Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්

රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බවය.

ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගී වන පුද්ගලයින් අපරාධකරුවන් ලෙස සැලකීමට ත්‍රස්ත විරෝධී නීති භාවිත නොකළ යුතු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට පියවර ගත යුතු බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

මේ අතර රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොමිපඤ්ඤවීදිය පොලීසියට  අවසර ලබාදී තිබේ.

පසුගිය අගෝස්තු 19 වනදා සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් නම් කිරීමට අවසර ඉල්ලා සිටි පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලීසියට අවසර ලබාදුන් බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය. 

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments