මෙම වසර මුලදී MAS Holdings විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදි විවීම සහ නිම කිරීමේ ව්‍යාපාරයක් වන BAM Knitting Pvt Ltd හි වත්කම් අත්පත් කරගත් අතර මෑතකදී එම ව්‍යාපාරය TEXO Pvt’ Ltd ලෙස නම් කරන ලදී. තුල්හිරිය MAS Fabric Park තුළ පිහිටා ඇති TEXO ආයතනය තවත් පුළුල් කිරීම සඳහා 2022 නොවැම්බර් 4 වන දින පැවති උත්සවයකදී MAS Holdings හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් මුල්ගල තැබීය.


මෙම නව ව්‍යාපාරය හරහා කපු රෙදි සඳහා ගෙතුම්, සායම් සහ මුද්‍රණ පහසුකම් යන MAS හි හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරයි.
මෙම අත්පත් කර ගැනීම, සංකීර්ණ ඇඟලූම් නිෂ්පාදන සඳහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සමාගම සිය අමුද්‍රව්‍ය අවශ්‍යතාවයෙන් 50% ක් ලබා ගන්නා ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ MAS හි උපාය මාර්ගයන්හි තවත් කොටසකි. එහිදී MAS විසින් ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයා ලෙස සිය කිීර්ති නාමය තවදුරටත් තහවුරු කරයි. එමෙන්ම MAS රට තුළ සිය ධාරිතාව ප‍්‍රශස්ත කිරීමට සහ වර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.
දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech” start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.