අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවන ඉතුරුම් විලාසිතා (Lifestyle Savings) යෙදවුම වන SLASH සමඟ අත්වැල් බැඳගනිමින් සිය SLASH සැළසුම් සේවා පාරිභෝගිකයන් වෙත වාර්ෂික සහ මාසිකව 20% ක සුවිශේෂී වට්ටමක් ලබා දීමට කයුතු යොදා ඇත. මේ සඳහා වන නිල ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම එම ආයතනික නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු වූ අතර, එමඟින් අමානා තකාෆුල් පාරිභෝගිකයින්හට එකකට එකක් ඉතුරුම් සහ ජීවන රටා කාණ්ඩ 8ක් ඔස්සේ වට්ටම්, 120 ඉක්ම වූ සේවා ස්ථාන සහ 300කට අධික ගනුදෙනු සහ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.
මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි අලෙවිකරණ සහ සන්නිවේදන අංශයේ ප්‍රධානී ෂමිල් අක්බාර් මහතා පැවසුවේ, “SLASH හි සම-නිර්මාතෘවරුන් අප හමුවී මේ යෙදවුම අප වෙත ඉදිරිපත් කරනවිට, අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් එක විදිහට අපට එය වැඩි නව්‍යතාවයක් තිබෙන, සිත් ඇදගන්නා සුළු සහ පාරිභෝගික හිතැති නිෂ්පාදනයක් බව අපට අවබෝධ වුනා. එමනිසා අපේ පාරිභෝගිකයින්ට මෙම සේවාව ලබාදීමේ පළමු ආයතනය බවට පත්වීමට අපට අවශ්‍ය වුුනා. ඒ වගේම අද වෙනකොට එය සාර්ථකත්වයට පත්ව තිබෙනවා. මීට අමතරව අමානා ඉන්ෂුවරන්ස් හි සියලුම කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයින්ට SLASH සැලැස්ම සක්‍රීය කිරීමේ පිරිවැයෙන් 20% ක වට්ටමක් ලබාදී ඔවුන්ට මේ අත්දැකීම ලබාගැනීමට ඉහළ සහයෝගයක් දැක්වීම වෙනුවෙන් SLASH කණ්ඩායම කළ කැපවීම මම මෙහිදී සතුටින් සිහිපත් කරනවා.”
SLASH හි සම-නිර්මාතෘන් වන Hussain සහ Tasneem Turabally මෙම සහයෝගිතාවය සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය. “අපට අවශ්‍ය වන්නේ මිනිසුන්ට වැඩිපුර ඉතිරි කර ගැනීමට, වැඩිපුර අත්දැකීම් ලබා ගැනීමට සහ වැඩියෙන් ජීවිතය අත්විඳීමට අවස්ථාව ලබාදීමටයි. මෙතනදී ජනතාවගේ මුදල් පසුම්බියට ගැළපෙන ආකාරයෙන් ජීවිතය විඳීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අප අවබෝධ කර ගත්තා. විශේෂයෙන් වසංගත තත්වයෙන් පසුව භාණ්ඩ මිල විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ජනතාවට ජිවිතය විඳීමට අවස්ථාව අහිමිවී තිබෙනවා. අපි මූලිකව කයුතු කළේ මේ තත්වය වෙනස් කරන්නයි. එම අදහස තමයි අපිට SLASH ආරම්භ කිරීම සඳහා මූලික වුනේ. අද වෙනකොට මේ අවකාශය ජනප්‍රියත්වයට පත්වෙමින් බොහෝ දෙනෙකුට තමන්ගේ සිහින ජීවිත රටාව ළඟාකාර ගැනීමට උපකාර වෙල තිබෙනවා. අමානා SLASH සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අප ඉතා සතුටු වෙනවා. මෙයින් අපගේ පාරිභෝගිකයින්ට සිය වාර්ෂික දායකත්වය ඉතිරි කර ගැනීමට අවස්ථාවක් හිමිවනවා. ඒ වගේම SLASH සඳහා වර්ෂයකට රුපියල් 5,000 ක් වැය කිරීමෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සියලුම ගනුදෙනු සහ දීමනා හරහා රුපියල් මිලියන 1.8 කට වඩා වටිනා ඉතිරි කිරීමේ අවස්ථාව ලැබීම අප ආඩම්බරයෙන් පවසන දෙයක්. ඇත්ටම මේක සමකල නොහැකි වටිනාකමක්! ”
පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන තකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා තකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා තකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.