Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්ප්‍රබලයින් දෙදෙනා අතර හමුවක්

ප්‍රබලයින් දෙදෙනා අතර හමුවක්

ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය.

සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබේ.

එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්තාව විය.

එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සඳහා එකඟතාවයට පැමිණි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

ඒ අනුව, දේශගුණික විපර්යාස, ගෝලීය සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැනි අන්තර්ජාතික අභියෝගවලට විසඳුම් සෙවීමටත් ණය සහන සහ සෞඛ්‍ය සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් අමෙරිකා සහ චීනය සහයෝගීව කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් පවසා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments