Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ජල මිලත් ඉහළට

ජල මිලත් ඉහළට

ජලය ලීටරයක් රුපියල් 20 කින් සහ බෝතල් කළ පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමීමට බෝතල් කළ පානීය ජල ව්‍යාපාරියෝ පියවර ගෙන තිබේ. එම මිල ඉහළ දැමීමත් සමඟ  ලීටරයේ ජල බෝතලයක් රුපියල් 70 ක් දක්වා ද,මිලිලීටර 500 ක ජල බෝතලයක් රුපියල් 50 ක් ඉහළ දමා තිබේ. ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 90 ක්, ලීටර 5 ක බෝතලයක් රුපියල් 200 ක් සහ ලීටර 7 ක බෝතලයක් රුපියල් 240 ක් දක්වා ඉහළ දමා තිබේ.

2018 වසරේ පනවා තිබූ උපරිම සිල්ල මිල අනුව මිලිලීටර 350 ක ජලය බෝතලයක් රුපියල් 26 ක්, මිලිලීටර 500 ක බෝතලයක් රුපියල් 35 ක්, මිලිලීටර 750 ක බෝතලයක් රුපියල් 40 ක් සහ ලීටරයේ බෝතලයක් රුපියල් 50 ක් ලෙස පැවැති අතර ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 70 ක්, ලීටර 5 ක සහ ලීටර 7 ක පානීය ජල බෝතලයක් පිළිවෙළින් රුපියල් 150 ක් සහ 170 ක් විය.

 

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments