හිටපු ලෝක පූජිත පාපන්දු තරුවක් වන බ්‍රසීල සුප්‍රකට ක්‍රීඩක පේලේගේ සිරුර ඉදිමීමකට ලක්ව ඔහුව සාඕ පවුලෝ නුවර රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවත් පිරිහුණු බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කරනවා.
පේලේගේ තත්වය ‘දුර්වල’ බව විස්තර කරන ඊඑස්පීඑන් බ්‍රසීල් වාර්තාවන්ට අනුව, දැනට මෙටාස්ටැටික් පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින පේලේ ව, බිරිඳ මාර්ෂියා අඕකොයි සහ රැකබලා ගන්නෙකු විසින් සඕ පවුලෝවල පිහිටි ඇල්බට් අයින්ස්ටයින් රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන පරිදි අයින්ස්ටයින් හි වෛද්‍ය කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ, ඇනසාර්කා සහ එඩිමිජමික් සින්ඩ්‍රෝම් තත්ත්වයන්ට පේලේ ගොදුරු ව ඇති බවයි.
රෝහල්ගත කර සිටින පේලේගේ මානසික තත්ත්වය ව්‍යාකූල භාවයට පෙරලී ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන අතර ඔහු ගොදුරුව සිටින පිළිකා තත්ත්වයට රසායනික චිකිත්සක ප්‍රතිකාර තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ද වාර්තාවල සඳහන් වනවා.
මෙටාස්ටැටික් පිළිකාව නිසා බලපා ඇති ඔහුගේ ඉන්ද්‍රියයන් සමඟ ඇති වූ ගැටළු පිළිබඳ වැඩිදුර තක්සේරුවක් සඳහා අද දින ඔහුව පරීක්ෂණ කිහිපයකට භාජනය කර තිබෙන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.