Sunday, February 5, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්DIMO සමාගම රුහුණු විශ්ව විද්‍යාලය සමඟ එක්ව කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ...

DIMO සමාගම රුහුණු විශ්ව විද්‍යාලය සමඟ එක්ව කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් සදහා අත්වැල් බැඳගනී

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම,කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි කර්ම පීඨය සමඟ සහයෝගීතාවකට එළඹුණි.

DIMO සමාගමේ අරමුණ වන්නේ ශ්‍රීලංකාවේ කෘෂි කාර්මික යාන්ත්‍රිකකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට කෘෂි කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ට තාක්ෂණික දැනුම ලබාදීම සදහා පහසුකම් සැලසීමයි.  කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීම හා අනුවර්තනය කිරීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කරන අතර, කෘෂි කාර්මික අංශයේ උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක්යින්ගේ පර්යේෂණ අවශ්‍යතා සඳහා ද පහසුකම් සලසයි.

DIMO සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “කෘෂි කාර්මික ක්ෂේත්‍රය සදහා නවීන තාක්ෂණය හඳුන්වාදීම අතින් DIMO සමාගම ඉදිරියෙන්ම සිටින බවයි.  ඕනෑම ක්ෂේත්‍රයක දියුණුව සඳහා කර්මාන්ත අංශය,විශ්ව විද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.මෙම වැඩසටහන ඒ සදහා හොද උදාහරණයක්.ශ්‍රීලංකාවේ ගොවි ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම සඳහා අපි සැමවිටම කැපවෙනවා.මෙම සහයෝගීතාව තුළින් දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ DIMO සමාගම ගොඩනඟාගත් සහයොගීතාව, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සඳහා ශක්තිය ලබා දෙන අතර, යන්ත්‍රෝපකරණ ආශ්‍රිත නවෝත්පාදන අලෙවියට සහ පේටන්ට් බලපත්‍රය ප්‍රවර්ධනයටද අවස්ථාව උදාකර දෙයි.  කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීමට සහ උපාධි අපේක්ෂකයින් වෙත ප්‍රායෝගික පුහුණුව ලබා දීමටද මෙම සහයෝගීතාව මගින් පහසුකම් සලසයි.ඊට අමතරව කෘෂි කර්මාන්තයට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයේ දැනුම බෙදාහැරීම සඳහා සන්නිවේදන ක්‍රමවේද සැකසීමටද මෙම සහයෝගීතාව පහසුකම් සපයයි.

එමෙන් ම මෙම සහයෝගීතාව මගින් උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයින් වෙත කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ ආශ්‍රිත පුහුණුව ලබා දීම වෙනුවෙන් ද ඉතා සිවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අතර,මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ කාර්මික කුසලතා වර්ධනය කිරීම සඳහා කාර්මික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. කෘෂි කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, ගොවියන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මෙම වැඩසටහන් හරහා නවතම කෘෂි කාර්මික තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීමටද DIMO සමාගම කටයුතු කරයි.

මෙම සහයෝගීතාව යටතේ අවශ්‍ය යන්ත්‍රෝපකරණ, පර්යේෂණ කටයුතු සදහා අවශ්‍ය සම්පත් DIMO සමාගම ලබාදෙයි.එමෙන් ම මෙම වැඩසටහන සඳහා රුහුණු විශ්ව විද්‍යාලය සිය විශේෂඥතාව, දැනුම සහ සම්පත්දායකත්වය ලබාදෙයි.

කෘෂි කාර්මික යන්ත්‍රෝපකරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය වී පැල සිටවීමේ,වල් පැල ගලවන හා වියළන යන්ත්‍ර නිර්මාණය ආදී ක්ෂේත්‍ර ඔස්සේ උපාධි අපේක්ෂකයින් විසින් සිදුකෙරුණු පර්යේෂණ ව්‍යාපෘති කිහිපයකටම දැනටමත් සහාය ලබාදී ඇති අතර,එම නව නිපැයුම්වල මූලාකෘතිවල නිර්මාණ කටයුතු මේවන විට අවසන් වීඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments