Sunday, October 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්කෝටි 12ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් අත්අඩංගුවට

කෝටි 12ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් අත්අඩංගුවට

නෝර්වේ රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගෙන් රුපියල් කෝටි 12කට ආසන්න මුදලක් බැංකු ගිණුම් 23ක් හරහා ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ෂණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය – නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියන් අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන්නන්.

ව්‍යාපාරිකයෙකුව සිට මියගිය තම පියාගේ නමින් පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති රුපියල් කෝටි 100ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් නීතිමය වශයෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට බව පවසා මොවුන් අදාළ ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.

2021 වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුල වරින්වර නෝර්වේ රාජ්‍යයේ පදිංචි අදාළ ශ්‍රී ලාංකිකයාගෙන් රුපියල් කෝටි 12කට ආසන්න මුදල ලබාගෙන ඇති අතර එලෙස ලබාගත් මුදල් වලින් කොටසක් තවත් පුද්ගලයන්ගේ ගිණුම් වෙත යවා ඇති බව අනාවරණ වී තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments