ෂණය හිමිකරගෙන ඇති ඇය මවක් ලෙස ඒ තුළ තමන්ගේ පණිවිඩය සුවහසක් කාන්තාවන් වෙත ගෙන යාමට සමත් වූවාය. අවසානයේ ඇය ලෝක විවාහක රූ රැජිණ තරඟයේ පළමු අනුශූරිය බවට පත් වෙමින් සිය හැකියාවන් මනාව ප්‍රදර්ශනය කිරීමටද සමත් වූවාය.

මේ ජයග්‍රහණය සඳහා වූ ඇයගේ ගමන කාන්තාවන්ගේ ශක්තිය, විශ්වාසය, අව්‍යාජත්වය හා ආදරය පිළිබඳ කදිම සාක්ෂියකි. TikTok වීඩියෝවල සිට ලෝක විවාහක රූ රැජිණ තේරීමේ වේදිකාව දක්වා වන ඇයගේ සුවිශේෂීත්වය පුද්ගලිකත්වයට මෙන්ම අනෙක් කාන්තාවන් සවිබල ගැන්වීමටද සුවිසල් බලපෑමක් ඇති කරයි.

“විවාහක රූ රැජිණ තරගාවලියට තරඟ කිරීම ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අත්දැකීමක්. එහි විශේෂත්වය වන්නේ මා සමඟ එකට සිටි මිතුරිය සමඟ ඇති කරගත් බැඳීමයි. අප දෙදෙනාම එක්ව සාර්ථකත්වය අත්කර ගැනීමෙන් සාර්ථකත්වය යනු තනි පුද්ගල ජයග්‍රහණයක් නොවන බව ඔප්පු කරනවා. අපි අතර තරඟයක් නොතිබුණ අතර තිබුණේ සතුට සහ අන්‍යෝන්‍ය සහයෝගය පමණයි” ඉෂාදි පවසයි.

“මා අනුශූරිය බවට පත්වන විට ඇය කිරුළ පළඳිනු දැකීම මම සිතුවේ අප දෙදෙනාගේම ජයග්‍රහණයක් ලෙසයි. එය කාන්තාවන් එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කරන විට සියලු දෙනා ජයග්‍රහණය කරන බවට සුන්දර මතකයක් බවට පත් වුණා” ඇය වැඩිදුරටත් පැවසුවාය-

සවිබල ගැන්වීමේ TikTok හි හැකියාව

විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීමට පෙර සිටම TikTok හි ක්‍රියාකාරිනියක වූ ඇය තමන්ගේ අදහස් ඒ තුළ බෙදාහදා ගත්තාය. වීඩියෝවලින් ඔබ්බට යන ඉෂාදිගේ TikTok සමඟ වන සම්බන්ධතාව සවිබල ගැන්වීම හා අර්ථවත් සබඳතාවන්හි සුවිශේෂී අවස්ථාවක් වේ. ඇය පවසන්නේ TikTok යනු හුදු විනෝදාස්වාදය සඳහාම පමණක් නොව සම්බන්ධතා ගොඩනගා ගැනීමට හා ආශ්වාසයක් ලබා දීමට කදිම වේදිකාවක් බවයි. තමන්ගේ කතාව අන් අය සමඟ බෙදාහදා ගනිමින් විශ්වාසය යනු පරිපූර්ණත්වය නොවන බව පෙන්වා දීමට TikTok භාවිත කරන ඇය ඒ තුලින් ඕනෑම කාන්තාවකට අභියෝග ජයගැනීමේ හැකියාවක් ඇති බව පෙන්වා දෙයි.

ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් විශ්වාසනීය ශක්තියක් දෙනා අතර ජනප්‍රිය චරිතයක් ලෙස ඉෂාදි සිය අනුගාමිකයින් වෙත ලබා දෙන පණිවිඩය නම් සාර්ථකත්වය පහසුවෙන් තමන් වෙත නොපැමිණෙන බවයි. එය පැමිණෙන්නේ අඩුපාඩු, ශක්තීන් වැනි සියලු දේ තුලින් බව ඇය පෙන්වා දෙයි.

කාන්තාවක, මවක් ලෙස පමණක් නොව බොහෝ දෙනා අනුගමනය කරන චරිතයක් ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුලින් හා අභියෝගයන්ට නොසැලී මුහුණ දීම තුලින් ඕනෑම දෙයක් ලබා ගැනීමට හැකි බව පෙන්වා දෙන ඇය බලගැන්වීම යනු වේදිකාවක් තිබීම පමණක් නොවන බවද සඳහන් කරයි.

