Monday, June 9, 2025
HomeBiz Newsනව සුවඳක් සහ තවත් විශේෂාංග රැසක් සමඟ නව Veet Pure ශ්‍රී...

නව සුවඳක් සහ තවත් විශේෂාංග රැසක් සමඟ නව Veet Pure ශ්‍රී ලංකාවට..

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වන නිෂ්පාදන සඳහා ලෝකයේ ප්‍රමුඛතම සන්නාමය වන Veet විසින් සිය නව Veet Pure නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්කර්ෂවත් අයුරින් සිදු කර නව සංධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම වැඩිදියුණු කළ Veet Pure නිෂ්පාදනය නව විශේෂාංග ගණනාවකින් පරිපූර්ණ වන අතර එය දියත් කිරීමේ උත්සවය ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවන්ස, හිටපු Miss Sri Lanka Universe රූ රුජිනක සහ ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රොසෑන් ඩයස්, කීර්තිමත් රූපලාවණ්‍ය උපදේශිකාවක සහ ව්‍යවසායිකාවක වන හසිනි ගුණසේකර වැනි ජනප්‍රිය සහ කීරිතිමත් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් අලංකාරවත් විය.

නව Veet Pure සුවිශේෂී නිෂ්පාදනයක් බවට පත් කරන විශේෂාංග අතරින් ප්‍රමුඛ වන්නේ එහි ඇති සුගන්ධයයි. එම නව සුවඳ දිගු වේලාවක් පුරා සම මත රැඳෙමින් රෝම ඉවත් කිරීමේ අත්දැකීම ප්‍රසන්න අත්දැකීමක් බවට පත් කරයි. එමෙන්ම නව Veet Pure වියලි සම සඳහා මිදි ඇට තෙල්, සාමාන්‍ය සම සඳහා පිපිඤ්ඤා සාරය සහ සංවේදී සම සඳහා කෝමාරික සාරය සමඟින් වර්ග තුනක් වශයෙන් හඳුන්වා දී ඇති නිසා කාන්තාවන්ට පහසුවෙන් සිය සමට වඩාත්ම සරිලන නිෂ්පාදනය තෝරා ගැනීමේ පහසුව සළසා දී ඇත.

මෙම නව විශේෂාංග නිසා නව Veet Pure පහසුව, ප්‍රතිඵලදායී බව, ආරක්ෂාව මෙන්ම වියදම අතින්ද රෝම ඉවත් කිරීම වෙනුවෙන් භාවිතා කෙරන අනෙකුත් සියලුම ක්‍රම වලට වඩා සාර්ථක විසඳුමක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම වියදම් අඩු නමුත් අනාරක්‍ෂිත රේසර් භාවිතය සහ ආරක්ෂිත නමුත් වියදම් අධික සහ කල්වේලා ගතවෙන සැලෝන් වැක්සින් වැනි ක්‍රමවලට සාපේක්ෂව නව Veet Pure හි ඇති ගුණාත්මක බව කැපී පෙනේ. එමෙන්ම නව Veet Pure දීර්ඝ කාලයක් පුරා කෙරුණු පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමයක සාර්ථක ප්‍රතිඵලය වශයෙන් හඳුන්වාදී ඇති නිසා එහි ඵලදායී බව, ආරක්‍ෂිත බව සහ සමට හිතකර බව ද විද්‍යාත්මකව තහවුරු කෙරී ඇත.

නව නිෂ්පාදන දියත් කිරීමේදී බොහෝ විට අනුගමනය කෙරෙන සාම්ප්‍රදායික පිළිවෙතින් ඔබ්බට ගොස් නව Veet Pure හඳුන්වාදීමේ උත්සවය උමාරියා සිංහවන්ස, රොසෑන් ඩයස් සහ හසිනි ගුණසේකර සමඟින් ජීවිතයේ අභියෝග සාර්ථකව ජයගැනීමට නූතන ශ්‍රී ලාංකික කාන්තාවට ආත්ම විශ්වාසයෙහි සහ පෞර්ෂයෙහි ඇති වැදගත්කම හා සම්බන්ධව පැවත්වුණු සාකච්ඡාවක් වශයෙන් පැවත්වීම විශේෂත්වයකි. පෙනුම සහ රෝම ඉවත් කිරීම හා සම්බන්ධ නිෂ්පාදන සන්නාමයකින් ඔබ්බට ගොස් කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ගේ සාර්ථකත්වයේ සහකරුවෙක් වීම ඉලක්ක කරගත් Veet Pure හි පුළුල් සන්නාම දැක්ම එහිදී කැපී පෙනුනි.

