පසුගිය කාලසීමාව තුළ දිනපතා අඛණ්ඩව වාර්තා වුණු මරණ සංඛ්‍යාවේ සාපේක්ෂව වැඩි වීමක් සිදුව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එමෙන්ම සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳවත් ගැටලුවක් තිබෙන බවයි ඔහු සදහන් කලේ.මේ වනවිට ශ්‍රී ලංකාව තුල ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය සියයට 100ක ප්‍රතිශතයක් දක්වාම පැතිරගොස් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි
එමෙන්ම කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් නොගෙන මුව ආවරණ පමණක් පැළද වෛරසයෙන් ආරක්ෂාවීමට අපේක්ෂා කිරීම ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හමුවේ විහිලුවක් වන බවයි කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකක පිළිබද විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා කියාසිටියේ .