සිය සුන්දරත්වය හා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අභිමානය

කාන්තාවක් හෝ මවක් ලෙස සංස්කෘතික බාධාවන් හමුවේ නොසැලෙමින් තම සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් කැප වූ ඉෂාදි සෑම විටම යල් පැන ගිය සමාජ මතයන් ඉවතලමින් එම සිහින සැබෑ කර ගැනීමට කටයුතු කළාය. ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමත් ඉන් සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කර ගැනීමත් එම අධිෂ්ඨාශීලී ගමනේ ඇය අත්කරගත් ජයග්‍රහණයන්ය. ඒ සියලු දේ තුලින් ඇය පෙන්වා දුන්නේ මවක් වීම නිසා කිසි විටෙක තමන්ගේ හැකියාවන් සීමා කරගනිමින් බලාපොරොත්තු පසෙක දැමීමට කිසිවකු කටයුතු නොකළ යුතු බවයි.

ඒකාකාරී සමාජ ආකෘති වෙත අභියෝග කිරීමට TikTok වේදිකාව භාවිත කළ ඉෂාදි තමන්ගේ ජීවිත කතාව පමණක් නොවන අදහස් බෙදහදා ගැනීමට මෙන්ම ලොව පුරා කතුන් වෙත රූපලාවන්‍ය පිළිබඳ වෙනස් අහසක් ඉදිරිපත් කිරීමට ඇය කටයුතු කළාය. කාන්තාවන්ට රූපලාවන්‍ය භාවිත කරමින් ඔවුන්ගේ සැබෑ සුන්දරත්වය අත්විඳීමට දිරි ගැන්වූ ඉෂාදි සෑම විටම සිය අනුගාමිකයින් හේතුවෙන් තමන්ගේ සාර්ථකත්වය ගොඩනැගුණු බවට විශ්වාස කරමින් ඔවුන්ට ස්තුතිය කරයි.

ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇගේ නියෝජනය පුද්ගලික නියෝජනයක් නොවීය. ඇය නියෝජනය කළේ ශ්‍රී ලංකාවයි. “එම වේදිකාව මා නියෝජනය කිරීම පමණක් නොව මගේ රට, මගේ සංස්කෘතිය සහ ලොව පුරා කාන්තාවන්ගේ ශක්තිය නියෝජනය කිරීමක් බව මම දැනගෙන සිටියා” ඇය පවසයි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉෂාදිගේ ගමන නිර්මාණය වී අවසන්ය. ඒ වෙනුවෙන් අන්තර්ජාලය හරහා ස්වයං ආරක්ෂණ හා විශ්වාසය ප්‍රවර්ධනය කරන දේශන, වැඩමුළු හා කතා බහ සිය අනුගාමිකයින් අතරට ගෙන යාමට ඇය සූදානමින් සිටියි. එහිදී ඇය විශේෂයෙන් තරුණ කාන්තාවන්ට එල්ල වන සයිබර් හිරිහැර වැනි දේ පිළිබඳව අවධානය යොමු කරමින් සමාජ මාධ්‍ය වගකීමෙන් යුතුව භාවිත කිරීම පිළිබඳව දැනුවත් කිරීමට TikTok Sri Lanka සමඟ එක්ව කටයුතු කිරීමටද බලාපෙරොත්තු වෙයි. සමාජ මාධ්‍ය තුළ කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව සිය අදහස් ප්‍රකාශ කිරීමේ ආරක්ෂිත හා ධනාත්මක පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඇය පෙන්වා දෙයි.

“මෙය ආරම්භයක් පමණයි. මගේ බලපෑම සමාජ මාධ්‍යයෙන් ඔබ්බට ගෙන යාමට මට අවශ්‍යයයි. ඒ තුලින් ආත්ම විශ්වාසය, අභිමානය, ආරක්ෂාව ඉහළ නංවන දේශන, වැඩමුලු තුළින් කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ගේ සුන්දරත්වය හා ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව උදා කර දීමට මම කටයුතු කරනවා” ඇය අවසාන වශයෙන් පවසා සිටියේ එලෙසිනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments

otdyh_suhum_xrEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
narkolog_na_dom_ztpi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Poverka_szPl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..