“රෝම ඉවත් කිරීමේ නිෂ්පාදන අතරින් Veet ලෝකයේ අවිවාදිත ප්‍රමුඛයා බවට පත් වීමට මූලික හේතුවක් වන්නේ අඛණ්ඩව නව්‍යකරණය වෙමින් පාරිභෝගිකයින්ට හොඳම නිෂ්පාදන ලබාදීම වෙනුවෙන් Veet හි ඇති කැපවීමයි. Veet Pure එළි දකින්නේ කාලයක් පුරා සිදු කෙරුණු දීර්ඝ පර්යේෂණ ක්‍රියාවලියක සාර්ථක ප්‍රතිඵලය වශයෙන්. ඒ නිසා මීට පෙර Veet Pure හඳුන්වාදුන් ලෝකය පුරා වෙනත් වෙළඳපොලවල පාරිභෝගිකයින් ඉතා ආදරයෙන් නව නිෂ්පාදනය වැළඳගෙන තිබෙනවා. Veet Pure ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ කාර්ය බහුල ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිය පෙනුම සහ නීරෝගීබව පවත්වා ගෙන යාම සඳහා වියදම් අඩු නමුත් ප්‍රථිඵල අතින් ඉහළ විසඳුම් අත්‍යවශ්‍යව තිබෙන සමයක. ඒ නිසා Veet Pure ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතර ඉක්මනින් ජනප්‍රිය වනු ඇති බව අපට විශ්වාසයි” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ සෞඛ්‍යය හා සම්බන්ධ නිෂ්පාදන කාණ්ඩය මෙහෙයවන අලෙවි කළමනාකාරිණී චතුරිකා ෆොන්සේකා මෙනෙවිය පැවසුවාය.

“රෝම ඉවත් කිරීම සඳහා හොඳම විසඳුම වශයෙන් Veet හැමවිටම කීර්තියක් දිනා තිබුණ සන්නාමයක්. නව Veet Pure අඩු වියදමකට ආරක්ෂිතව හොඳම ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් Veet ලබා තිබූ එම කීර්තිය තවත් ඉහළට ගෙන යන නිෂ්පාදනයක්. නව සුවඳ සහ ස්වභාවික සාරයන්ට අමතරව නව Veet Pure හි වැඩිදියුණු කළ සංයෝගය සමට හිතකර බවට තහවුරු කර ඇති අතර දිගු කාලයක් පවතින සුමුදු බවක් සමට ලබා දෙමින් මැරුණු සම ඉවත් කිරීමටත්, සමෙහි තෙතමනය රඳවා ගැනීමටත් උපකාරී වීම වැදගත්. මේ සියලුම කාරණා නිසා නව Veet Pure රෝම ඉවත් කිරීමේ අත්දැකීම ඉතා ප්‍රසන්න අත්දැකීමක් බවට පත් කර තිබෙනවා” යැයි සිය නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී අංජලීකා මහින්දපාල මෙනෙවිය පැවසුවාය.

පෙනුම හා බැඳුණු විවිධ නිර්ණායකයන්ගෙන් ඔබ්බට ගොස් නූතන ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීම ඉලක්ක කරගත් නව Veet Pure රෙකිට් බෙන්කිසර් සමාගමේ පුළුල් විකිණුම් ජාලය හරහා දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයින් හට නව නිෂ්පාදන බෙදා හැරීමට කටයුතු යොදා ඇත. වර්ග 3 ටම අයත් නව Veet Pure නිෂ්පාදන ග්‍රෑම් 30 සහ 50 ඇසුරුම්වලින් පහසු මිලකට ලබා ගැනීමට හැකියාව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments

Film_full_hd_znEn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ritualnye_uslugi_scMa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
jarvi_korm_ppSn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
abhaziya_otdyh_poPa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
datasets_yqKi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_qwMr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
lizingovyy_agregator_dvmt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_esSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_tqOn on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_fxSa on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_jwOn on Prima KottuMee re-launch…..
dushevyye_ograzhdeniya_essl on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
magazin_shin_kvKa on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
arenda_yahty_xjen on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
stroitelstvo_derevyannyh_domov_jber on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_bluzi_ctor on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
damski_teniski_zppr on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
sportni_екипи_qaki on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
kypit 1s v moskve_bqOr on Prima KottuMee re-launch…..
kypit 1s v moskve_xuOr on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_dgsl on Prima KottuMee re-launch…..
syhie transformatori kypit_txsl on Prima KottuMee re-launch…..
damski_komplekti_ppEt on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Iluvpornovideo on Prima KottuMee re-launch…..
stroitelstvo_derevyannyh_domov_xgPn on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
rokli_wiOi on JKP partners with AGC[MW1]  Innovate to pave a sustainable future for Sri Lanka’s construction sector[LP2] 
Ysilenie konstrykcii_vgPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_cust on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_hzPa on Prima KottuMee re-launch…..
Ysilenie konstrykcii_stst on Prima KottuMee re-launch…..