Friday, June 6, 2025
HomeBiz Newsප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තරවෙළෙඳ නාම සමඟ,ශ්‍රී ලංකාව 2025 Global Franchise Forum සඳහා සූදානම්...

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තරවෙළෙඳ නාම සමඟ,ශ්‍රී ලංකාව 2025 Global Franchise Forum සඳහා සූදානම් වෙයි..

The Global Franchise Forum (GFF) 2025 හි ශ්‍රී ලාංකේය සමුළුව අප්‍රේල් 27 වැනි දින කොළඹ ෂෙරටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ. මෙම  ප්‍රමුඛපෙළේ සමුළුව, ප්‍රධාන ගෝලීය වෙළඳ සන්නාම, ආයෝජකයන් සහ ව්‍යවසායකයන් එකට එක් කරමින්, ඔවුන්ට සීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළ ව්‍යාප්ති අවස්ථා ගවේෂණය කිරීමට අවස්ථාව සලසා දෙයි.

මෙම සමුළුව සඳහා ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI), ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC), කොළඹ වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) වැනි ප්‍රමුඛ සංවිධානවල සහයෝගීතාවද හිමිව තිබේ. ඔවුන්ගේ සහයෝගීතාව, කලාපය තුළ ජාත්‍යන්තර ප්‍රචාරණ ව්‍යාප්තිය සහ ආර්ථික සංවර්ධනය තහවුරු කිරීමේ දී මෙම වැඩසටහනේ ඇති වැදගත්කම අවධාරණය කරයි.

මෙහිදී වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්, ජාත්‍යන්තර වෙළඳ නාම සඳහා ඉහළ යන ඉල්ලුමක් සහිත පුළුල් වන පාරිභෝගික වෙළඳපොළක් සහ ආයෝජක හිතකාමී ප්‍රතිපත්ති සමගින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවට උපායමාර්ගික දොරටුවක් විවෘතකර දෙයි. ආගන්තුක සත්කාර, වෙළෙදාම, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි මෙරට සමෘද්ධිමත් අංශ, ගෝලීය ප්‍රචාරණය සඳහා නව අවස්ථා සොයන්නන් සඳහා සාරවත් පසුබිමක්  සපයා දෙයි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමට අපේක්ෂිත ගෝලීය වෙළඳ සන්නාම ඇතුළත් සුවිශේෂී ප්‍රදර්ශනයක්, සන්නාම හිමිකරුවන් සහ ආයෝජකයින් සමඟ පුද්ගලික ව්‍යාපාර සාකච්ඡා,  ප්‍රචාරණ විශේෂඥයින් විසින් පවත්වන ක්ෂේත්‍රය සම්බන්ධ අතිශය වැදගත් සාකච්ඡා ඇතුළු සුවිශේෂී අවස්ථා රැසක් සඳහා එක්වීමට සමුළුවට සහභාගීවන්නන්ට මෙහිදී අවස්ථාව හිමිවේ.  මීට අමතරව ඉහළපෙළේ ආයෝජකයන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාර ප්‍රමුඛයන් සමග සබඳතා ගොඩනගා ගැනීමේ අසමසම අවස්ථාව මෙම සමුළුව මගින් හිමිකර දෙන අතර, එමෙන්ම ප්‍රචාරණ ව්‍යාප්ති උපායමාර්ග කෙරෙහි වැඩි වශයෙන් අවධාරණය යොමු කළ සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා සහභාගී වීමේ අවස්ථාව ද අතිශයින් සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. ප්‍රචාරණ කර්මාන්තයේ  විශිෂ්ටයන් අගයමින් සම්මාන රාත්‍රියක් ද සමුළුව අවසානයේ පැවැත්වීමට නියමිතය.

සමුළුව පිළිබඳ අදහස් දක්වමින් Franchise ඉන්දියා සමූහයේ සභාපති, ගෞරව් මර්යා මහතා පැවසුවේ, ”ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන The Global Franchise Forum (GFF), ව්‍යවසායකයින්, ආයෝජකයින්, ප්‍රචාරණ විශිෂ්ටයන්, ව්‍යාප්තිය අපේක්ෂාකරන ව්‍යාපාර හිමිකරුවන්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ ව්‍යාපාර අංශයේ තීරණ ගන්නන් අනිවාර්යයෙන් සහභාගී වියයුතු වැඩසටහනක් ලෙස දැක්විය හැකියි. එය ගෝලීය වෙළඳ සන්නාම, දේශීය හවුල්කරුවන් සමඟ සම්බන්ධ කිරීම සඳහාත්, සීඝ්‍ර වර්ධනයක්  සහිත කලාපවලට බාධාවකින් තොරව ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා වන ඵලදායී සම්බන්ධතා නිර්මාණය කිරීම සඳහාත් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.”

”ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවන සලකුණු පෙන්වමින් සිටින අතර, මහබැංකුව, 2025 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන අනුපාතය 3.3% ලෙස පෙන්වයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කට වඩා සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගත් අතර එය ආයෝජකයින් තුළ ඇති විශ්වාසයේ සැලකිය යුතු ඉහළ යාමක් සනිටුහන් කළේය. දියුණුවන මධ්‍යම පන්තිය සහ වැඩිවන නාගරීකරණය මගින් ශක්තිමත් කරන ලද ප්‍රධාන අංශ අඛණ්ඩ වර්ධනයක්  පෙන්නුම් කරමින් තිබේ.” යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ප්‍රචාරණකරුවන්, ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් සමඟ සම්බන්ධ කිරීම මගින්, මෙම සමුළුව රැකියා අවස්ථා නිර්මාණය කරදීම, දැනුම හුවමාරු කරගැනීම, ව්‍යාපාර නවෝත්පාදනය උත්ප්‍රේරණය වැනි තිරසර, දීර්ඝකාලීන හවුල්කාරීත්වයන් ගොඩනැඟීම කෙරෙහි ඉවහල් වෙයි. ප්‍රචාරණ සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම The Global Franchise Forum (GFF) හි කැපවීම, සෘජු විදේශීය ආයෝජන (FDI) ආකර්ෂණයකර ගැනීමේ සහ දකුණු ආසියාතික කලාපයේ තරඟකාරී හා ගතික ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් ලෙස රට  ස්ථානගත කිරීමේ  ශ්‍රී ලාංකේය  පුළුල් ජාතික දැක්ම සමඟ කිසිදු බාධාවකින් තොරව සමපාත වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments

datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..