Friday, June 6, 2025
HomeBiz NewsMAS, 2024 Eco Go Beyond සම්මාන උළෙලේදී නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ...

MAS, 2024 Eco Go Beyond සම්මාන උළෙලේදී නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි..

ලොව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් තාක්ෂණ සමාගමක් වන MAS Holdings තිරසාර අධ්‍යාපනය සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් අවධාරණය කරමින් Eco Go Beyond සම්මාන උළෙල 2024 පසුගියදා තුල්හිරිය MAS Athena හි පවත්වන ලදී.

තිරසාරභාවය සඳහා තරුණ නායකයින් විසින් කරන ලද විශිෂ්ට කාර්යයන් ඇගයීම මෙම උත්සවයේ අරමුණ විය. ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ (IWMI) සම්මානිත විද්‍යාඥවරියක් සහ GEF කුඩා පරිමාණ ආධාර වැඩසටහනේ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපතිනිය වන ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ MAS හි ජ්‍යෙෂ්ඨ නායකයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.

පාසල් සිසුන් විසින් ක්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගයීම සහ පාසල් සිසුන් විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති මඟින් සිදු කළ සමාජ සහ පාරිසරික බලපෑම ප්‍රදර්ශනය කිරීම මෙම උත්සවයේ අරමුණ විය. මීට පෙර වසරක් පුරා ඒ වෙනුවෙන් වැඩමුළු, පුහුණු වැඩසටහන් හා සිසු සිසුවියන්ගේ ව්‍යාපෘති වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර මෙම වැඩසටහන තුළින් සමරනු ලැබුවේ එහි උච්චතම අවස්ථාවයි.

MAS Holdings විසින් මීට වසර 18කට පෙර ආරම්භ කරන ලද Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහනෙහි අරමුණ වූයේ තිරසර සංවර්ධන සංකල්ප පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කරමින් එම තරුණ පිරිස් සඳහා එම සංකල්ප ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමයි. කුඩා වැඩසටහනක් ලෙස ආරම්භ වූ එය දැන් ශ්‍රී ලංකාව පුරා පාසල් 149 ක් දක්වා වර්ධනය වී ඇති අතර සිසුන් 177,000 කට වැඩි සංඛ්‍යාවක් සවිබල ගන්වා ඇත. මෙම වැඩසටහන පරිවර්තනයක් වෙනුවෙන් වන MAS හි දැක්ම (MAS Plan for Change) අනුව යමින් පරිසරය ගැන සැලකිලිමත් වන නව පරපුරේ සිසු සිසුවියන් බිහි කිරීම අරමුණු කරයි.

මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ MAS Holdings හි සමූහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂිකා නිමන්ති කූරගමගේ මහත්මිය තිරසර සංවර්ධන සංකල්ප පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. “අද අපි ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ විශේෂයෙන් තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ සිසුන් සමරනු ලබනවා. පසුගිය වසර තුළ, ජනතාවට අහිතකර දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට සිදු වුණා- දේශගුණික විපර්යාස අයහපත් වන විට අපි ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. Eco Go Beyond වැඩසටහන වෙනසක් නිර්මාණය කිරීමට කැමති තරුණ තරුණියන්ට ප්‍රායෝගික, සැබෑ ජීවිතයේ විසඳුම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් ලබා දෙනවා. මෙම විසඳුම් දේශගුණික විපර්යාස නිසා ඇතිවන ගැටලුවලට මුහුණ දීමට සහ ඒවා අවම කිරීමට ඔවුන්ට උපකාරී වේවි.” යනුවෙන් ඇය පැවසුවාය.

