Sunday, October 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්බ්‍රැන්ඩික්ස් උසස් පෙළ සිසුසිසුවියන්දිරිගැන්වීමට ‘මනුසත්කාර’විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත්කරයි

බ්‍රැන්ඩික්ස් උසස් පෙළ සිසුසිසුවියන්දිරිගැන්වීමට ‘මනුසත්කාර’විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත්කරයි

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.),උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වාදී තිබේ. ශ්‍රීලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන’ යනුවෙනි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන සිසුසිසුවියන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය පිටුබලය ලබාදීම මෙහි මූලික අරමුණ වී ඇත.

වැඩසටහනේ ප්‍රථම අදියරේදී, ‘බ්‍රැන්ඩික්ස් ආදර්ශගම්මාන’ වල වෙසෙන සිසු සිසුවියන් අතරින් උසස් පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ.ආදර්ශ ගම්මාන යනු    බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවල සිට කිලෝමීටර් 10ක දුර ප්‍රමාණයක් තුළ වෙසෙන ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නංවන ලද විශේෂ වැඩසටහනකි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන, ශ්‍රීලංකාවේ රැකියා වෙළඳ පොළේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ දක්වා මෙම වැඩසටහන යටතේ සිසු සිසුවියන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමා ඇත. එම සිසු සිසුවියන් දැනටමත් පූර්ව පුහුණු වැඩසටහන් සහ ඉංග්‍රීසි භාෂා වැඩසටහන් සාර්ථක ලෙස අවසන් කර ඇති අතර, ඔවුන්ගේ විශ්ව විද්‍යාල දේශනද මේ වන විට සාමාන්‍ය සහ මාර්ගගත ක්‍රම යටතේ ආරම්භවී තිබේ. ශ්‍රීජයවර්ධනපුර, කොළඹ, කැළණිය, මොරටුව, රජරට, නැගෙනහිර, පේරාදෙණිය සහ වයඹ යන විශ්ව විද්‍යාල වල මෙම සිසු සිසුවියෝ ඉගෙනුම ලබති.

බ්‍රැන්ඩික්ස් මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රථම ශිෂ්‍යත්වය හිමිකරගැනීමට සමත් වූයේ කේ. අක්ෂිකා සිසුවියයි.කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලැබූ ඇයට 2021 වසරේදී මෙම ශිෂ්‍යත්වය හිමිවිය. 2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනා ගන්නා ලද්දේ ඇය විසිනි.

“බ්‍රැන්ඩික්ස් යනු සියලුම දෙනා වෙනුවෙන් පිබිදුණු විසඳුම් ලබාදීමට කැපවුණු ව්‍යාපාරයක්.එම අරමුණ ඔස්සේ, හුදෙක් ව්‍යාපාර කටයුතු වලින් ඔබ්බට යමින්, ජනතාවටත් පරිසරයටත් යහපත සැලසීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමට අප පියවර ගෙන තිබෙනවා. ‘Provide, Educate and Engage’ යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වන අපගේ සමාජ තිරසාරත්ව උත්සාහයන්ට සමගාමීව අප මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කළා. අභියෝග හමුවේ නොසැලී උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට ශ්‍රීලාංකික තරුණ පරපුරට අත්වැලක් වීම එහි අරමුණයි.” බ්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවාය.

“රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන සිසුසිසුවියන් අතරින් සැලකිය යුතු පිරිසකට තම උසස් අධ්‍යාපන කටයුතු වලදී විවිධාකාර ගැටලු වලට මුහුණ දීමට සිදුවනවා. මෙය ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් වලට සහ වෘත්තීය දියුණුවට දැඩි ලෙස බලපාන දෙයක්.දැනට පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ මෙම ගැටලු පෙරටත් වඩා බහුලව පවතින බව අපට පෙනී ගියා. මෙම සිසු සිදුවියන්ට බාධාවකින් තොරව උසස් අධ්‍යාපන කටයුතු වල නිරතවීමට අවස්ථාව සලසා දෙන මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙම වැඩසටහන ඔවුන්ට ඉමහත් සහනයක් වනු ඇතැයි කියා අප සිතනවා.” මාලිකා සමරවීර මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ ඉතා වගකීම් සහගත සමාගමක් වශයෙන්, පුද්ගලයන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යමින් පෞද්ගලික ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක්වීම සඳහා බ්‍රැන්ඩික්ස් හි සමාජ සත්කාර සහ මානව සම්පත් ක්‍රමෝපායන් තුළ වැදගත් තැනක් හිමිවේ.මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනය’ යන්නටද සමගාමී මෙහෙවරකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments