සෞදි අරාබියේ අබා ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
ප්‍රහාරයෙන් සෞදි පුරවැසියන් දෙදෙනෙක්, බංග්ලාදේශ ජාතිකයන් හතර දෙනෙක්, නේපාල ජාතිකයන් තිදෙනෙක්, ඉන්දියානුවෙක්, පිලිපීන ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලැබූ බව අරාබි පුවත් වාර්තා කළා.
ඒකාබද්ධ ප්‍රකාශක අල්-මලිකි පැවසුවේ ගුවන්තොටුපළට, සිවිල් සංචාරකයින්ට සහ කම්කරුවන්ට එල්ල වූ ප්‍රහාරය යුද අපරාධයක් බවයි.