නිර්මාණාත්මක හැකියාවන් ඇති නව පරපුර හඳුනා ගැනීම

පරිසරය ආරක්ෂා කිරීම, නැවත වන වගාව සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා මෙම වසරේ ජයග්‍රාහකයින් සිදු කරන ලද නිර්මාණාත්මක කටයුතු මෙහිදී ඇගයීමට ලක් විය. උඩුව කනිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී.එම්. රශ්මිලා ලසන්ගි ශිෂ්‍යාවගේ ව්‍යාපෘතිය මෙහිදී ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. ඇය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ 72 ක් හඳුනාගෙන පාසල් සංරක්ෂණ ප්‍රදේශයක දුර්ලභ ශාක 190 ක් සිටුවා, ප්‍රජාව සමඟ ශාක පිළිබඳ තොරතුරු බෙදා ගැනීම සඳහා QR පද්ධතියක් නිර්මාණය කළාය. ඇගේ ව්‍යාපෘතිය ඇගේ පාසලට පමණක් සීමා නොවූ අතර තම ප්‍රදේශයේ ගස් 20,010 ක් නැවත සිටුවීමට සහ ආක්‍රමණශීලී ශාක 2,975 ක් ඉවත් කිරීමට ද ඇය කටයුතු කළාය.

බෙල්ලන ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හෂින් ලක්ෂාන් මෙහි දෙවන ස්ථානය දිනා ගත්තේය. පාහියන්ගල ගල් ගුහාව අසල හානියට පත් භූමිය ප්‍රතිසංස්කරණය කිරීමටත් ගල්ගමුව ප්‍රදේශයේ අලි-දුම්රිය අනතුරු වැළැක්වීමටත් ඔහු කටයුතු කළේය. මීට අමතරව ඔහුගේ ව්‍යාපෘතිය හරහා මගුරු ගඟ දිගේ ගං ඉවුරු ඛාදනය වැළැක්වීමට ගස් රෝපණය කළ අතර රතු දත්ත පොතේ සඳහන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක වගා කිරීමට පටක වගා තාක්ෂණය භාවිතා කළේය. ඔහුගේ නායකත්වය සහ උත්සාහය හේතුවෙන් ගස් 45,000 ක් රෝපණය කරන ලද අතර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වෙසක් ඕකිඩ් ආරක්ෂා කිරීමට පියවර ගත්තේය.

ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අසිඳු නවෝද්‍ය කල්පිටියේ කඩොලාන පැළ 10,000 ක් ඇතුළුව ගස් 76,629 ක් රෝපණය කරමින් සාගරය සහ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම කෙරෙහි ඔහුගේ කැපවීම පෙන්නුම් කළේය. ඔහු තිරසාර ගොවිතැන පිළිබඳව ප්‍රජාවට ඉගැන්වීම සඳහා පරිසර හිතකාමී පාසල් උද්‍යාන ද නිර්මාණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ MAS Holdings හි සමාජ තිරසාරත්ව ප්‍රධානී අමන්ති පෙරේරා මහත්මිය පැවසුවේ “Eco Go Beyond වැඩසටහන මඟින් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව දිගුකාලීන වෙනසක් ඇති කළ හැකි ආකාරය පෙන්නුම් කරනවා. මෙම වසරේදී අපි UNESCO සමඟ එක්ව කටයුතු කරමින්, දිවයින පුරා පාසල් සඳහා UNESCO හි හරිත පාසල් තත්ත්ව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් මෙම වැඩසටහන තවත් ශක්තිමත් කිරීමට කැපවනවා. එමෙන්ම මෙරට අප සතුව ඇති දැනුම සහ අත්දැකීම් සමඟ ගෝලීය හොඳම ක්‍රමවේද ඒකාබද්ධ කිරීමෙන්, සෑම පාසලකටම දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට සම්බන්ධ වීමට හැකි බව සහතික කරමින් තිරසාර අධ්‍යාපනය සඳහා ශක්තිමත් මාර්ගයක් අපි ගොඩනඟමින් සිටිනවා.” යනුවෙනි.

MAS Holdings සහ එහි හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව Eco Go Beyond වැඩසටහන නව පරපුරේ තරුණ නායකයින් බිහිකිරීම අඛණ්ව සිදු කරගෙන යයි. මෙම සිසුන් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට පමණක් නොව නව අදහස් සහ වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට ඔවුන්ගේ ප්‍රජාවන් සමඟ කටයුතු කරනු ලබන නව තරුණ පරපුරක් සංවර්ධනය කිරීමට උපකාරී වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..