Saturday, February 4, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්නිෆ්ටි (NFTI) ජාතික ප්‍රයත්නය හරහා තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්‍ෂේත්‍රයේ...

නිෆ්ටි (NFTI) ජාතික ප්‍රයත්නය හරහා තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්‍ෂේත්‍රයේ නව පිබිදීමකට දොරඟුළු විවරවේ….

කුසලතා පූර්ණ ශ්‍රම බලකායට නව රැකියා අවස්ථාවන් හදුනා ගත හැකි National Future Talent Initiative -නිෆ්ට් (NFTI) ජාතික වැඩසටහන පසුගියදා කොළඹදී එළි දැක්විය. වර්තමාන ලෝකය තුළ තොරතුරු තාක්ෂණ (IT) හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) ආදී දැනුම මත පදනම් වූ කර්මාන්ත තුළ රැකියාවන් සඳහා වෘත්තීයන්ට විශාල ඉල්ලුමක් පවතී. ගෝලීය වශයෙන් පවතින අනෙකුත් වෘත්තීන් හා සැසදීමේදී IT හා BPM ක්‍ෂේත්‍රයන් තුළ ප්‍රතිලාබ හා වරප්‍රසාද සාපේක්ෂව ඉහළ අගයක පවතී.

නොබෝදා සිදුකරන ලද IMF වාර්තාවකට අනුව තාකෂණික සේවකයින්ගේ ගෝලියව මිලියන 85 කට අධික හිඟයක් 2030 වසර වන විට ඇති වනු ඇතැයි පුරෝකාතනය කර ඇත. ඒ හේතුවෙන් ගෝලීයව ක්‍ෂේත්‍රයට අහිමි වන වාර්ශික ආදායම ඩොලර් ටි්‍රලියන 8.5 ක් ලෙස ගණන් බලා ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ IT හා BPM යන අංශ නියෝජනය කරන සමාගම් 600 කට වැඩි ප්‍රමාණයක් පිහිටා ඇති අතර මෙම සමාගම් සියල්ල විසින් මේ වනවිට ඩොලර් බිලියන 1.7 ක් උපයනු ලැබේ. මෙම ක්‍ෂේත්‍රයේ සියලු පාර්ශවයන්ගේ එකමුතුවෙන් එළඹෙන 2025 වසර වන විට සමාගම් 1000 ස්ථාපනය කිරීමත්, රැකියා 200,000 ක් නිර්මාණය කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් ජාතික ආදයමට එක් කිරීමට අපේක්‍ෂිතය. එම අපේක්ෂාවන් යථාර්තයක් කිරීම සඳහා දිරි දෙන්නට නිෆ්ටී (NFTI) වැඩසටහන මූලිකත්වය ගෙන කටයුතු කරයි.

National Future Talent Initiative – NFTI (නිෆ්ට්) වැඩසටහන දියත් කිරීම සඳහා IT සහ BPM කර්මාන්තයට අදාළ ආයතන නියෝජනය කරන ජාතික මණ්ඩලය වන SLASSCOM ආයතනය හා අත්වැල් බැදගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, ICTA, FITIS, CSSL  හා BCS ශ්‍රී ලංකා, රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇතුළු වෘත්තිය ආයතනත් අනෙකුත් තෘතීයික සහ වෘත්තීය පුහුණු ආයතන සහ පරිත්‍යාගශීලී හවුල්කරුවන්ය.

නිෆ්ටි (NFTI) නිර්මාණය කර ඇත්තේ තාරුණ්‍යයට ඔවුන්ගේ රුචිකත්වයට ගැළපෙන IT සහ BPM වෘත්තීයකට එළඹීමට මඟ පෙන්වන වැඩසටහනක් ලෙසිනි. එය මෙම ක්‍ෂේත්‍රයේ ශ්‍රම නිර්මණයට අනෙකුත් වැඩසටහන් ඒකාබද්ධ කිරීමට කැපවූ උත්සහායකි.

මෙම වැඩසටහනේ ඉලක්ක පිළිබඳ අදහස් දැක්වූ නිෆ්ටි (NFTI) මෙහෙයුම් කමිටු ප්‍රධානී මදූ රත්නායක කියා සිටියේ “මෙම අංශයේ වෘත්තීය අවස්ථාවන් පිළිබඳවත්, කර්මාන්තයේ ආකර්ෂණීය අවස්ථා, ප්‍රතිලාභ හා ඒවා ලබා ගැනීමට ඔවුන් තුළ තිබිය යුතු කුසලතා පිළිබඳවත්, සිසුන් 100,000 දැනුම්වත් කිරීම හා BPO වෘත්තීකයන් 50,000 දැනුම්වත් කිරීම මෙම මුල පිරීමේ මූලික අරමුණ බවයි”.

ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් “අනෙකුත් ප්‍රධාන ඉලක්ක අතරට මෙම වැඩසටහනට එක්වීමේ අරමුණු ඇති අයට දැණුම ලබා දීම සඳහා කුසලතා පූර්ණ ගුරුවරු 500ක් අර්ධකාලීන ඉගැන්වීම් වලට ඇතුලත් කර ගැනීමත්, කඩිනම් රැකියා අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් පුද්ගලයන් 5000 නිදහස් රැකියා freelance අවස්ථාවන් සදහා යොමු කිරීමත්, මේ නව ආරම්භය සමඟ උත්පාදනය වන නව දක්ෂතා සහිත පිරිස් සීමාවාසික පුහුණුව සඳහා සමාගම් 200 කට අනුයුක්ත කිරීම අපගේ අනෙකුත් අභිප්‍රායන් වේ. එමෙන්ම දැණුම මූලික කරගත් කර්මාන්තයක් ලෙස ශක්තිමත් කුසලතා සහිත පූර්ණ තොරතුරු තාක්ෂණික වෘත්තීකයන් බිහි කරමින් ගෝලීය වෙළඳපොළ ජයගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත නිරිමාණය කිරීමේ මූලික අඩිතාලම ස්ථාපිත කරමින්, කුසලතා පූර්ණ සංවර්ධන ඉලක්ක සාක්‍ශාත් කරදීමට වෙහෙසෙන මෙම ජාතික වැඩසටහන හා අත්වැල් බැඳගන්නා ලෙස අප ඔබට ආරධනා කර සිටිනවා” යැයි පැවසීය.

“පසුගිය වසර කිහිපය පුරාවටම කර්මාන්තයේ අභිවෘධියට කුසලතා නිමැවුම ඉහළ නැන්වීම සඳහා වැඩසටහන් රාශියක් දියත් කළා. මෙම සියලු කාර්යයන් නිසි ලෙස ඒකාබද්ධ කරමින් එහි ප්‍රවේශය වැඩිදියුණු කිරීමට කාලය එළඹිලා කියලා අපි හිතනවා, ඒ නිසාම මෙම වැඩසටහනේ ප්‍රතිඵල ඉතා වේගයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීමට අවකාශය ලැබේවි. ඒ හරහා අත්දැකීම ලබා ගනිමින් පුළුල් විෂය පතයක සාධනීය තලයකට මෙම වැඩසටහන ගෙන එන්නට හැකියාව ලැබේවි, ඒ හරහා මෙම ක්‍ෂේත්‍රයේ දැවැන්ත බලපෑමක් අපට සිදු කිරීමට හැකිවේවි“ යැයි SLASSCOM හි සභාපති අශීක් එම් අලී මහතා අදහස් දැක්වීමට එක්වෙමින් පැවසීය.

නිෆ්ටි මෙහෙයුම් කමිටුවේ සාමාජික, GTN Technologies හි ප්‍රධාන විධායක නිලධාරී සහ GTN සමූහයේ ගෝලීය හවුල් සේවා ප්‍රධානී, අරජුන නානායක්කාර නිෆ්ටි වැඩසටහන පිළිබදව අදහස් දැක්වීමට එක්වෙමින් කියා සිටියේ “ තාක්ෂණය සඳහා ආශාවක් ඇති, ගැටළු විසඳීමට උනන්දුවක් සහ හැකියාවක් දක්වන විශ්ලේශණාත්මක මනසක් ඇති පුද්ගලයන්ට IT/ BPM ක්‍ෂේත්‍රයේ විශාල වෘත්තීය අවකාශයක් තිබෙනවා. මෙම අවස්තාවෙන් පාසැල් අධ්‍යාපනය අවසන් කළ සිසුන් , නව උපාධීධාරීන් මෙන්ම පළපුරුදු වෘත්තිකයන්ටද ප්‍රයෝජන ගත හැකියි. නිදර්ශනයක් ලෙස මූලික IT/ BPM දැණුමක් තිබෙන සෞඛ්‍ය, මූල්‍ය හා නීතිය වැනි අංශයන්හි සේවයේ නියුතු තාක්ෂණයට උනන්දුවක් දක්වන වෛද්‍යවරු, හෙදියන්, නීතිවේදීන් හා ගණකාධිකාරි හට ඔවුන් ගේ මූලික තාක්ෂණික දැණුම උපයෝගී කරගනිමින් BPM ආයතන හරහා මෙම නව්‍ය අත්දැකීම ලබාගත හැකි“ යැයි නානායක්කාර මහතා පැවසීය. 

විශිෂ්ඨ වෙළඳපොළ අවකාශයක් සහිත ගෝලීය පිළිගැනීමක් සමඟ වරප්‍රසාද බුක්ති විඳින්නට IT/ BPM කර්මානතයට පිවිසෙන්නට ඔබට මෙම වැඩසටහන හරහා අවස්ථාව උදාවේ. සුවිශේෂී කර්මාන්තයක ප්‍රමුඛයකු වී එම වෘත්තීය හරහා විදේශ විනිමය ඉපයීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදෙන්නටත් මේ හරහා අවස්ථාව හිමි වෙන අතර මෙම වැඩසටහන හරහා කුසලතා පූර්ණ මානව සම්පතක් බිහිකරමින් ඔවුන්ට නිසි මග පෙන්වීමක් ලබා දෙන්නටද මේ හරහා හැකියාවක් ලැබෙණු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments